හිටපු අගවිනිසුරුවරිය අන්තර්කාලීන නායිකාව ලෙස පත් කරන ලෙස නේපාල විරෝධතාකරුවෝ යෝජනා කරති
නේපාල විරෝධතා ව්‍යාපාරයේ තරුණ නායකයින් හිටපු අගවිනිසුරු සුෂිලා කාර්කි රටේ අන්තර්කාලීන අගමැතිනිය ලෙස කටයුතු කිරීමට යෝජනා කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ සංගමයේ ලේකම් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය ඊයේ(10) වාර්තා කළේය.
විරෝධතා ව්‍යාපාරයට සහභාගී වූවන් 300 ත් 400 ත් අතර සංඛ්‍යාවක් සහභාගී වූ පැය හතරකට ආසන්න කාලයක් අන්ත්රජාලය භාවිතයෙන් පැවැත්වූ රැස්වීමකින් පසුව මෙම තීරණය ගත් බව නේපාල ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි. 73 හැවිරිදි කාර්කි, නේපාලයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු අගවිනිසුරුවරිය වන අතර එම තනතුර දැරූ එකම නේපාල ජාතික කාන්තාවද වේ.
ඉන්දියාව පදනම් කරගත් Cණ්ණ් ණෙව්ස්18 වෙත අදහස් දක්වමින් කාර්කි පැවසුවේ අන්තර්කාලීන රජයේ ක්ෂණික අවධානය යොමු වන්නේ විරෝධතාවලින් මියගිය අයට ගෞරව කිරීම සහ දූෂණය මැඩපැවැත්වීම ඇතුළු විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් විසඳීමට බවයි.
හිමාලයානු ජාතිය පුරා ප්‍රචණ්ඩකාරී විරෝධතා මධ්‍යයේ කේපී ෂර්මා ඔලි අඟහරුවාදා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් දිනකට පසුව මෙම තත්වය උද්ගත වූ බව පැවසේ. දින දෙකක විරෝධතා අතරතුර, විරෝධතාකරුවන් සිය ගණනක් අගමැති කාර්යාලයට කඩා වැදුනු අතර ශ්‍රේෂ්ඨාධිකරණයට සහ පාර්ලිමේන්තු ගොඩනැගිලිවලට ගිනි තබා, ජ්‍යෙෂ්ඨ නායකයින් කිහිප දෙනෙකුගේ නිවාස විනාශ කළහ.
නේපාලයේ සෞඛ්‍ය හා ජනගහන අමාත්‍යාංශය බදාදා ප්‍රකාශ කළේ මරණ සංඛ්‍යාව 30 දක්වා ඉහළ ගොස් ඇති බවයි. අමාත්‍යාංශයට අනුව, රට පුරා පැවති විරෝධතා අතරතුර පුද්ගලයින් 1,033 දෙනෙකු තුවාල ලබා ඇත.
කත්මණ්ඩුහි බලධාරීන් පැවසුවේ අරාජිකවාදීන් සහ අපරාධකරුවන් විරෝධතාවලට රිංගා ඇති බවත්, ගිනි තැබීම්, කොල්ලකෑම්, දේපළ විනාශ කිරීම්, ඉලක්කගත ප්රචණ්ඩත්වය සහ ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බවත්ය. “විරෝධතා මුවාවෙන් සිදු කරන ඕනෑම අපරාධ ක්‍රියාවකට එරෙහිව නඩු පවරනු ලබන අතර, ආරක්ෂක අංශ වැරදිකරුවන්ට එරෙහිව දැඩි පියවර ගනු ඇත.” නේපාල හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
මේ අතර, මුදාවේ ඇඳිරි නීතිය නිවේදනය කිරීමට පැය කිහිපයකට පෙර, තරුණ ස්වේච්ඡා සේවකයින් බදාදා උදෑසන පිරිසිදු කිරීමේ ව්‍යාපාරයක් සඳහා වීදි බැස සිටිනු දක්නට ලැබුනු බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේය. පිරිසිදු කිරීම් සංවිධානය කර මාර්ගගත සමාජ ජාලා ඔස්සේ ප්‍රවර්ධනය කරනු ලැබ තිබුණි.
ඇඳිරි නීතිය අතරතුර, ගිලන් රථ, අවමංගල්‍ය රථ, ගිනි නිවන රථ සහ සෞඛ්‍ය සේවකයින් සහ ආරක්ෂක නිලධාරීන් විසින් භාවිතා කරන වාහන වැනි අත්‍යවශ්‍ය වාහන පමණක් ධාවනය කිරීමට අවසර දෙනු ලැබ තිබුණි. එලෙසම සහාය අවශ්‍ය පුරවැසියන්ගෙන් දේශීය ආරක්ෂක නිලධාරීන් සමඟ සම්බන්ධීකරණය කරන ලෙස හමුදාව ඉල්ලා සිටියේය. සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිවේදනයකට අනුව, දින දෙකක් වසා දමා තිබූ නේපාලයේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඊයේ(10) උදෑසන නිල වශයෙන් නැවත විවෘත කරන ලදී.
Nepal’s protesters propose ex-chief justice as interim leader
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..