News Category
From Date
To Date
Maximum Number of Result

ඉන්දියාව, රනිල් හරහා මෙරට බළශක්ති සහ ආහාර සුරක්ෂිතභාවය තමන්ට නතු කර ගැනීමේ කූඨ උපක්‍රමය

Oct 25, 2023 at 08:52 PM
|

පලස්තීනයට ආහාර විදුලිය ඉන්ධන සැපයුම්  පවතින්නේ ඊශ්‍රායළය මතය. නිදහස දිනා ගැනීමට තබන පළමු පියවර තුළම ඊශ්‍රායලය ආහාර සැපයුම විදුලිය ඉන්ධන ජළය නතර කර පලස්තීනය දණ ගස්සවන්නේය. බලශක්ති  ආහාර සුරක්ෂිත තාවය අහිමි යන රටක් තව දුරටත් ස්වාධීන රටක් වන්නේ,නැක  බලශක්ති සහ ආහාර සුරක්ෂිත තාවය බිද ගන්නා පලමු තත්පරයේ සිට ඒ රට යැපෙන්නෙක් බවට පත්වේ.

ඊනියා ජාතිද්‍රෝහී අරගලයෙන් සහ පොහොට්ටුවේ කාලකන්නි පාර්ලිමේන්තු,බලය මතින් ජනාධිපති වු රනිල් හරහා ඉන්දියාව අපේ බළශක්ති  සහ ආහාර සුරක්ෂිතභාවය ඉන්දියාවට නතු කර ගැනීමේ කූඨ උපක්‍රමය අප කියවා ගත යුතුය.

රනිල් ලංකාවේ විදුලි අවශ්‍යතාවයට ගැලපෙන්න ලංකාව සහ ඉන්දියාව එකට යා කරන විදුලි රැහැන් පද්ධතියක් ගැන කථා කරති. ඉන්දීය විදේශ ලේකම්,ලංකාවට එයට අනුගත වෙන්න රටටම පැමිණ බල කරති.‼️

කිසියම්  කෙනෙකුට  ලංකාව විදුලිය නිෂ්පාදනය කරන විට ඉන්දියාවෙනුත් ගත්තා කියලා  යටත්වෙන්නේ,කොහොමද කියා ප්‍රශ්ණ කර හැකිය. 

සරළය අපි උපරිමය දෛනිකව  නිෂ්පාදනය නරන්න හැකිව අද ඉන්නේ මෙගාවොට්  2500ක් පමණ අගයකි.

ඉතා ක්ෂුක්ෂමව ඉන්දියාව අළුතින් ලංකාවේ අරඔන සුර්ය විදුලි බල පද්ංධතිය ඉන්දියානු කරණයට හසු කරගනිමින් පවතී.

අළුත් විදුලි බල නිෂ්පාදනයට ඉන්දියාව වෙනත් රටකට ඉඩ දෙන්න අවස්ථාව නොදී  ඔවුන් අත්පත් කර ගනිමින්  පවතී.

අවශ්‍ය ඕනෑම වෙලාවක මාස ගනන් නතරවෙන්න අපේම රටේ වෘත්තීය සමිති හරහා  ලංකා රජය දැනට විදුලිය වැඩියෙන්ම නිෂ්පාදනය කරන (900 MW ) නොරොච්චෝලය කඩා දාන්න ඉන්දියන් ඔත්තුසේවා වලට හැකියාව පවතී.

වැස්සත් අවශ්‍ය නම් ජල සමිපත් ඉංජිනේරුවන් විදුලි ඉංජිනේරුවන් හරහා ලංකාවේ බලාගාර ආශ්‍රිතව ජලය පිටකර විදුලිය නිෂ්පාදනය බිද වැට්ටවිය හැකිය.

