News Category
From Date
To Date
Maximum Number of Result

ඉහළින් ඕඩර්ස් ආවට වධ දෙන්න යන්න එපා.. දවසක අමාරුවේ වැටෙයි.. - නීතිඥ මනෝජ් ගමගේ

Jun 9, 2026 at 12:26 PM
|

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන අතරතුර ඔහුට දැවැන්ත ලෙස කෲර වධහිංසා පමුණුවන බව වෛද්‍ය වාර්තා මගින් තහවුරු වී ඇති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි වගන්තිය මගින් කෲර වධහිංසා පැමිණවීම වරදක් ලෙස පැහැදිලිවම දක්වා තිබෙන බවයි ඔහු සඳහන් කළේය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය,

''දැන් මෙතනදී බොහෝ දෙනාගේ අවධානය යොමු නොවුණු කාරණා කිහිපයක් පිළිබඳව තමයි මා අවධානය යොමු කරන්න උත්සාහ කරන්නේ. විශේෂයෙන්ම අපි දන්නවා මෙය මේ විට එළිවෙලා තියෙනවා අධිකරණ හමුවේදී වෛද්‍ය වාර්තා අනුව ස්වාධීනව මෙම සුරේෂ් සලේ මහතාට දැවැන්ත ලෙස කෲර වද හිංසනයට සීඅයිඩිය තුළ භාජනය කරනවයි කියන කාරණය. මෙය ඉතාමත් බරපතල තත්වයක් වන්නේ, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එකොළොස්වෙනි වගන්තියේ කෘර වද හිංසනය කියන දේ ඉතා පැහැදිලිව දක්වලා තියෙනවා වරදක් විදියට. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් වෙනත් අපරාධ නීති සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහය තියෙනවා.

හැබැයි කෲර වද හිංසනය කියන දේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට රටේ උත්තරීතර නීතියට ඇතුලත් කරන හේතුව මොකක්ද? ඒ උත්තරීතර නීතියට ඒක ඇතුලත් කරන හේතුව තමයි මේ කියන නීතිය කිසිසේත්ම කිසිවෙකුටත් බලය කඩ කිරීමේ අයිතියක් නෑ. එහෙමනම් සීඅයිඩී එකට හෝ මේ රටේ ජනාධිපතිතුමාට හෝ එහෙම නැත්නම් වෙනත් කවර පාර්ශවයකට හෝ කෘර වද හිංසනය අනුමත කරලා, එහෙම නැත්නම් වද හිංසාවට මිනිහෙක් භාජනය කරලා, තමන්ට අවශ්‍ය දේ දැනගන්නකන් ඒ මිනිහට වද දෙන්න අයිතියක් නෑ.

ඒ විතරක් නෙමෙයි මෙහි තිබෙන බරපතලම කාරණය මා මේ අවස්ථාවේදී හෙළිදරව් කරන්නම්. මේ කෘර වද හිංසනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කෘර වද හිංසනය පිළිබඳ සම්මුති පනතක් තියෙනවා. මේ සම්මුති පනතට ශ්‍රී ලංකාව අත්සන් තියලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනත කියලා තවත් පනතකටත් ශ්‍රී ලංකා රාජ්‍ය අත්සන් කරලා තියෙනවා. එහෙම නම් මේකේ තියෙන බරපතලකම කුමක්ද?

අපි අනුර කුමාර ජනාධිපතිතුමාට සිහිපත් කරලා තිබෙනවා. ඔබතුමත් මෙහි පාර්ශවයක් බවට දැන් පත්වෙනවා. මොකද හේතුව එතුමා මේක අධිකරණ නියෝගයක් මත රඳවා ගැනීමක් නෙමෙයි මේ සිද්ධවෙන්නේ. ඩී ඕ ගහලා, රඳවාගැනීමේ නියෝග මත, ජනාධිපතිවරයාගේ රඳවාගැනීමේ නියෝග මත තමයි මේ දේ සිද්ධවෙන්නේ. එහෙමනම්, මේ ගැන දැන දැන වෛද්‍යවරු කියද්දී ඔහුට බරපතල හිංසනයන් සිද්ධ වෙලා තියෙනවා, අමානුෂික සැලකිල්ලට භාජනය වෙලා තියෙනවා, මානසිකත්වය කඩා වැටිලා තියෙනවා කියලා. රටේ ජනාධිපතිවරයා විදිහට ඒ පිළිබඳව නිහඬව සිටීමත් මේ අන්තර්ජාතික සම්මුතීන් උල්ලංඝනය කිරීමක් විදියට තමයි අපි දකින්නේ.

