News Category
From Date
To Date
Maximum Number of Result

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ යෝජනා අනුව වත්මන් ආණ්ඩුවේ පළමු අයවැය සකස්කර තිබීම වරදක් නොවන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රවී කරුණානායක පවසයි.

අලුත් කඩේ උසාවිය ඇතුළේ මිනීමැරීම ජාතික ආරක්ෂාවට සම්බන්ධ ප්‍රශ්නයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජනාධිපති අනුර දිසානායක මහතා විසින් දේශීයව නිෂ්පාදනය කර ඇති පන් මල්ලක හෙවත් පන් ෆයිල් එකක දමාගෙන ඇවිත් කියවනු ලබුවේ IMF එකේ වැඩපිළිවෙලට අදාල ලියවිල්ලක් බවත් එමගින් මෙරට සියලුම සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන විනාශයට ඇදගෙන යන බවත් පෙරටුගාමී සමාජවොදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පවසයි.

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ වෙඩිතැබීමේ සිද්ධියක් මීට ටික වේලාවකට පෙර වාර්තා විය.

රුසියාවේ අභ්‍යන්තර නොසන්සුන්තාව වැනි ගැටළු පැවතියද එම හානිය පාලනය කරමින් ඔවුන් ආර්ථිකය කළමනාකරණය කර ඇති ආකාරය ශ්‍රී ලංකාව වැනි රටකට ඉතා හොඳ උදාහරණයක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා X පණිබිඩයක් නිකුත් කරමින් පවසයි.

රාජ්‍ය සේවයේ අවම මූලික වැටුප රු. 15,750කින් වැඩි කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අයවැය කතාවේදී සඳහන් කළත් රාජ්‍ය සේවක අවම මූලික වැටුප ශුද්ධ වශයෙන් වැඩි වන්නේ රු. 8250 කින් පමණයි. මෙයට හේතුව දැනට ලබාදෙන රු. 7500ක දීමනා එම රු. 15750 ක මුදලි

2025 අය වැය ගොවියාට කිසිදු සහනයක් පැණි නැති වදයක් බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ ඊයේ (17) මාධ්‍ය හමුවකට එක්වෙමිනි එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තෙන්නකෝන් මහතා මෙසේද පැවසීය මේ අයවැයේ ඉතාමත්ම සාධනීය යෝජනාව තමයි නව දේශපාලන සංස්කෘතියක් සඳහා වූ මහජන නියෝජිතයෝ වෙච්ච පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට වාහන බලපත්‍රය අහෝසි කිරීම. ඒ වගේම අනිත් පාර්ශවයන් සඳහා සැලකිය යුතු මට්ටමේ අයවැය යෝජනාවලිය පිළිබඳව පරණ පුරුදු ආණ්ඩුවලින් ඉදිරිපත් කරපු අයවැයට අඩු වැඩි විදියට සමගාමී අයවැයක් විශේෂයෙන්ම මේ රටේ කෘෂි නිෂ්පාදන ආර්ථිකය ගොඩනගන්න මේ රටේ ගොවියාගේ ආර්ථිකය ගොඩනගන්න කෘෂි නිෂ්පාදන පිරිවැය අඩුනරන් අවශ්‍ය යෝජනාවක් තිස්සේත්ම සඳහන් වෙලා නෑ. අපි බලාපොරොත්තු උනේ කෘෂි නිෂ්පාදන ආර්ථිකයන් ගොඩනගන්න අවශ්‍යය ඉතාමත්ම සාධනීය යෝජනාවලියක් අයවැය තුළින් එයි කියලා. හැබැයි අපිට පේන විදියට මේ අයවැය ගොවියාට හිස්ටින් එකක් වගේ අයවැයක් ගොවියාට ආයෙත් හිඟා කන්න හිස් බෙළෙක්ක දුන්න අයවැයක්. කෂි නිෂ්පාදන පිරිවැය අඩු කරන්ඩ විශේෂයෙන් වී ඇතුළු අතිරේක ආහාර භෝගවල පිරිවැය අඩු කරන්න කෘෂි යෙදවුම් සඳහා බද්ද අඩු කරලා නෑ, කෘෂි මෙවලම් සඳහා බද්ද අඩු කරලා නෑ. ඊළඟට සහල් කර්මාන්තයේ යෙදෙන සහ සහල් කර්මාන්තයේ යෙදෙන සහල් කර්මාන්තකරුවන්ගේ යන්ත්‍ර සූත්‍ර සඳහා අමතර කොටස් සඳහා ගහලා තියෙන බද්ද අඩු අඩු කරලා නෑ. ඒ කියන්නේ මේ අයවැයත් බදු පිට බදු ගහපු රජයේ එකම ආදායම බදු බවට පත් කරපු විශේෂ ස්පාදන ආර්ථිකය ගොඩනගනවාවා වෙනුවට බදු පිට බඳු ගහපු ආණ්ඩුවක් අයිඑම්එෆ් යෝජනා අනුව ලෝක බැංකු යෝජනා අනුව ආසියානු සංවර්ධන බැංකිය යෝජනා අනුව ඉස්පිල්ලක් පාපිල්ලක්වත් වෙන් කරන්නේ නැතුව අයිඑම්එෆ් එකේ අයවැය යෝජනාවක් ලෝක බැංකුවේ අයවැය යෝජනාව ආසියානුු සංවර්ධන බැංකුවේ අයවැය යෝජනාවක් විදිහට තමයි අපිට පේන්නේ එනිසා අපි කියන්නේේ මේක මී මැස්සො පිටින් පේන්න හිටියට වදේ මී පැණි නැති අයවැයක් ගොවියාට හිඟා හිඟා නොකා හිඟා කන්නෙත් හිස් බෙළෙක්කයක් දුන්නා හිස්ටින් එකක් වාගේ අයවැයක්.."

