මිනිරන්
අනුර කුමාර ඇමරිකාවේ රැස්වීමක දී මිනිරන්වලින් ග්‍රැෆයිට් හදලා විකුණන්න පුළුවන් කියලා තිබුණා. දැන් කට්ටිය අනුරව බයිට් එකට ගන්නවා ඉංග්‍රීසියෙන් Graphite කියන්නේ මිනිරන්වලට ම තමයි කියලා.
ඔතන ප්‍රශ්නෙ තියෙන්නේ ඉංග්‍රීසිවල නෙමෙයි. ඉංග්‍රීසි අපිටත් වරදිනවා. සිංහල මනුස්සයෙක්ට ඉංග්‍රීසි වැරදුනා කියලා ලොකු අවුලකුත් නෑ. කොළඹ හතේ ඉපදිලා රාජකීය විද්‍යාලයට ගිහිපු සුපිරි මොළයක් කියලා සමහර මිනිස්සු හිතන් ඉන්න රනිල්ටත් ඉංග්‍රීසි වරදින එකේ තඹුත්තේගම අනුරට ඉංග්‍රීසි වරදින එක හෝ ඉංග්‍රීසි බැරි එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. මෙතන තියෙන ප්‍රශ්නෙ තමයි අනුර පුරුද්දක් වශයෙන් දැඩි විශ්වාසෙන් බොරු කියන එක සහ ඒවා " පරම සත්‍ය " වශයෙන් පිළිගන්න " NPP ජයවේවා! අපි මාලිමාවට " වගේ උජාරුවෙන් කියන් ඉන්න නූගත් මධ්‍යම පාන්තික ජනතාවක් ඉන්න එක.
ලංකාවේ මිනිස්සුන්ට සාමාන්‍යයෙන් තියෙන්නේ සති දෙකක වගේ පොඩි මතකයක් නිසා අනුර දැඩි විශ්වාසයෙන් කියපු බොරු ටිකක් මතක් කරලා දෙන්න ඕන.
" තුල්හිරියේ තුනී ලෑලි සංස්ථාවක් තිබුණා. ඒක වහලා දැම්මා "
" ඔස්ට්‍රේලියාවෙ දි ඇම්බියුලන්ස් එකකට කතා කරොත් දෙකක් එනවා. "
" ලංකාවෙ පාසැල් තියෙන්නේ 1160 යි. "
පෝර්ට් සිටි එක පුරවන්න කළුගල් කියුබ් කෝටි 12ක්, කියුබ් මිලියන 10ක්, කියුබ් ලක්ෂ 50ක් යනවා. " ( එක එක වෙලාවට එක එක ජාතියෙ බොරු )
" අපි දළදා මාලිගාවට පහර දුන්නෙ නෑ...තරුණයින් කණ්ඩායමක් එතන හිටපු ආරක්ෂක නිලධාරීන්ට කේක් කවලා ආයුධ ටික අරන් ආවා. "
" කොරොනා වසංගතය මැඩලීමට යුරෝපයෙන් යොරෝ මිලියන 122ක ආධාරයක් රජයට ලැබුණා. "
" මා දැනුවත්ව විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට මුදල් එවන්න එපා කියලා නෑ "
" කුමාර් ගුණරත්නම් කියලා කෙනෙක් දැකලත් නෑ..දන්නෙත් නෑ"
" උතුරේ ඡන්ද වර්ජනය කරන්න මහින්ද රාජපක්ෂ LTTE එකට සල්ලි දුන්නා. "
"හම්බන්තොට හැදුවා නැව් එන්නේ නැති වරායක්...ඒකේ අදායමෙන් කඩල ගොටු දෙකක් ගන්න බෑ"
" මම ජාතික විධායක සභාවෙ හිටියේ නෑ. දූෂණ මර්දන කමිටුවක් පිහිටෙවුවේ නෑ. "
" MILCO එක ලාභ ලබන්න ගත්තේ මම කෘෂිකර්ම ඇමති වෙලා ඉන්න කාලේ. "
" 12.12.12 ලෝක විනාශ වෙනවා කියපු දවසේ ලැම්බොගිනි වර්ගයේ රේසිං කාර් 19ක් කොළඹ වරායට ගොඩ බෑවා "
අනුර කියපු බොරු තව ඕන තරම් ඇති...මට මතක මෙච්චරයි.
මේ තරම් දැඩි විශ්වාසයකින් බොරු කියන්නත් පසුව " මම එහෙම එකක් කවදාවත් කියලා නෑ " කියන්නත් පුළුවන් වීම අනුර කුමාරට තියෙන සුවිශේෂ හැකියාවක්.
ධම්මපදයේ ලෝක වග්ගයේ එන ගාථාවක ( ඒක ධම්මං අතීතස්ස.. ) තියෙනවා සත්‍ය වසන්කොට බොරු කියන තැනැත්තාට කළ නොහැකි පාපයක් නෑ කියලා.
ආ ඒකට කමක් නෑ...අපි මාලිමාවට !
මේක ලියපු මට නිවන් සැප ලැබේවා !
- සොනාල ගුණවර්ධන -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..