News Category
From Date
To Date
Maximum Number of Result

බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍ය ග්‍රාන්ට් ෂැප්ස් වසර පහක් ඇතුළත බටහිර රටවල් රුසියාව, චීනය, ඉරානය සහ උතුරු කොරියාව අතර ගෝලීය ගැටුමක් හටගන්නා බවට අනාවැකි පළ කර තිබේ.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට එරෙහිව විරෝධතාවයේ නිරතවූ විදුලි සේවකයින් පිරිසකගේ සේවය අත්හිටුවා ඇති බව වාර්තා වේ.

ප්‍රකට ව්‍යාපාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා ඉදිරි ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට කිසිදු සාකච්ඡාවක් මෙතෙක් පවත්වා නැතැයි එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් නායක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

බුදු දහමට නිගා වන " ටික් ටොක්" වීඩියෝ අන්තර්ජාලයට මුදා හැරියේ යැයි අත්අඩංගුවට ගෙන ඇප නියම වූ රත්නපුරේ විමල බුද්ධි නොහොත් "විශ්ව බුද්ධි මුනි" නමැති චීවරධාරියා බුදුදහමට නිගා වන වීඩියෝ පළ කිරීම යළිත් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ කරුණු දක්වමින් පැවසීය.

සියලු වෘත්තීය සමිති නියෝජිතයින් කොළඹට කැඳවා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙම සති අන්තයේදී අවසන් තීරණයක් ගැනීමට සැලසුම් කර ඇති බව අන්තර් විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති මහ සම්මේලනය පවසයි.

මාධ්‍ය සංවිධාන, සිවිල් සංවිධාන, ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා කටයුතු කණ්ඩායම්, වෘත්තීය සමිති ආදී පාර්ශ්වකරුවන් රැසක් විපක්ෂයේ ප්‍රධාන පක්ෂ ගණනාවක් සමඟ සිදු කළ සාකච්ඡාවලදී පැහැදිලි නිගමනයකට පැමිණි බවත් ඒ අනුව රජය ඉදිරිපත් කරන මාර්ගගත සුර්ක්ෂිතභාවය සම්බන්ධ පනත් කෙටුම්පත තමා ඇතුළු පිරිස තරයේ ප්‍රතික්ෂේප කර ඒ සඳහා විරෝධතාව පළ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක සියළුම දෙපාර්තමේන්තු තුළින් පසුගිය වසර තුළ සිදුවූ කාර්යභාරය සහ ඉදිරි සැලසුම් පිළිබඳව ජනමාධ්‍ය ඔස්සේ මහජනතාවට නිවැරදි අවබෝධයක් ලබාදීම සඳහා සංවිධානය කරන ලද විශේෂ මාධ්‍ය හමුවක්‌ බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සදහා මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘෘවර් (Peter Breuer) ඇතුළු කණ්ඩායමක් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් (18) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

නව විද්‍යුත් ජාතික හැඳුනුම්පතට අදාළව පුරවැසියන්ගේ ජෛවමිතික දත්ත ලබාගැනීම එළඹෙන ජුනි මාසය තුළ සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.


ප්‍රධාන පුවත්

යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්

යුද ජයග්‍රහණය සමරන මාසයේම රණවිරුව්න් දඩයම් කිරීම සඳහා පනතක් ගෙන ඒමට ඉකුත් 07 වැනිදා කැබිනට් අනුමැතිය ලබාදීම කණගාටුවට කරුණක් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..

කැනඩාව තුළ දෙමළ ජන සංහාර ස්මාරකයක් නිර්මාණය කිරීම එරට බ්‍රැම්ප්ටන් හි නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ඇගයීමට ලක්ව තිබේ.

ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටි තොරතුරු ව්‍යවස්ථාපිත කාලරාමුව තුළ ලබා නොදීම හේතුවෙන්, 2025.05.28 දින තොරතුරු කොමිසමේ පෙනී සිටින ලෙස දක්වමින් තොරතුරු කොමිසම මගින් ජනාධිපති කාර්යාලය වෙත නොතීසි නිකුත් කර තිබේ.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අත්සන් කරන ලද ආරක්ෂක සහයෝගිතා ගිවිසුම බාහිර පාර්ශ්වයක් වෙත ලබාදීමට නොහැකි බව දන්වමින් තොරතුරු නිලධාරීවරයා විසින් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබේ.

ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක

ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය නීති සංශෝධනය කරන බවත්, ජනවරමට අනුව ජාතික ජන බලවේගයට (NPP) බහුතරයක් ලැබී ඇති පළාත් පාලන ආයතනවල සභා පිහිටුවීමට අයිතියක් ඇති බවත් ප්‍රකාශ කළේය. ජනතා විමුක්ති පෙරමුණේ 60 වන සංවත්සර සැමරුමේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ජනවරම අනුව ජාතික ජන බලවේගයට පළාත් පාලන ආයතන 152 ක සභා පිහිටුවීම සඳහා පැහැදිලි බහුතරයක් ඇති බවත්, සභා 115 ක සභා පළමු රැස්වීමේ දිනයේදී පිහිටුවන බවත්ය.

රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.

චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)

ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.