News Category
From Date
To Date
Maximum Number of Result

සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ වසර 10 කට අධික කාලයක් පවත්වාගෙන ගිය දහම් පාසල මාලිමා ආණ්ඩුවේ තානාපති අමීර් අජ්වල් ගේ නියෝගයක් අනුව නැවැත්වීමට සිදුවී ඇතැයි එරට සේවය කරන බෞද්ධ ප්‍රජාව ලංකා ලීඩර් වෙත වාර්තා කර තිබේ.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය වාණිජමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීමේ පියවරක් ලෙස, එහි පවතින ටැංකි 29 ක් සංවර්ධනය කිරීම සඳහා ඉදිරි මස ඇතුළත අන්තර්ජාතික ලංසු කැඳවීමට Trinco Petroleum Terminal Limited (TPTL) සමාගම සූදානම් වේ.

නිව්යෝර්ක් නගරය මූලස්ථානය කරගත් Hugging Face සමාගම පවසන්නේ, සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය කෘත්‍රිම බුද්ධි (AI) නියෝජිත පද්ධතියක් තම AI ආකෘති (Models) ගබඩාවට අනවසරයෙන් ඇතුළු වූ බවත්, එය මෙතෙක් මුහුණ දී ඇති කිසිදු සයිබර් ප්‍රහාරයකට සමාන නොවන අත්දැකීමක් බවත්ය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට යානා දහයක් මිලදී ගැනීමේදී යුරෝපීය ගුවන් සමාගමකින් අමෙරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් ලබාගැනීමේ අල්ලස් සිද්ධියේ සැකකරුවන් සහ සාක්ෂිකරුවන් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ අල්ලස් කොමිසම් විශේෂ පොලිස් කණ්ඩායමක් ඕස්ට්‍රේලියා බලා පිටත්ව ගොස් තිබේ.

මැද පෙරදිග උත්සන්න වෙමින් පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රීලන්කන් ගුවන් සමාගම කුවේට් රාජ්‍යය වෙත සිදුකරන ගුවන් ගමන් වාර තාවකාලිකව අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කරයි.

හෝකන්දර දක්ෂිණාරාමාධිපති, ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, රාජකීය පණ්ඩිත, ආචාර්ය පූජ්‍ය මාදුරුඔයේ ධම්මිස්සර ස්වාමීන් වහන්සේගේ ජන්ම දිනය අදට යෙදී තිබේ.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද(21) පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය.

විපක්ෂයේ දේශපාලන පක්ෂ පසුගිය මැතිවරණවලදී පරාජයට පත් කළ බවත් ඔවුන්ගේ ඉතිරි වී ඇති දේශපාලනයත් ඉවරම කර දැමිය යුතු බවත් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර අවධාරණය කරයි.

නව දිල්ලියේදී පැවැත්වුණු ‘Calm Waters, Rising Tide: Stability as the Foundation for Indian Ocean Growth’ තේමාව යටතේ වූ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවකදී, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මහිෂිණි කොලොන්න මහත්මිය දෙරටේ ආරක්ෂක සහ ආර්ථික සබඳතා පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් පෙන්වා දී තිබේ.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.