News Category
From Date
To Date
Maximum Number of Result

ජාතික නිදහස් පිටමුණේ නායක විමල් වීරවංශ මහතාට ආණ්ඩුවට සම්බන්ධ ආයතනයකින් සිදුවී ඇතැයි කියන බරපතල අසාධාරණයක් පිළිබඳ තොරතුරු මේ වන විට වාර්තා වී තිබෙනවා. විමල් වීරවංශ මහතා විසින් රචිත ” සඳේ ගින්දර ” නම් නවකතාව එළිදැක්වීමේ උත්සවය වෙනුවෙන් එළඹෙන 07 වෙනිදා ජාතික ලේඛනාරක්ෂක ශ්‍රවණාගාරය වෙන් කිරීමට අදාළ සංවිධායක කමිටුව පියවර ගෙන තිබෙනවා.

එක්සත් රාජධානිය ප්‍රමුඛ රටවල් කිහිපයක් ඒකාබද්ධව ‍එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

සියලුම තෙල් බෙදුම්කරුවන්ට නැවත හැකි ඉක්මනින් යථා පරිදි ඛනිජ තෙල් ඇනවුම් ලබා ගන්නා ලෙස දන්වන බව තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සඳනායක මහතා පවසයි.

අන්තර්ජාල වංචාවට සම්බන්ධ චීන ජාතිකයන් 620 කට අධික සංඛ්‍යාවක් මියන්මාරයේ මයාවාඩි කලාපයෙන් ආපසු ගෙන්වා ඇති බව චීනයේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය අද(03) පැවසීය.

2023 ජනවාරි මාසයෙන් පසුව පසුගිය පෙබරවාරි මාසයේදී රුසියාවෙන් ඉන්දියාව ආනයනය කරන බොරතෙල් ප්‍රමානය අවම මට්ටමට පහත වැටී ඇති බව වාර්තා පවසයි.

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. වර්තමානයේ බෞද්ධ සංස්කෘතිය සම්ප්‍රදායන් පැවැත්ම වෙත ඇති වන අභියෝගය සඳහා පිළිතුරු සෙවීම පිළිබඳවද මෙහිදී කරුණු සාකච්ඡා වූ බව එහි ප්‍රකාශකයෙක් අප වෙත පැවසීය ඉදිරියේ දී පැවැත්වීමට සූදානම් වන සමස්ත ලෝකවාසී බෞද්ධ මහ ජනතාවට අතිශය වැදගත් ශ්‍රී දළදා ප්‍රදර්ශනය වෙත සුවිශේෂී සූදානමක් සිදු කල යුතු බවට සාකච්ඡා වූ අතර, එහිදී 75වන නිදහස් දින සැමරුමට සමගාමීව රජය වෙනුවෙන් ශ්‍රී දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමට හිටපු අග්‍රාමාත්‍ය තුමා මහ නාහිමිවරුන් හා දියවඩන නිළමේ ඇතුළු නිළමේවරුන් සමඟ සිදු කරන ලද මෙහෙවර විශේෂ ඇගයීමට ලක් විය.

ආණ්ඩුව විසින් ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල් විදේශ සමාගම්වලට පැවරීමේ උත්සහායක නිරත වන බවට සැකයක් මතුවන බව ලංකා ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

බලවත්ත්‍රස්තවාදී සංවිධානයක් පරාජයට පත්කරමින් මේ රටේ ඒකීය භාවය ආරක්ෂා කිරීමට ඇස්, ඉස්, මස්, ලේ දන්දුන් මෙරටේ ත්‍රිවිධ හමුදාව රජයට පක්ෂපාතී නොවන වෘත්තීමය හමුදාවක් නොවන බව ජනාධිපතිවරයා සේනාධිනායකවරයා ලෙස පැවසීම කාගේ වූමනාවට සිදුවූවක් දැයි ප්‍රශ්නයක් පැන නගින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

රජය විසින් යෝජනා කර තිබෙන නව අපරාධ නඩු අධ්‍යක්ෂ ධුරය (රජයේ අභිචෝදක තනතුර) නීතිය දේශපාලනයට යටකිරීමක් බව හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා පුවත්පතකට පවසා ඇත.


දේශීය පුවත්

බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති

මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..

මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..

අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..

මාගම්පුර වරාය පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කර ගැනීම සඳහා එහි ගොඩගසා තිබූ කළුගල් තොගයක් මාලදිවයින වෙත අපනයනය කිරීමට 2024 වසරේදී පෞද්ගලික සමාගමකට එක්වරක් පමණක් වලංගු වන විශේෂ බලපත්‍රයක් නිකුත් කර තිබූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා පෙත්සමකට අත්සන් ගැනීම දෙව්නුවරින් ඇරඹෙයි..

සිරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසදාර හිමිට ජනපති පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50කින් යුත් පෙත්සමකට ජනතා අත්සන් ලබා ගැනීම අද (09) දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ.

ග්‍රීක බැඳුම්කර නඩුවේ අභියාචනය හිටපු මහ බැංකු අධිපති ඉල්ලා අස්කර ගනියි..

ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාළව තමන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ගොනුකර තිබෙන නඩුව අභියෝගයට ලක් කරමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගෙන තිබේ.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

ඥානසාර හිමිගේ ජනාධිපති සමාව අවලංගු වුනේ සමාව නොලැබිය යුතු කෙනෙක් නිසා නෙවෙයි.. - ඥානසාර හිමියන් ගේ නීතිඥවරයා හෙළිකරන කතාව..

ඥානසාර හිමියන්ට හිමිවූ ජනාධිපති සමාව සම්බන්ධයෙන් වැරදි මතයක් සමාජයට පෙන්වා දී ඇති බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය පැවසුවේ එම සමාව වැරදි දෙයක් ලෙස නොව එහිදී අනුගමනය කර තිබූ ක්‍රියාපටිපාටියේ වැරදි සහගත තැන් සම්බන්ධයෙන් බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමිගේ නීතිඥවරයා පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.