News Category
From Date
To Date
Maximum Number of Result

IMF සමග එකඟ වූ කරුණු නීතියක් බවට පත් කරන්න පනත් ගෙන ඒම ප්‍රජාතන්ත්‍ර විරෝධීයි - හර්ෂ කියයි

Jun 14, 2024 at 08:07 AM
|

ජනාධිපති ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟ වූ කරුණු නීතියක් බවට පත් කිරීමට පනත් ගෙන ඒම ප්‍රජාතන්ත්‍ර විරෝධී කරුණක් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ස.ජ.බ භාණ්ඩාගාරික ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ පැවැසීය, 

"චීනය, ඉන්දියාව සහ පැරිස් ක්ලබ් ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ තිබෙන බව ආණ්ඩුව ප්‍රකාශ කරනවා. නමුත් ඊට වඩා වැදගත් වන්නේ වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය. වාණිජ ණය ඩොලර් බිලියන 12 1/2 ක් පමණ තිබෙනවා. ඒ වගේම වාණිජ ණය පොලිය ඩොලර් බිලියන 3 ක් පමණ එකතු වෙලා තිබෙනවා.

ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් යෝජනාවක් ණය හිමියන් ඉදිරිපත් කර තිබෙනවා. ඊට ප්‍රති යෝජනාවක් රජය විසින් ඉදිරිපත් කර තිබෙනවා. ණය හිමියන් ඉදිරිපත් කරලා තිබෙන යෝජනාව පිළිගත්තොත් බොහෝ දෙනාගේ මතය වන්නේ සියයට 28 ක මුහුණත අගය කපාහැරීම සියයට 7 ක් දක්වා අඩු වන බවයි. ඒ වගේම අර්ථ සාධක අරමුදල සම්බන්ධයෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණයක් සිදුකරන බව ආණ්ඩුව ප්‍රකාශ කළේ නෑ. නමුත් ජාත්‍යන්තර ණය හිමියන්ගේ ඕනෑකම හේතුවෙන් ප්‍රතිව්‍යුහගතකරණය සිදුකළා. ඒ හරහා අර්ථ සාධක අරමුදලේ හිමිකරුවන්ට දැවැන්ත පහරක් එල්ල වුණා.

ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ණය හිමියන් ඉදිරිපත් කර තිබෙන යෝජනාවට රජයේ ප්‍රතියෝජනාව සාර්ථක කර ගන්න පුලුවන් වුණොත් සියයට 28 වගේ ප්‍රමාණයකට මුහුණත අගය කපා හැරීමක් සිදුකරගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම සියයට 28 ක මුහුණත අගය කපා හැරීම ප්‍රමාණවත් ද කියන ගැටලුව මතුවෙනවා. රජය විපක්ෂය විසින් ඉදිරිපත් කරන අදහස්වලට සවන් නොදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩපිළිවෙළට ඉදිරියට ගෙන යාම සඳහා ජාත්‍යන්තර ණය හිමියන් ඉදිරිපත් කර තිබෙන යෝජනාවට එකඟවුණොත් දැවැන්ත ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදුවෙනවා. 2038 වනතුරු ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න සිදුවෙනවා.

ඒ වගේම ආර්ථික පරිවර්තන පනත හරහා රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟවුණ කාරණා නීතිමය තත්ත්වයකට හරවා ගැනීමට සිදුකරන උත්සාහය පිළිකුලෙක් යුතුය හෙළා දකිනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ එකඟ වුණ දර්ශක ඊළඟට පත්වෙන රජයට වෙනස් නොකර ඉදිරියට ගෙන යාමට බලකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහට කිසිඳු අයිතියක් නෑ. මේ සම්බන්ධයෙන් අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අපි පෙන්වා දුන්න ව්‍යවස්ථාවට විරුද්ධ කාරණා ආර්ථික පරිවර්තන කෙටුම්පතින් ඉවත් කරයි කියලා බලාපොරොත්තු වෙනවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට සමගි ජනබලවේගය සෘජුවම ප්‍රකාශ කර තිබෙනවා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ සංශෝධනය කරනවා කියලා. ඒ සඳහා වන හේතු සමගි ජනබලවේගය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට දන්වා තිබෙනවා. රට ස්ථාවර කිරීමෙන් පසුව රට වර්ධනය කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග රජය ඇතිකරගත් එකඟතාවය තුළ නෑ. දැනට තිබෙන ආර්ථික වර්ධන වේගය අනුව රට වැටී තිබෙන අගාධයෙන් ගොඩ ගන්න අපහසුයි. රටේ ආර්ථික වර්ධන වේගය සියයට 10 දක්වා වර්ධනය කර ගතයුතුයි. ඉදිරි දශකයේ සෑම වසරකම සියයට 10 ක ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගත යුතුයි. එයයි සමගි ජනබලවේග ආණ්ඩුවක වැඩපිළිවෙළ. ඒ සඳහා අවශ්‍ය වෙනස්කම් සිදුකළ යුතුයි. සමගි ජනබලවේග ආණ්ඩුවට ඒ හැකියාව තිබෙනවා.

