News Category
From Date
To Date
Maximum Number of Result

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රුසියාවේ පැවැත්වෙන BRICS සමුළුවට සහභාගී නොවන්නේ කිසියම් විදේශීය බලවේගයක බලපෑම් හේතුවෙන්දැයි සමගි ජන බලවේගය පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා විමසා සිටියි.

මහ මැතිවරණය සඳහා එක් ඡන්ද දායකයකු වෙනුවෙන් අපේක්ෂකයකුට වියදම් කළ හැකි මුදල මැතිවරණ කොමිසම විසින් ඊයේ (17දා) ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කර ඇත.

‘සහජීවනය සඳහා අත්වැල් බැඳගනිමු’ තේමාව යටතේ හයවන ලෝක බෞද්ධ සමුළුව දින තුනක් පුරා චීනයේදී පවත්වා තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආනයනික භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් වනවා ඇත.

විවෘත වෙළෙඳපොළ ආර්ථිකයෙහි වැවිලිකරයේ හැර පෞද්ගලික ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන් ඔවුන්ගේ සේවක සේවිකාවන්ට වෘත්තීය සමිතියක සාමාජිකත්වය ලබා ගැනීමට හෝ ඉඩ නොදෙන බවත්, වෘත්තීය සමිති ලෙස සංවිධානය වීමට හෝ වෘත්තීය සමිති ශාඛාවක්, වෘත්තීය සිමිති සමාජිකත්වයක් ගැනීමට උත්සාහ දරන ක්‍රියාකාරීන් සේවයෙන් ඉවත්කර දැමීම සිදුකරන බවත් පෙන්වා දෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත වෘත්තීය සමිති කිහිපයක සාමාජිකයන් විසින් ලිපියක් යොමුකර තිබේ.

ජනාධිපතිවරණයට පෙර ජාතික ජන බලවේගය ජනතාවට මොනතරම් පොරොන්දු දුන්නත් බලයට පත් වූ පසුව ජනාධිපති අනුර කුමාර දිසානායක අනුගමනය කරන්නේත් රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ප්‍රතිපත්තියම බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යල ආචාර්ය ප්‍රියංග දුණුසිංහ මහතා පවසයි.

නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද අතිසුඛෝපභෝගී බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථයක් පාවිච්චි කළ බවට චෝදනා එල්ලවී සිටින හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු අතුරුදන්ව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

වප් පුර පසළොස්වක පොහොය දිනය අදට (17) යෙදී තිබේ.


ප්‍රධාන පුවත්

ගෝඨාගේ කාලයේ තෙල් අර්බුදය කෘතිමව නිර්මාණය කළ හැටි මෙන්න.. - සංඛ චන්දිම අබේවර්ධනගෙන් හෙළිදරව්වක්..

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී මෙරට ඇති වූ ඛනිජ තෙල් අර්බුදය ස්වාභාවිකව සිදු වූවක් නොව, සැලසුම් සහගතව කෘතිමව නිර්මාණය කරන ලද්දක් බව සංඛ චන්දිම අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

රට අනතුරේ හෙලමින් NATO සරණ පතන්නේ නොදන්නාකමට ද?, මෝඩකමට ද?.. - වෛද්‍ය ජී. වීරසිංහ ගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා කැනඩාවේදී NATO හමුදා ප්‍රධානීන් හමුවී, මෙරට අවි ආයුධ නවීකරණය කිරීමටත්, යුධ ගබඩා සැලසුම් කිරීමටත්, NATO සංවිධානය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තවදුරටත් ඉහළ නැංවීමටත් කළ ආරාධනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සිය දැඩි විරෝධය පළ කර සිටියි.

වෙනිසියුලාවේ ඩෙල්සි රොඩ්‍රිගස්ටත් වඩා අනුර භයානකයි.. - විමල් වීරවංශ

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දෙවසරක පාලන කාලය ලෝකයේ වෙනත් රටක පාලනයක් හා සැසඳීමේ දී හොඳම සමපාත වීම ලෙස සැලකිය හැක්කේ වෙනිසියුලාවේ අන්තර් කාලීන ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් ගේ පාලනයට බව ජානිපෙ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

"රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානකයි" - මහින්ද කියයි

මාතෘභූමියේ ආත්ම ගෞරවය සුරක්ෂිත කිරීමේ ජන සටන ඓතිහාසික අනුරාධපුර පුණ්‍ය භූමියෙන් ආරම්භ කළ බවත්, රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානක බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි..

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පරීක්ෂණයක් පවත්වන පසුබිමක, ඔහු සිය පාර්ලිමේන්තු වරප්‍රසාද සහ භාෂණයේ නිදහස උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය (CPA) වෙත නිල වශයෙන් පැමිණිලි කර තිබේ.

BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18 වැනි BRICS නායක සමුළුවේ දෙවැනි අදියරට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ දේශනයක් පවත්වා තිබේ.

මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැති ජාතික ජන බලවේගයේ දැවැන්ත ගොවි සමුළුවට එම පක්ෂයේ ප්‍රධානතම ගොවි නායකයන් දෙපළ වන කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් සහභාගි නොවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි

රටත් ජාතියත් බේරාගැනීමට උර දුන් පිරිස ‘කළු රාජ්‍යයකට’ ලඝු කරමින්, වත්මන් ආණ්ඩුවට සහය දක්වන වංචනිකයින් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.