News Category
From Date
To Date
Maximum Number of Result

පළාත් පාලන ආයතන තුළ සම්පූර්ණයෙන්ම හොරකම දූෂණය වංචාව තම පාලනය යටතේ නවතා දමන බව අමාත්‍ය කේඩී ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හැරෙන්නට අනෙකුත් අය දියවී සිටිය යුතු බවත්, ඇමතිලාද, කථානායකලා ද යන සියල්ලන්ම එසේ දියවී සිටින බවත් අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මාතලේ දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේග ආසන සංවිධායකවරුන් තිදෙනකු එම ධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි රත්තොට ආසන සංවිධායක හිටපු රාජ්‍ය අමාත්‍යය රජිත් අළුවිහාරේ මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සහ සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා අතර ඇතිවූ සංවාදයට අදාළව පරීක්‍ෂණ සිදු කිරීමට කතානායකවරයා විසින් කමිටුවක් පත් කිරීමෙන් අනතුරුව විපක්‍ෂ මන්ත‍්‍රීන් විසින් පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත ලිපියක් යොමු කර ඇත.

එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) විසින් කරන ලද ආරාධනයකට අනුව, තීරුබදුවලට අදාළ කරුණු පිළිබඳ අවධානය යොමු කරමින්, වොෂින්ටන් ඩී.සී.හි පැවැත්වෙන සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් සහභාගී වීමට නියමිතය.

හෙළ සිනමාවේ නිළි රැජින ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජූලි චුන්ග්, එක්සත් ජනපද අන්තර්ජාතික සංවර්ධන ඒජන්සියෙහි ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ක්‍රියාකාරී මොරීන් හසියා, සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සමඟ හමුවක් ඊයේ (22) පාර්ලිමේන්තුවේදී පැවැත්වීණි.

ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති අමරානන්ද අබේගුණසේකර මහතාට එරෙහිය අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවර තිබේ.


ප්‍රධාන පුවත්

ගොවි කාරක සභා අරමුදලෙන් රු. මිලියන 250ක් ගසාකාලා - ජාතික ගොවිජන එකමුතුවෙන් අනාවරණයක්..

ගොවිජන බැංකු ( නියමු ) ව්‍යාපෘතිය සහ ගොවි කාරක සභාව සදහා ගිණුම්කරණ මෘදුකාංග ලබාදීම සදහා පරිගණක ඇතුලු මුද්‍රණ උපකරණ මිලදී ගැනීමේ මුවාවෙන් රුපියල් මිලියන 250ක මහා පරිමාණ මුල්‍යමය වංචාවක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයාගේ මැදිහත්වීමෙන් සිදුවී ඇති බව ජාතික ගොවිජන එකමුතුව පවසයි.

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිගේ කෙරුවාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී එළියට.. ජනපති අනුර සභාපතිකම් දුන් හිතවතුන්ගේ විෂය දැනුම මෙන්න..

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ලෙස වර්තමාන රජය විසින් පත් කළ සුනිල් ජයරත්න මහතා සිවිල් ගුවන්සේවා අධිකාරිය සම්බන්ධයෙන් දැනුම්වත් භාවයකින් තොරව කටයුතු කිරීම හේතුවෙන් මේ වන විට අර්බුදයක් නිර්මාණය වී තිබේ.

වැඩ නොදැන වැඩට බැස්ස සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපතිවරයා අමාරුවෙ වැටුන හැටි.. ජනපති අනුර සභාපතිකම් දුන් හිතවතුන් ගැන අනාවරණයක්.. (වීඩියෝ)

සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපතිවරයා එම තනතුරට සදුසුදැයි යළි සලකා බැලිය යුතුව ඇති බව රජයේ මුදල් පිළිබඳ තාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතා පවසයි.

රජයේ වාහන රහසිගත වෙන්දේසියක්.. සැප වාහන 22ක් කුණු කොල්ලෙට විකුණලා..

උතුරු මැද පළාත් සභාව සතු සුඛෝපභෝගී වාහන විසි දෙකක් රහසිගතව ටෙන්ඩර් කැඳවා අඩුමිලට වෙන්දේසි කර ඇති බවට අපි පුරවැසියෝ සංවිධානය චෝදනා කරයි.

අනුරගේ කතාවට ‌ෆොන්සේකාටත් රිදිලා

ජාතික රණවිරු සැමරුම් උත්මයයේදී ජනාධිපති අනුර දිසානායක මහතා විසින් සෑම පාර්ශ්වයක්ම සාමය වෙනුවෙන් යුද්ධ කරන බවට කල ප‍්‍රකාශයට තමන් එකඟ නොවන බවල හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

යෝෂිත සහ ඩේසි ආච්චිට එරෙහි නඩුව ගැන ඉල්ලීමක්

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ගොනුකර ඇති නඩුව ජුලි මස 11 වනදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

රට අනතුරේ හෙළන මාලිමා ආණ්ඩුවේ විදේශ ගැති ප්‍රතිපත්තියට එරෙහිව දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයෙන් විරෝධතාවක්..

ඉන්දියානු සාගරයේ භූ දේශපාලනික උපායමාර්ගක කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවට ලෝකයේ දේශපාලනික ආර්ථික සහ යුදමය වැදගත්කමක් ලැබී තිබීම නිසා ලෝකයේ බලවත් රටවල් දැඩි ලෙස ශ්‍රී ලංකාව කෙරෙහි අවදානය යොමුකර තිබේ.

යුරෝපය පුරා දෙවන ලෝක යුද ස්මාරක වැනසීමේ ක්‍රියාන්විතය සම්බන්ධයෙන් රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් වාර්තාවක්...

දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු, යුරෝපා මහාද්වීපය පුරාම දිවි පිදූ සෝවියට් සොල්දාදුවන් වෙනුවෙන් ස්මාරක 4,000 ක් පමණ ඉදිකර ඇත.

මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දු වරදකරු කරයි..

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති සහ හිටපු වෙළඳ ඇමති නලින් රුවන්ජීව ප්‍රනාන්දු යන අය එම චෝදනාවලට වරදකරු කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල වරදකරු කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.