NGO කුමන්ත්‍රණ ගැන සොයා බැලීමට තේරීම් කාරක සභාවක් පත් කරන්න - නාමල් ඉල්ලයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් රට තුළ ක්‍රියාත්මක වන ලියාපදිංචි සහ ලියාපදිංචි නොකළ රාජ්‍ය නොවන සංවිධාන (NGO) විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස ඉල්ලා ඇති අතර, ඒවායේ අරමුදල් සහ විනිවිදභාවය පිළිබඳ ගැටළු මතුවී ඇති බව පෙන්වාදෙයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කරමින් මෙම ඉල්ලීම කළේය.
සමහර රාජ්‍ය නොවන සංවිධාන නිසි ලියාපදිංචියකින් තොරව ක්‍රියාත්මක වන අතර හෙළිනොකළ විදේශ අරමුදල් ලබාගනිමින් සිටින බව චෝදනා ක රයි.
එම ප්‍රකාශයට අනුව, නාමල් ඊයේ දින කථානායකවරයාට ලිපියක් යවමින් කමිටුව පත්කිරීම යෝජනා කරමින්, එය පත්කළහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙම කමිටුවට සහාය දක්වන බව සඳහන් කරයි.
මෙම සංවිධාන, යුද්ධයෙන් අනතුරුව නැවත පදිංචි කිරීම සහ දරිද්‍රතාවය පිටුදැකීම යන තේමාවලට මුවාවෙන් ක්‍රියාත්මක වුවද, ඒවායේ මූල්‍ය මූලාශ්‍ර සහ ක්‍රියාකාරකම් අපැහැදිලිව පවතින බව මන්ත්‍රී නාමල් ප්‍රකාශ කරයි.
“නමුත් වසර ගණනාවක් පුරා දේශීය ජනමාධ්‍ය වාර්තා මගින් මෙම රාජ්‍ය නොවන සංවිධාන සමහරක් ලියාපදිංචි නොවී ක්‍රියාත්මක වන බව පෙන්වාදී ඇති අතර, ඔවුන්ගේ අරමුදල් පැමිණෙන්නේ කොහෙන්ද යන්න පිළිබඳ කිසිදු ඉඟියක් ලබා දී නැත,” යැයි ඔහු පැවි.
ශ්‍රී ලංකාව එවැනි අනතුරු ඇඟවීම් බැරෑරුම් ලෙස ගෙන ජාතික ස්ථාවරත්වය සඳහා පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට නාමල් තර්ක කරයි.
“ඇමරිකානු රජය විසින් පැහැදිලිවම සැකයක් මතු කර ඇති විට, ශ්‍රී ලංකාව අනතුරු ඇඟවීම් පිළිබඳව විමර්ශනය කළයුතු අතර රටේ යහපත හා ස්ථාවරත්වය සඳහා පරීක්ෂණයක් පැවැත්විය යුතුය,” ඔහු තවදුරටත් පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