News Category
From Date
To Date
Maximum Number of Result

ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා පවසන්නේ ලංකා විදුලිබල මණ්ඩලය ලැබූ ලාභයෙන් ඉතිරිව ඇති මුදල සේවකයන්ට ප්‍රසාද දීමනා ලබාදුනහොත් ලබන ජනවාරි සිට ජූලි දක්වා මාස හයේ එන දැවැන්ත ඉඩෝරයේදී විදුලි අර්බුදයට මුහුණ දීමට අවශ්‍ය ප්‍රතිපාදන සැලසිය නොහැකි වනු ඇති බවයි.

ප්‍රකෝටිපති ගෞතම් අදානිගේ නායකත්වයෙන් යුත් සමූහ ව්‍යාපාරය ඊයේ(10) ප්‍රකාශ කළේ තමන් ශ්‍රී ලංකාවේ වරාය ව්‍යාපෘතියකට අරමුදල් සැපයීම සඳහා තමන්ගේම සම්පත් භාවිතා කරන බවත් එක්සත් ජනපද අරමුදල් ලබා නොගන්නා බවත්ය.

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ රුසියානු තානාපති ලෙවාන් එස් දගාරියන් මහතා ශ්‍රී ලංකාවේ නව රජය පිළිගන්නා බවත් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් ජනාධිපති දිසානායක වෙත රුසියාවේ නිල සංචාරයක් සඳහා කළ ආරාධනාය ජනාධිපති දිසානායක මහතා වෙත භාර දුන් බවත් පවසයි. ශ්‍රී ලංකාව සහ රුසියාව අතර සබඳතා මේ වන විට මූලික වශයෙන් මානුෂීය වන නමුත් තවත් බොහෝ සහයෝගීතාවන් සඳහා ඉඩකඩ පවතින බවද ඔහු ප්‍රකාශ කළේය. “රුසියාව සහයෝගීතාවයට සූදානම්. පන්දුව තිබෙන්නේ ශ්‍රී ලංකා පිටියේ” තානාපතිවරයා අවධාරණය කළේය.

චීන රජයෙන් ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ට නොමිලේ නිල ඇඳුම් රෙදි! මහජන චීන සමූහාණ්ඩුව විසින් පරිත්‍යාග කරන ලද පාසල් නිල ඇඳුම් රෙදි කොළඹ වරායේ කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේදී (CICT ) අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය වෙත සංකේතාත්මකව භාරදීම සිදු විය. ඒ අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු ක්වයි සෙන්හොන්ග්( Qi Zhenhong) මහතාද සහභාගි විය.

පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල්ට පැවරී ඇති බලතල ක්‍රියාත්මක නොකොට පුරාවිද්‍යා ස්මාරක හා රක්ෂිත ගැසට් කිරීම ප්‍රථම කැබිනට් මණ්ඩලයට යොමු කරන ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා 2023 .01 11 දින නිකුත් කර ඇති ලිපිය අවලංගු කිරීම සඳහාත් දැනට හඳුනාගෙන ඇති මූලික ගවේෂණ සිදුකොට ඇති පුරාවිද්‍යා ස්ථානයන් ස්මාරක හා රක්ෂිත ලෙස ගැසට් කිරීමට කඩිනමින් කටයුතු කිරීම සඳහා රීට් ආඥාවක් නිකුත් කරන මෙන් මෙම පෙත්සමෙන් (CA writ 86/2023) ඉලලා ඇති අතර මෙහි වග උත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, විෂය භාර අමාත්‍යවරයා, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු පිරිසක් නම් කොට ඇත.

සහල් හිඟයක් පිළිබඳ කතා කරමින් අවසානයේ දී පාලන මිල වැඩි කිරීම සහ බලපත්‍ර නොමැතිව බදු සහන යටතේ ආනයනය කරන සහල් වැඩි මිලට විකිණීමට අවසර දීම තුළ ප්‍රශ්නය උග්‍රවන බවට පවතින මහජන මතය පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

මේ වන විට පාර්ලිමේන්තු වෙබ් අඩවියේ කතානායක අශෝක රන්වල මහතාගේ නම ඉදිරියෙන් මුලින් යොදා තිබූ ‘ආචාර්ය’ කොටස ඉවත් කර ඇති බව නිරීක්ෂකයෝ පවසති.

