News Category
From Date
To Date
Maximum Number of Result

එක්සත් ජාතික පක්ෂයේ නායක සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ වසර අවසානයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමට නියමිතව ඇතැයි විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ යෝජනා අනුව වත්මන් ආණ්ඩුවේ පළමු අයවැය සකස්කර තිබීම වරදක් නොවන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රවී කරුණානායක පවසයි.

ජනමාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙස පක්ෂය තමාට උපදෙස් දුන් බවට එල්ල වන චෝදනා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි ඊයේ ප්‍රතික්ෂේප කරයි.

ශ්‍රී ලංකා රජයේ අයවැය මඟින්, දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙස මූල්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා බලධාරීන්ගේ කැපවීම ඉස්මතු කරනු ලබන ඇති බව ෆිච් රේටිංග්ස් පවසයි.

අලුත් කඩේ උසාවිය ඇතුළේ මිනීමැරීම ජාතික ආරක්ෂාවට සම්බන්ධ ප්‍රශ්නයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පළාත් පාලන ආයතනවල සභිකයන්ගේ දුර කාලය ආරම්භ වීම පිළිබඳ සඳහන් අති විශේෂ ගැසට් නිවේදනය නික්තු වී තිබේ.

පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමට මැතිවරණ කොමිසම එකඟ වූ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

අද (19) පෙරවරුවේ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ වෙඩිතැබීම සිදුවී ඉතාම කෙටි වේලාවක් තුළ එම ස්ථානයට මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පැමිණි අතර අමාත්‍යවරයා අධිකරණ සංකීර්ණයෙන් පිටතට පැමිණෙන විට ඔහු වටකරගත් මාධ්‍යවේදීන්ගෙන් දැඩි පීඩනයක් එල්ල විය.

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු පුත්තලම පාලවිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නැමති මෙම පුද්ගලයා වයස අවුරුදු 34ක් වූ පුද්ගලයෙකි.


ප්‍රධාන පුවත්

BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18 වැනි BRICS නායක සමුළුවේ දෙවැනි අදියරට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ දේශනයක් පවත්වා තිබේ.

මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැති ජාතික ජන බලවේගයේ දැවැන්ත ගොවි සමුළුවට එම පක්ෂයේ ප්‍රධානතම ගොවි නායකයන් දෙපළ වන කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් සහභාගි නොවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි

රටත් ජාතියත් බේරාගැනීමට උර දුන් පිරිස ‘කළු රාජ්‍යයකට’ ලඝු කරමින්, වත්මන් ආණ්ඩුවට සහය දක්වන වංචනිකයින් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න

තමන්ගේ හෝ සාක්ෂිකරුවෙකුගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම වත්මන් ආණ්ඩුව විසින් භාරගත යුතු බව නීතිඥ අචලා සෙනවිරත්න මහත්මිය අවධාරණය කරයි.

වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..

මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.