ඒක නිසා අපි අවධාරණය කරන්න කැමතියි යම් දවසක මේ කරපු කෲර වද හිංසනයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙද්දී මතක තියාගන්න ජනාධිපතිවරයාගේ ඉඳන් සීඅයිඩී එකේ මේකට සම්බන්ධ සියලුම නිලධාරීන්ට යම් දවසක නීතියට උත්තර බඳින්න සිද්ධ වෙනවා. අපි වරදක් කරන කෙනෙකුට තියෙන අවම දඬුවම අවුරුදු හතක සිර දඬුවම්. අවම දඬුවම අවුරුදු හතයි. උපරිම දඬුවම අවුරුදු දහයයි. මෙතෙන්දි ඉතා වැදගත් කාරණයක් කියනවා. මොකක්ද? ඒ පනතේ තුන ආ වගන්තියේ කියනවා උසස් නිලධාරීන් රාජ්‍ය අධිකාරියක් විසින් නියෝග දුන්නා කියලාවත් කිසිම මනුස්සයෙකුට වද හිංසා කරන්න බෑ. ඒක නිසා අපි සී අයි ඩී නිලධාරීන්ට මතක් කරනවා. කොහෙන් හරි ඕඩර්ස් ආවා කියලා කියන්න බෑ මිනිහෙකුට වද දෙන්න. ඒ මොන දේ කිව්වත් ඒවා විත්ති වාචකයක් නෙමෙයි කියලා මේ පනතේ ඉතා පැහැදිලිව කියලා තියෙනවා. එහෙම නම් මනුස්සයෙකුට කෘර වද හිංසා දීලා, තමන්ගේ දේශපාලන ඇරියස් එක පිරිමහා ගන්න. තමන්ට අවශ්‍ය දේශපාලන පුද්ගලයන් දඩයම් කරගන්න කොහොමින් හරි ඒ අවශ්‍ය නමක් ගන්නකන් මිනිහෙකුට අමානුෂික ලෙස වද හිංසා දීම කිසිසේත් අනුමත කරන්න පුළුවන් කාරණයක් නෙමෙයි.

ජාත්‍යන්තර නීති යටතේ බරපතල වරදක් සිද්ධ වෙනවා මේ රට තුළ. ඉතාමත් පැහැදිලිව අපි අනාගතයේ බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපි පක්ෂය මැදිහත් වෙලා මේ පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමටත්, ඒ වගේම ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයටත් මේ සම්බන්ධයෙන් විශේෂ පැමිණිලි කිහිපයක් ඉදිරිපත් කරන්න. මොකද මෙවැනි රාජ්‍යයක්, රාජ්‍යයක තියෙන පරම වගකීම් විදිහට එක්සත් ජාතීන්ගේ සම්මුතිය දක්වා තිබෙනවා. මිනිහෙකුට කූර හිංසාවට භාජනය නොවීමට වගබලා ගැනීම.

එහෙමනම් ශ්‍රී ලංකා රාජ්‍ය දැන් බාබේරියන් යුගයකට එහෙම නැත්නම් අර මිලේච්ඡයන්ගේ යුගයකට නැවතත් යමින් පවතිනවා. තමන්ට ඕන දේශපාලන හෙන්චයියන්ට, පොලීසියේ ඉහළ තනතුරු දීලා, තමන්ට ඕන මිනිස්සු දඬුවම් කරන්න. අහිංසක රණවිරුවන්ව අත්අඩංගුවට අරගෙන, කන්න බොන්න දෙන්නේ නැතුව, දැඩි ලෙස වධහිංසා දීලා, එහෙම බැරිවුණාම ඔහුව පුළුවන් නම් මැරෙනකන් ඉන්න ඉඩ අරින්න තත්වයට මේ රට පත්වෙලා තියෙනවා. මතක තියාගන්න, අපි මාලිමා මතක් කරන්න කැමතියි මේක අසූ අට අසූ නමය යුගය නෙමෙයි. මානව හිමිකම් වලට ගරු කරන යුගයක්.

