News Category
From Date
To Date
Maximum Number of Result

අමෙරිකාව විසින් වෙනිසියුලාවට පහරදී වෙනිසියුලාවේ ජනාධිපති නිකොලොස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ පැහැර ගැනීම පිටුපස කියුබාවේ සම්බන්ධයක් ඇති බවට විදෙස් මාධ්‍ය විසින් පුවත් නිර්මාණය කර තිබීම සම්බන්ධයෙන් ඉන්දියාවේ කියුබානු තානාපති ජුවාන් කාලෝස් මාර්සන් අගුයිලේරා පවසන්නේ අමෙරිකාව වෙනිසියුලාවට එරෙහි මෙම ආක්‍රමණශීලී උත්සාහයෙන් පසුව, ජනාධිපති නිකොලස් මධුරෝගේ ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා බොලිවේරියානු රජයේ ආරක්ෂක කණ්ඩායමට සහාය වීම සඳහා පිරිසක් යැවූ බවය.

අමෙරිකාව විසින් වෙනිසියුලාවට සිදුකළ පහරදීම් සහ එහි ජනාධිපති නිකොලොස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු ග්‍රහණයට නතු කර ගැනීමේ සිදුවීම සම්බන්ධව මෙරටදී විරෝධතා ගණනාවක් පැවැත් වුනු අතර, මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට එම විරෝධතා සංවිධානය කර තිබිණි.

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය අද (07) සවස 05.30 වන විට පොතුවිල් සිට 570 km ක් ගිනිකොණ දෙසින්, අක්ෂාංශ 5.0°N සහ දේශාංශ 86.8°E ආසන්නයේ කේන්ද්‍රගතව පැවතුන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කැරිබියන් මුහුදේ ලුහුබැඳීමෙන් පසු එක්සත් ජනපදය උතුරු අත්ලාන්තික් සාගරයේදී රුසියානු ධජය සහිත තෙල් ටැංකියක් අල්ලා ගත් බව එක්සත් ජනපද නිලධාරීන් අද (07) පැවසීය.

වත්මන් අධ්‍යාපන ඇමතිනී හරිනි අමරසූරියගේ නායකත්වයෙන් මේ “පුනරුද රජය” හඳුන්වා දී ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් මෙරට නිදහස් අධ්‍යාපන විනාශකර, මේ රටේ නැති බැරි අහිංසක බහුතර ජනතාවගේ දරුවන්ට අධ්‍යාපනයෙන් ඉහළට එන්නට තිබෙන මාවත හා එම අයිතිය අහුරා, අක්මුල් නැති ඉතිහාසයක්, සභ්‍යත්වයක් සදාචාරයක් නොදන්නා “බමුණු කුලයකට” අධ්‍යාපනයේ මංමාවත් විවර කරන භයානක සංශෝධන ඇතුළත් කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ජාත්‍යන්තර මැදිහත්වීම මත ප්‍රවර්ධනය කරන ලද වැඩසටහන් දෙකක් වන පාසල් සඳහා විස්තීර්ණ ලිංගික අධ්‍යාපනය (CSE) සහ සේවා ස්ථානවල විවිධත්වය, සමානාත්මතාවය සහ ඇතුළත් කිරීම (DEI) ලෙස ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වේ.

නුවරඑළිය, ග්‍රෙගරිවැවේ ගොඩබැස්වීමට සුදානම් වූ සී ප්ලේන් එකක් අද (07) දින දහවල් 12.30ට පමණ කඩා වැටී තිබේ.

ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම පිණිස වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

වෙනිසියුලාවට සිදුවන ඇමරිකානු අත පෙවීම්වලට එරෙහිව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ඇතුළු තවත් වාමාංශික පක්ෂ කිහිපයක් එක්ව සංවිධානය කළ විරෝධතාවය ඊයේ (6) කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට දී පැවැත්විණි.


ප්‍රධාන පුවත්

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.