
NGO කුමන්ත්‍රණ ගැන සොයා බැලීමට තේරීම් කාරක සභාවක් පත් කරන්න - නාමල් ඉල්ලයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් රට තුළ ක්‍රියාත්මක වන ලියාපදිංචි සහ ලියාපදිංචි නොකළ රාජ්‍ය නොවන සංවිධාන (NGO) විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස ඉල්ලා ඇති අතර, ඒවායේ අරමුදල් සහ විනිවිදභාවය පිළිබඳ ගැටළු මතුවී ඇති බව පෙන්වාදෙයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කරමින් මෙම ඉල්ලීම කළේය.
සමහර රාජ්‍ය නොවන සංවිධාන නිසි ලියාපදිංචියකින් තොරව ක්‍රියාත්මක වන අතර හෙළිනොකළ විදේශ අරමුදල් ලබාගනිමින් සිටින බව චෝදනා ක රයි.
එම ප්‍රකාශයට අනුව, නාමල් ඊයේ දින කථානායකවරයාට ලිපියක් යවමින් කමිටුව පත්කිරීම යෝජනා කරමින්, එය පත්කළහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙම කමිටුවට සහාය දක්වන බව සඳහන් කරයි.
මෙම සංවිධාන, යුද්ධයෙන් අනතුරුව නැවත පදිංචි කිරීම සහ දරිද්‍රතාවය පිටුදැකීම යන තේමාවලට මුවාවෙන් ක්‍රියාත්මක වුවද, ඒවායේ මූල්‍ය මූලාශ්‍ර සහ ක්‍රියාකාරකම් අපැහැදිලිව පවතින බව මන්ත්‍රී නාමල් ප්‍රකාශ කරයි.
“නමුත් වසර ගණනාවක් පුරා දේශීය ජනමාධ්‍ය වාර්තා මගින් මෙම රාජ්‍ය නොවන සංවිධාන සමහරක් ලියාපදිංචි නොවී ක්‍රියාත්මක වන බව පෙන්වාදී ඇති අතර, ඔවුන්ගේ අරමුදල් පැමිණෙන්නේ කොහෙන්ද යන්න පිළිබඳ කිසිදු ඉඟියක් ලබා දී නැත,” යැයි ඔහු පැවි.
ශ්‍රී ලංකාව එවැනි අනතුරු ඇඟවීම් බැරෑරුම් ලෙස ගෙන ජාතික ස්ථාවරත්වය සඳහා පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට නාමල් තර්ක කරයි.
“ඇමරිකානු රජය විසින් පැහැදිලිවම සැකයක් මතු කර ඇති විට, ශ්‍රී ලංකාව අනතුරු ඇඟවීම් පිළිබඳව විමර්ශනය කළයුතු අතර රටේ යහපත හා ස්ථාවරත්වය සඳහා පරීක්ෂණයක් පැවැත්විය යුතුය,” ඔහු තවදුරටත් පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
ට්‍රම්ප් තම වෙළඳ යුද්ධය තුළ සැබවින්ම කැමති දේ...