අගමැති හරිනි අමරසූරිය අධ්‍යාපන ඇමතිවරිය විදියට ඇගේ ලෙඩේ පාසල් දරුවන්ටත් බෝ කිරීමේ උත්සාහයක් නියැලෙමින් සිටින බව ජාතික නිදහස් පෙේමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි. ඊයේ (17) ජාතික නිදහස් පෙරමුණෞ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

ටූත්විත් චමුදිත යූ ටියුබ් නාලිකාවේ සාකච්චාවකට එක්වන දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සදහන් කරන්නේ මේ වසර අවනායේදී රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂනායක ලෙස පාර්ලිමේන්තුවට පැමිණෙන බවත් සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂනායක කමද නැතිවීමට ඉඩ ඇති බවත්ය. එමෙන්ම USAID සංවිධානයෙන් මුදල් ලබාගැනීම් සිදුකළ නාම ලේඛනය ද ඔහු විසින් මෙහිදී ඉදිරිපත් කරන අතර සම්පූර්ණ වීඩියෝ පහතින්


දේශීය පුවත්

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති

මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..

මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..

අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..

මාගම්පුර වරාය පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කර ගැනීම සඳහා එහි ගොඩගසා තිබූ කළුගල් තොගයක් මාලදිවයින වෙත අපනයනය කිරීමට 2024 වසරේදී පෞද්ගලික සමාගමකට එක්වරක් පමණක් වලංගු වන විශේෂ බලපත්‍රයක් නිකුත් කර තිබූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා පෙත්සමකට අත්සන් ගැනීම දෙව්නුවරින් ඇරඹෙයි..

සිරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසදාර හිමිට ජනපති පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50කින් යුත් පෙත්සමකට ජනතා අත්සන් ලබා ගැනීම අද (09) දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ.

ග්‍රීක බැඳුම්කර නඩුවේ අභියාචනය හිටපු මහ බැංකු අධිපති ඉල්ලා අස්කර ගනියි..

ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාළව තමන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ගොනුකර තිබෙන නඩුව අභියෝගයට ලක් කරමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගෙන තිබේ.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.