News Category
From Date
To Date
Maximum Number of Result

මේ වසරේ පනවා ඇති බදුවල කිසිදු අඩු කිරීමක් සිදු නොකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

තමන් දේශපාලන සහ සිවිල් අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් අත්අඩංගුවේ රඳවා ගැනීමේ සූදානමක් ඇති බව පිවිතුරු හෙළ උරුමෙන් නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

හිටපු රාජ්‍ය අමාත්‍ය දයා ගමගේ මහතාට අයත් බවට කියන ව්‍යාපාරික ආයතන තුනක් වෙන්දේසියට නියමව තිබේ.

ජාතික ජනබල වේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්වී මිණිපේ ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවා තිබේ.

උතුරේ පොලිස් ස්ථාන 10කට පමණ ප්‍රහාරයක් එල්ලකරන බවට කන්කසන්තුරේ පොලිස් ස්ථානයට නිර්ණාමික දුරකථන ඇමතුමක් ලැබී තිබේ.

මේ වන විට ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන යුදමය වාතාවරණය මෙන්ම විශේෂයෙන් ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත පැමිණ ඇති නව ලෝක යුධ වාතාවරණය මගින් ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝග පිළිබඳව ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ් මහත්මිය විසින් කරුණු දක්වා තිබේ.

කන්කසන්තුරෙයි සහ තමිල්නාඩුවේ නාගපට්ටිනම් අතර මගී තොටුපළ සේවාවට සහාය වීම සඳහා තවත් වසරක් වෙනුවෙන් රුපියල් මිලියන 300ක මූල්‍ය ආධාරයක් ලබා දීමට ඉන්දියාව තීරණය කර තිබේ.

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ඊයේ(13) ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර, එයට ටෙහෙරානය ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයකින් ප්‍රතිචාර දැක්වීය. මේ අතර බටහිර ජෙරුසලම පැවසුවේ මෙම ප්‍රහාර ටෙහෙරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීම වැළැක්වීම අරමුණු කරගත් බවයි.

දොස්තර සාෆි ඇත්තටම නිදහස් ද ? සාෆි නිදහස්ද ?, තිබ්බේ නඩුවක්ද ? විමර්ශනයක්ද ?, මේ සම්බන්ධයෙන් යූ ටියුබ් නාලිකාවක් සමග සංවාදයකට එක වෙමින් කාලීන සමාජ, ආර්ථික හා දේශපාලන සංසිද්ධීන් පිළිබඳ විශ්ලේෂක නීතිඥ චානක අබේවික්‍රමගේ මහතා පවසන්නේ සාෆිට විරුද්ධව පැවතියේ නඩුවක් නොව විමර්ශනයක් බවත්ය.


ප්‍රධාන පුවත්

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ

කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.

"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට ඇමතුමක් ලබාදී හමුවන ලෙස දැන්වූ බවත්, එහිදී උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේව අත්අඩංගුවට ගත් පසු සිවුර ගැලවීම අනිවාර්යෙන් සිදුකරන බව යැයිද, කළින්ම උන්වහන්සේ මේ පිළිබඳව දැනසිටි බවත්, තමන් සමග මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කතා කළ බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා හෙළිදරව්වක් සිදුකරමින් පවසයි.

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීම සඳහා විශාල ආධාර මුදලක් ඉදිරියේදී ඉන්දියානු රජයෙන් ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..

මාලිමාවට රැවටී තමන් වහන්සේද මාලිමාවට ඡන්දය දුන් බවත්, රට හදනවා කියා, උගන්ඩාවේ සල්ලි ගේනවා කියා, දූෂණ වංචා නොකරනවා කියා, ජනතාවට නැති කිසිවක් අපිට එපා කියා, ජනතාව අන්දවා ඡන්දය ගත් හැටි අද හොඳින් අවබෝධවී ඇති බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.

රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි

ඇමරිකාව සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මතු වී ඇති දැඩි ඉන්ධන හිඟයට විසඳුමක් ලෙස, රුසියාව සහ එක්සත් ජනපදය අතර සුවිශේෂී සහ ඓතිහාසික බලශක්ති ගිවිසුමකට එළඹ තිබේ.

2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..

කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලට දානපතියන්ගේ පරිත්‍යාග ඉල්ලා සිටින ලේඛන රෝහලේ වෙබ් අඩවියේ පසුගිය ඔක්තෝබර් මස 5 දා දක්වා ප්‍රදර්ශනය කර තිබූ බවත්, මේ පිළිබඳව ජනමාධ්‍යයට පැවසූ පසු එම වෙබ්අඩවිය අවහිර කර සෞඛ්‍ය අමාත්‍යවරයාත් අදාළ රෝහලේ අධ්‍යක්ෂකවරයාත් මෙම වෙබ් අඩවියේ ඇත්තේ 2022 වසරට අයත් තොරතුරු බවට පවසන බවත්, එහෙත් 2026 ඔක්තෝම්බර් 5 දක්වා තොරතුරු මෙහි අන්තර්ගතව තිබූ බව සාක්ෂි සහිතව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළ බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ තීරණය ගනු ලැබුවේ මහා සංඝරත්නය, අමාත්‍යවරුන් සහ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති පුළුල් සාකච්ඡාවලින් අනතුරුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.