News Category
From Date
To Date
Maximum Number of Result

පසුගිය 2020 සහ 2021 වර්ෂවල කන්න කිහිපයක දී වරින්වර මිලදී ගත් වී තොග අතුරුදන්වීමක් සිදුව ඇති බවට වී අලෙවි මණ්ඩලයේ සේවකයින් පිරිසක් කෘෂිකර්ම අමාත්‍යවරයා වෙත පැමිණිලි කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ පෙරවරුවේ සිදු කරන ලද කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කනස්සල්ලට පත්ව ඇති බව වාර්තා වේ.

නැගෙනහිර පළාතේ දිවුලපොතාන ඇතුළු ගම්මාන කිහිපයක වෙසෙන සිංහල ජනතාව පළවා හැරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්‍යම් හා නැගෙනහිර පළාත් වර්තමාන ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් යන අය විසින් දැඩි උත්සාහයක නිරතවී සිටින බව පෙන්වා දෙමින් පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් විසින් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබේ.

චීන ජනාධිපති ෂී ජින්පින් මහතාගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 17-18 දෙදින චීනයේ බීජිං නුවර පැවති "ජාත්‍යන්තර සහයෝගිතාව සඳහා වන 3 වැනි එක් තීරයක් සහ එක් මාවතක් සමුළුවට(The 3rd Belt and Road Forum for International Cooperation)" උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සහභාගී විය.

නැගෙනහිර පළාතේ දිවුලපොතාන ඇතුළු ගම්මාන කිහිපයක වෙසෙන සිංහල ජනතාව පළවා හැරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්‍යම් හා නැගෙනහිර පළාත් වර්තමාන ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් යන අය විසින් දැඩි උත්සාහයක නිරතවී සිටින බව පෙන්වා දෙමින් පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් විසින් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබේ.

පසුගිය ඔක්තෝබර් 07 වනදා හමාස් සංවිධානයේ සටන්කාමීන් විසින් ඊශ්‍රායල සිවිල් ජනයා ඉලක්කකර ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ඊශ්‍රායලය ගාසා තීරයට කඩා වැදී සාමාන්‍ය වැසියන්ගේ ජීවිත හානි නොතකා හමාස් සංවිධානයේ සාමාජිකයින් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරනු ලැබුවා.

අමාත්‍යවරු කිහිපදෙනෙකුගේ අමාත්‍යාංශ වෙනස්කර තිබේ.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ දිවයිනේ බොහෝ ප්‍රදේශවල මේ වන විට බෝවන රෝග තුනක් පැතිර යමින් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

කෝටිපති ව්‍යාපාරික ලලිත් කොතලාවලගේ මරණය සැක සහිත බවට ඔහුගේ බිරිඳගේ වැඩිමහල් සොහොයුරිය වූ, 84 හැවිරිදි ෂෙරින් ප්‍රනාන්දු ප්‍රකාශයක් ලබා දෙමින් පැවසුවේ යැයි බම්බලපිටිය පොලිසිය පවසයි.


ප්‍රධාන පුවත්

නියෝජ්‍ය ඇමතිගේ කථාවට අගමැතිනියත් අප්‍රසාදයෙන්

නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා විසින් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය අනුමත නොකරන බව අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවාය. ඇය වැඩිදුරටත් පවසා සිටියේ, ඊයේ සිදු වූ දේ සිදු නොවුණානම් හොඳ බ

පොලිස්පතිගෙන් කොමිසමට දොස්

පොලිසියේ අභ්‍යන්තර පාලනයට පොලිස් කොමිෂන් සභාව යොමුවීම හේතුවෙන් පොලිසියේ පාලන කටයුතු කරගෙනයාමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවැසීය. පත්කිරීම, විනයානුකූලව කටයුතු කිරීම සහ ස්ථාන මාරු කිරීම පොලිස්පතිවරයාට සිදුකළ නොහැකි නම් එම පොලිස්පතිවරයා නාමික පොලිස්පතිවරයකු වන බවත් එහිදී පොලිස්පතිවරයාට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට බාධාවක් වන බවත් ප්‍රියන්ත වීරසූරිය මහතා පැවැසීය.