කළම්බො ඩොක් යාඩ්(පීඑල්සී ) සමාගමේ බහුතර කොටස් හිමියා වන ජපානයේ Onomichi Dockyard Company Limited මෙම සතියේ සිට කළමනාකාරීත්වයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. ඒ අනුව කළම්බො ඩොක් යාඩ්(පීඑල්සී ) සමාගම, සමාගමට නව උපායමාර්ගික ආයෝජකයෙකු ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටින බව වාර්තාවේ .

ඉන්ෆ්ලුවෙන්සා රෝගයට සමාන රෝගයක් ශ්‍රී ලංකාවේ දරුවන් අතර පැතිරෙමින් පවතින බව වාර්තා වේ.ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ, වෛද්‍ය විද්‍යාලයේ ළමා රෝග විශේෂඥ සහ මාධ්‍ය සම්බන්ධීකාරක වෛද්‍ය මහේෂ්ක විජයවර්ධන මහතා පවසන පරිදි මෙම රෝගයේ රෝග ලක්ෂණ වන්නේ උණ, සෙම්ප්‍රතිශ්‍යාව, හිසරදය, හොටු දියර ලෙස ගැලීම හෝ හොටු හිරවීම, මස්පිඩු වල හෝ සිරුරේ කැක්කුම, ඔක්කාරය, තෙහෙට්ටුව, ආහාර අරුචිය සහ උගුර වණ වීම ආදියයයි.


ප්‍රධාන පුවත්

රට අනතුරේ හෙලමින් NATO සරණ පතන්නේ නොදන්නාකමට ද?, මෝඩකමට ද?.. - වෛද්‍ය ජී. වීරසිංහ ගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා කැනඩාවේදී NATO හමුදා ප්‍රධානීන් හමුවී, මෙරට අවි ආයුධ නවීකරණය කිරීමටත්, යුධ ගබඩා සැලසුම් කිරීමටත්, NATO සංවිධානය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තවදුරටත් ඉහළ නැංවීමටත් කළ ආරාධනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සිය දැඩි විරෝධය පළ කර සිටියි.

වෙනිසියුලාවේ ඩෙල්සි රොඩ්‍රිගස්ටත් වඩා අනුර භයානකයි.. - විමල් වීරවංශ

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දෙවසරක පාලන කාලය ලෝකයේ වෙනත් රටක පාලනයක් හා සැසඳීමේ දී හොඳම සමපාත වීම ලෙස සැලකිය හැක්කේ වෙනිසියුලාවේ අන්තර් කාලීන ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් ගේ පාලනයට බව ජානිපෙ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

"රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානකයි" - මහින්ද කියයි

මාතෘභූමියේ ආත්ම ගෞරවය සුරක්ෂිත කිරීමේ ජන සටන ඓතිහාසික අනුරාධපුර පුණ්‍ය භූමියෙන් ආරම්භ කළ බවත්, රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානක බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි..

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පරීක්ෂණයක් පවත්වන පසුබිමක, ඔහු සිය පාර්ලිමේන්තු වරප්‍රසාද සහ භාෂණයේ නිදහස උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය (CPA) වෙත නිල වශයෙන් පැමිණිලි කර තිබේ.

BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18 වැනි BRICS නායක සමුළුවේ දෙවැනි අදියරට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ දේශනයක් පවත්වා තිබේ.

මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැති ජාතික ජන බලවේගයේ දැවැන්ත ගොවි සමුළුවට එම පක්ෂයේ ප්‍රධානතම ගොවි නායකයන් දෙපළ වන කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් සහභාගි නොවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි

රටත් ජාතියත් බේරාගැනීමට උර දුන් පිරිස ‘කළු රාජ්‍යයකට’ ලඝු කරමින්, වත්මන් ආණ්ඩුවට සහය දක්වන වංචනිකයින් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.