එහෙමනම් ඔබ මේ මාලිමා රජය මේ වන විට එක්සත් ජාතීන්ගේ විශ්ව ප්‍රකාශයේ තියෙන බරපතලම කොන්දේසිය තමයි වද හිංසනය වැලැක්වීම. සියලුම රාජ්‍යයක අත් නොහළ හැකි වගකීමක් කියන දේ. කිසිම රාජ්‍යයකට අත්හරින්න බෑ. වද හිංසාවෙන් තියෙන ආරක්ෂා මනුස්සයෙකුට. එහෙම නම් එක්සත් ජාතීන්ගේ සම්මුතිය බරපතල ලෙස උල්ලංඝනය කරනවා මේ රටේ රජය විසින් දැන් මේ වන විට. ඒ විතරක් නෙමෙයි එක්සත් ජාතීන්ගේ කෘර වද හිංසාවට එරෙහි සම්මුතියට අත්සන් කරපු රටක් වශයෙන් ඒ නීති උල්ලංඝනය කරනවා.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනතට අත්සන් කරපු රටක් වශයෙන් ඒ ජාත්‍යන්තර නීතිය අපි උල්ලංඝනය කරනවා. ඉතින් ඒක නිසා අනුර කුමාර ජනාධිපතිතුමනි, ජනාධිපති ධූරය කියන්නේ සක්විති රජකම නෙමෙයි හැමදාම තියෙන. ඒක නිසා මතක තියාගන්න ඔබතුමා නීතියට යටත්. ඔබතුමා මේ බලයට එන්න ඉස්සෙල්ලා කියපු දේ තමයි ජනාධිපතිවරයා නීතියට යටත් කියන දේ. එහෙම නම් ජනාධිපතිතුමනි, මිනිහෙකුට කෲර වධහිංසා කරන්න ඉඩ දීලා තමන්ගේ අත්සන යොදලා ඒ මිනිහට තව වධ හිංසා දෙන්න කාලය දික් කරලා දුන්නට ඒකට ඔබතුමාටත් යම් දවසකදි නීතියට උත්තර බඳින්න වෙනවා.

ඒ විතරක් නෙමෙයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පොලිසියේ නිලධාරීන්ට අපි කියනවා මේ ඔබට මා කියපු නීති රීති අනුව මතක තියාගන්න ඉහළින් ඕඩස් ආපු පලියට මේවා කරන්න යන්න එපා. මොකද දවසක මේ සලේට වඩා අමාරුවේ වැටෙන්න සිද්ධ වෙනවා මේවට අනුබල දෙන මේ සියලුම නිලධාරීන්ට. සලේව රඳවාගෙන සිටි අංශයේ සියලුම නිලධාරීන්ට මේ කූර වද හිංසනය ගැන දවසක උත්තර බඳින්න සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා අපි කියන්න කැමතියි අපි දැඩි ලෙස හෙළා දකිනවා. මේ ක්‍රියාදාමය පිළිකුල්, මිලේච්ඡ බාබේරියන් යුගයට යන ක්‍රියාදාමයක් විදිහට තමයි අපි මේක දකින්නේ.''

සම්බන්ධිත පුවත් | Related News

උතුරු පළාතේ පැවති සියලුම හමුදා මුරපොළවල් මේ වන විට සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති අතර, එමගින් ප්‍රදේශයේ ජනතාවට කිසිදු බාධාවකින් තොරව නිදහසේ ගමනාගමන කටයුතු සිදු කිරීමට අවස්ථාව සැලසී ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු රජයේ දැඩි අවධානය යොමු විය යුතු බව අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසති.
සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනත් නඩු සඳහා අධිකරණවලට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේ චීවරය සහිතව ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (08) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ අද (08) කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඉදිරිපත් නොකිරීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා ඇප මත මුදාහැර තිබේ.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කර සිරකරු ඇඳුම් ඇන්දවීම බුද්ධාගමට මෙන්ම ආගමික නිදහසට එල්ල කළ බරපතළ අභියෝගයක් බවත්, එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි සහ 10 වැනි වගන්ති උල්ලංඝනය කර ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.
රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.
සැප්තැම්බර් 17 වන දින "යුක්‍රේන නව-නාසිවාදීන්ගේ අපරාධ පිළිබඳ ජාත්‍යන්තර මහජන අධිකරණය" විසින් "ගොබෙල්ස්ගේ උරුමක්කාරයෝ: බුචා හි සිදුවීම් අසත්‍ය ලෙස හෙළිදරව් කිරීම සහ කියෙව් පාලනයේ ලේවැකි රඟපෑම්" යන තේමාව යටතේ විශේෂ වාර්තාවක් එළිදක්වන ලදී.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව සඳහා අත්සන් ලබාගැනීමේ කටයුතු අද ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ දයාසිරි ජයසේකර මහතා පවසයි.

ප්‍රධාන පුවත්

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිවුර දැරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් කෝට්ටේ සංඝ සභාව විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් සිදුකර තිබේ.

සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි

සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් නිව්යෝර්ක් ආණ්ඩුකාර කැති හොචුල් විසින් සමස්ත නිව්යෝර්ක් ප්‍රාන්තය සඳහාම හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.