අවි බලය වෙනුවට මෘදු බලය.... USAID සල්ලි හුටපටයේ තිත්ත ඇත්ත (වීඩියෝ)

USAID සංවිධානය පිහිටුවන ලද්දේ අමෙරිකාවට බරපතළ හිසරදයක් වී තිබූ සෝවියට් දේශයේ ක්‍රියාකලාපය පාලනය කිරීම සදහා බවත් 1961 දී ඇමෙරිකානු ජනාධිපති ජෝන් එප් කෙනඩි ජනාධිපතිවරයා‌ගේ ඍජු මැදිහත්වීම යටතේ මෙම ආයෙනය පිහිටුවා ඇති බවත්, එතෙක් කලක් අවි බලයෙන් ඇමෙරිකානු අධිපත්‍ය පැතිරවීම වෙනුවට මෘදු ආකාරයෙන් ඇමෙරිකානු බලය ලෝකය පුරා පැතිරවීම මෙහි අරමුණ බවත් ධර්ම ශ්‍රී කාරියවසම් මහතා පවසයි.

ට්‍රම්ප්ගේ ගේම් පෑලැන් එකට අනුව ජාතික බලවේගත් ගොනාට අඳින්න පුළුවන් - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ඇමරිකානු ආධිපත්‍ය ලෝකය පුරා පැතිරවීම සඳහා මුල් යුගයේදී CIA සංවිධානය යොදාගත් නමුත් වඩා දියුණු ලෙස ලෝක ප්‍රජාව ගොනාට අන්දමින් එම න්‍යාය පත්‍රය ඉදිරියට ගෙනයාම සඳහා 1961 දී USAID සංවිධානය පිහිටු වූ බවත් ඉන්පසු එම ක්‍රියාවලිය වඩා ඉලක්ක සහගතව කිරීම සඳහා 1983 NED නැමති සංවිධානය සහ ඊට අනුබද්ධ සංවිධාන ජාලය පිහිට වූ බව ජාතික සංවිධානය එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.

රටේ ආරක්ෂක තත්ත්වය ගැන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක්

රට තුළ පවතින පාතාල කල්ලි ගැටුම් පාලනය පිළිබඳ සහ රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් මේ වනවිට පැවැත්වෙයි.

තරුණ සේවා සභාවේ කෝටි 18ක් ජනාධිපතිවරණ ඡන්ද වැඩට අරන්... කෝප් කමිටුවේදී හෙළිවෙයි

ජාතික තරුණ සේවා සභාවේ උත්සව සහ වැඩසටහන් කිහිපයක් වෙනුවෙන් වෙන්කර තිබූ රුපියල් කෝටි 18 කට වැඩි මුදලක් පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් වියදම් කර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප්) තොරතුරු අනාවරණය විය.

ස්වෛරීභාවය සහතික නොකර අපගේ මව්බිම වන රුසියාවේ ආරක්ෂාව, රටේ අභ්‍යන්තර සංවර්ධනය වෙනුවෙන් හිතකර කොන්දේසි නිර්මානය කළ නොහැකියි-ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ විශේෂ ආරක්ෂක නිලධරී කර්නල් නිකොලායි බෙලියන්කින්

ස්වෛරීභාවය සහතික නොකර අපගේ මව්බිම වන රුසියාවේ ආරක්ෂාව, රටේ අභ්‍යන්තර සංවර්ධනය වෙනුවෙන් හිතකර කොන්දේසි නිර්මානය කළ නොහැකි බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ විශේෂ ආරක්ෂක නිලධරී කර්නල් නිකොලායි බෙලියන්කින් මහතා පැවසීය.

මේ අය වැය IMF වට්ටෝරුවට හදපු සිරිකොතේ සුවඳ තියෙන අය වැයක් . උවිඳු විජේවීර (වීඩියෝ)

වත්මන් ආණ්ඩුව විසින් ගෙනා ආ අය වැය IMF වට්ටොරුවට හදපු සිරිකොතේ සුවඳ තියෙන අය වැයක් බව දෙවන පරපුරේ නායක උවිඳු විජේවීර මහතා පවසයි. ඔහු මේ අදහස් පළකලේ ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ් මහතා මෙසේද පැවසීය.

විද්‍යා දියණියගේ ඝාතනයට ලලිත් ජයසිංහට වසර හතරක සිරදඬුවම්

ශිවලෝගනාදන් විද්‍යා පාසල් සිසුවිය අපයෝජනය කොට ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ මහලිංගම් ශෂිකුමාර් හෙවත් '' ස්විස් කුමාර්'' නැමැත්තාට පැනයාමට උපකිරීම සම්බන්ධයෙන් චෝදනාවන්ට වරදකරු වූ හිටපු උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් අනුරුද්ධ ජයසිංහ නැමැත්තාට වසර හතරක බරපතල වැඩසහිත සිරදඬුවම් සහ මුදලින් රුපියල් 50000ක දඩමුදලක් ගෙවන ලෙස වවුනියාව මහාධිකරණ විනිසුරු එම්. එම් මිහාර් මහතා නියම කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.