රනිල් වික්‍රමසිංහ කාංචන විජේසේකර හරහා විදුලි බල මංඩලය පෞද්ගලීකරණය කරන විට විදුලි නිෂ්පාදනයේ ඉතා වැදගත් අංශ ( බලාගාර  සහ ජළාශ අංශය)  රාජ්‍ය සහ පෞද්ගලික හවුල් ව්‍යාපාරකරණයට මුවාවී වක්‍රව ඉන්දියාව පාළනයට ගන්නවා සිකුරුය.‼️

ඉන්ධන සහ දැවිතෙල්  මගින් විදුලි ජනනය  දැනටමත් ඉන්දියාව අත්පත් කර ගෙන හමාරය මක් නිසාද IOC සමාගම ඒ බලාගාර වලට අවශ්‍ය ඉන්ධන සැපයීම ඛණිජ තෙල් සංස්ථාව කඩා වැට්ටවීම සමග අල්ලා ගනිමින්  පවතී.

ඉන් පසුව ඉතා සැළසුම් සහගතව දේශීය  විදුලිය නිෂ්පාදනය අඩුකරමින් ඒවා නඩත්තුව අඩුකරමින් වසාදමා

ඉන්දියාවේ සැපයුමට හුරු කරවන්නේය.‼️

ඉන්දියාව අද නේපාලයේ සමස්ථ විදුලි බලය සැපයීම අත්පත් කරගෙන නේපාලය තමන්ගේ ප්‍රාන්තයක් මට්ටමට පවත්වාගෙන යන්නේ එලෙසය.

ඉන්දියාව ඊනියා අරගලයට සහෝගය දෙමින්ද ⁣පොහොට්ටු රජයට යැපෙන්න ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් දෙමින්ද  රනිල් වික්‍රමසිංහ හරහා දියත් කරන්නේ ලංකාව මුලින්ම බලශක්ති සුරක්ෂිත තාවය ඉන්දියාව නතු කර ගැනීමේ ව්‍යාපෘතියය.

මෙම ඉන්දීය ව්‍යාප්තවාදය ආක්‍රමණය නිවරදිව පරාජය නොකර  ලංකාවේ මොනම ආන්ඩුවක් හැදුවත් අපට උරුම වන්නේ ඉන්දියාවට එරෙහිව යන පලමු තත්පරයේම අද පලස්තීනයට උරුම වෙන තත්වයයි. 

හෙට දවසේ චීන හෝ ඉන්දියාවට ඇලජික් වෙන යුධ හෝ සබ්මැරීන හෝ පර්යේෂණ  නැවක්  අපි ස්වෛරී කියා හිතාගෙන ඉන්න ලංකාවේ වරායකට එන විට එයට අවසර දුන්නොත් ලංකාවේ විදුලි සැපයුම අඩාල කරනවා කියා ඉන්දියාව තරජනය කරන තැනදී අපට රනිල් වික්‍රමසිංහ හරහා කර තිබෙන පාවාදීමේ කුමන්ත්‍රණයේ ගැඔුර කියවා ගත හැකිය..

ආහාර සුරක්ෂිතභාවය නම් ඉතිං දැනටමත් අපි කෙලවාගෙන අහවර බව තේරෙන්න ලංකාවේ  හෝටලයක පරිප්පු නැතිවීම ආන්ඩු,පෙරළියකට රටෙි හවස ප්‍රවෘත්ති වවන්න තරම් ප්‍රබල වීම හරහා තේරුම් ගත යුතුය. 

ජාත්‍යන්තරයට උග්‍ර ජාතිකවාදී ප්‍රවේශයකින් ගමන් කරමින් භාරත ආක්‍රමණවාදය තුළින් ලෝකය ඉදිරියේ අපිත් මේ මේ රටවල් පාලනය කරනවා කියන නම්බුව ගන්න කෑදර ආශාවෙන් පියවර තියන ඉන්දියාව වගේ රටක් ඉදිරියේ අපි අනාගත පරම්පරාව  උගස් තබමින් ඔවුන්ට යැපෙන්නන් ලෙස රැදීමට ඉඩ හදමින් ගමන් කරනවා කියවා ගන්න ඔබ අසමත් වීම රටේද අවාසනාවකි.

- නුවන් මොණරවිළ -

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.