ගෝලීය ආර්ථිකය හදිසියේ වෙනස් වුණොත් නැතිනම් ලංකාව තුළ ආර්ථිකමය ගැටලුවත් ඇති වුවහොත් රටේ ආර්ථික කළමනාකරණයේ යම් වෙනස් කිරීම් සිදුකරන්න වෙනවා. එවැනි තත්ත්වයක් තුළ රටේ ආර්ථික කළමනාකරණය වෙනස් කර නොගතහොත් රට කඩාවැටීම ලක්වෙනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එකඟවුණ දර්ශක ඉලක්කවල සමගි ජනබලවේගය එකඟවන්නේ නෑ. ඒවා වෙනස් විය යුතුයි. ජාත්‍යන්තර ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය කර ගන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඉලක්ක නීතියක් බවට පරිවර්තනය කර ගන්නනම් ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවක්."

සම්බන්ධිත පුවත් | Related News

ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ගුවන් යානයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී විශේෂ පරීක්ෂාවකට ලක්කර ඇතැයි වාර්තා වෙයි.
පළාත් පාලන මැතිවරණයට අදාළව සිදුකෙරන සියලු ප්‍රචාරක කටයුතු අද (03) මැදියම් රැයෙන් අවසන් වන බව මැතිවරණ කොමිසම පවසයි.
ඉන්දු - පාකිස්තානු ගැටුම සමස්ත කලාපයටම ඉතා දරණු ලෙස දැනෙන බවත්, 1960 සිට පවත්වාගෙන ගිය ඉන්දු ගංගාවේ ජලය පාකිස්ථානය සමග බෙදා ගැනීමේ ගිවිසුම අත්හිටුවීම හරහා ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ඉතා දරුණු තීරණයක් ගෙන ඇති බවත්, ඉන්දියාව සමග බලශක්ති හෝ වෙනත් ඕනෑම ගිවිසුමකට එළඹී ඇති කලාපයේ අනෙකුත් රටවල්වලටද මෙය හොඳ පාඩමක් බවත් ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.
වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.
ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් නීතිත්‍යානූකූල නොවන බව ජාතික සංවිධාන නියෝජිත වෛද්‍ය සකුන්තලා සෙනවිරත්න පවසයි.
කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරයට එරෙහිව ප්‍රදේශවාසීන් පිරිසක් විසින් කොළඹ පිහිටි තම කාර්යාලය ඉදිරිපිට පවත්වන ලද විරෝධතාවයකට ප්‍රතිචාර දක්වමින් පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේ ශ්‍රී ලංකාවේ මෙම විරෝධතා ඇති කළේ කවුරුන්ද යන්න රහසක් නොවන බවයි.
ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම්වල කිසිඳු වලංගුතාවක් නොමැති බවත්, ඒබව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට දැනුම්දුන් බවත් ජාතික සංවිධාන නියෝජනය කරමින් සිවිල් ක්‍රියාකාරික සංක චන්දිම මහතා පවසයි.
රහසිගත ලෙස රටේ ජනතාවගෙන් සඟවා ඇති ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි සමග අත්සන් කෙරුණු ගිවිසුම් සම්බන්ධයෙන් දැඩි මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත්, මෙම ගිවිසුම් ශ්‍රී ලාංකික ජනතාව ප්‍රතික්ෂේප කළයුතු බවත් ජාතික සංවිධාන නියෝජනය කරමින් ජෙහාන් හමීඩ් මහත්මිය පවසයි.
ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

ප්‍රධාන පුවත්

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමැණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර මහතාව වැළඳ ගනිමින් සිදුකළ ජවනිකාව නිවැරදිව වටහාගත යුතු බවත්, ඉන්දියානු සටකපට ව්‍යාපෘතිය හඳුනා ගැනීමට නොහැකි තරම් බුද්ධි හීනයන් නොවිය යුතු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසති.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි

නාමයෝජනා පත්‍රයක් පුරවා ගන්න බැරි අයෙක් ගමක් පාලනය කරන්නේ කෙසේද? යනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විරෝධය එල්ල වනු දැකිය හැකි බැවින් ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනවලින්

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.