News Category
From Date
To Date
Maximum Number of Result

ආර්. ප්‍රේමදාස යටත් වෙන්නැයි දුන් නියෝගය නිසා LTTE ත්‍රස්තයන් අතින් ඝාතනය වූ නිරායුධ පොලිස් නිලධාරින්ගේ කතාව.... කොටි ත්‍රස්තයන් නිරායුධ පොලිස් නිලධාරින් 600ක් ඝාතනය කර වසර 34යි

Jun 12, 2024 at 04:09 PM
|

1990 ජූනි 11 වැනිදා අම්පාර දිස්ත්‍රික්කයේ, තිරුක්කෝවිල්, රූපස් කුලම් කැලෑවේ දී නිරායුධ පොලිස් නිලධාරින් 600ක් ඝාතනය කර වසර 34 ක් පිරීම නිමිත්තෙන් අම්පාර පොලිස් අධිකාරි කාර්යාලය ඉදිරිපිට රණවිරු ස්මාරකය අසල දී ඊයේ උපහාර උලෙළක් පවත්වා ඇති බව වාර්තා වේ.

මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරි නන්දන ජයපත්ම මහතා සහභාගි වූ බව වර්තා වෙයි.

කෙසේ වෙතත් ඇතැම් වාර්තා සඳහන් කරන්නේ මෙම සිදුවීමෙන් ඝාතනයට ලක්ව වූ පොලිස් නිලධාරීන් ගණන 774ක් බවය.

ඊයේ පැවති මෙම අනුස්මරණ අවස්ථාවට මීට වසර 34ක ට පෙර මරාදැමූ පොලිස් නිලධාරින්ගේ මව්පියන්, භාර්යාවන්, දූ දරුවන් එක්ව සිටි බව ද වාර්තා වේ.

1990 ජූනි 11 දා LTTE ය විසින්  කල්මුණේ නගරයේ දී යුද හමුදා ට්‍රක් රථයක් ඉලක්ක කොට පිපුරුමක් සිදුකර හමුදා සෙබළුන් 11 දෙනකු ඝාතනය කර තිබූ අතර, ඉන් පසුව උතුරු සහ නැඟෙනහිර පිහිටි පොලිස් ස්ථාන අසලට 20 - 25 අතර LTTE සාමාජිකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් පැමිණ එහි සිටින සියලු පොලිස් නිලධාරීන්ට යටත් වන ලෙස නිවේදනය කර තිබේ.

මේ බව අදාළ පොලිස් ස්ථානාධිපතිවරුන් සිය ඉහළ නිලධාරීන්ට දන්වා තිබූ අතර ඔවුන්ගේ පිළිතුර වූයේ සුදු කොඩි ඔසවා අවි බිම තබා යටත් වන ලෙසය.

මෙම සිද්ධියේ දී දිවි ගලවා ගත් කල්මුණ පොලිසියේ සේවය කළ පොලිස් නිලධාරියකු වන පොලිස් සැරයන් මනෝජ් ප්‍රියන්ත සිරිවර්ධන මහතා පවසන්නේ එදින කල්මුණ පොලිසියේ පමණක් 150කට ආසන්න පිරිසක් සේවයේ යෙදී සිටි බවයි.

ඒ මහතා මෙම සිදුවීම විස්තර කරන්නේ මෙසේය.

“ඔය කියන දවසේ එදා උදේ යුද හමුදාවේ 11 දෙනෙක් කල්මුණේ නගරයේ දී ඝාතනය කර තිබුණා. ඉන් පස්සේ අපේ පොලිසිය ඉස්සරහට ඇවිත් අපිට කිව්වා යටත් වෙයල්ලා නැත්නම් උඹලට වෙන්නේ මැරෙන්නයි කියලා. අපි සියලු දෙනා කතා වුණා යටත් වී මැරුම් කනවට වැඩිය මරාගෙන මැරෙන එක හොදයි කියලා. එහෙම ඉදිද්දී LTTE එකේ අය වරින් වර පොලිසියට මෝටාර් ගැහුවා. ඒ වෙනකොට පොලීසි වලට මෝටාර් වගේ බර අවි ආයුධ නිකුත් කරලා තිබුණේ නැහැ. අපි කළේ අපි ළඟ තිබුණු ආයුධ වලින් එයාලට වෙඩි තියපු එක.

එදා කල්මුණ පොලිසියේ ගේට්ටුවේ රාජකාරි කළේ මම. හවස2.00 ට විතර වෙන නිලධාරී දෙදෙනකුට රාජකාරිය බාරදීලා මම කාමරයට ගිහින් නිල ඇදුම් ගලවා ආයේ ඇවිත් ඉස්සරහ තිබ්බ බංකරයට වෙලා හිටියා. එහෙම ඉන්න කොට LTTE ඉදිරිපස බංකරයට මෝටාර් ගහලා එත උන්නු පොලිස් නිලධාරීන් පස් දෙනෙක් විතර මරලා දැම්මා. සවස 06.15ට විතර එදා කල්මුණේ සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස කටයුතු කළ අයිවන් බොතේජු මහත්තයා අපිට කතා කළා.

එයා කිව්වා කොළඹින් නියෝගයක් ඇවිත් තියෙනවා අවි ආයුධ බිම තියලා යටත් වෙන්න කියලා ඒ නිසා යත් වෙන්න කියලා.  මමත් කැමති නැහැ යටත් වෙන්න. නමුත් මේක ඉහළින් ආපු නියෝගයක් නිසා අපි යටත් වෙමු කියලා එයා කිව්වා. ඒත් අපි නම් කැමති වුණේ නැහැ ආයුධ බිම තියන්න. ඒත් අවසානයේ අපිටත් සිදු වුණා යටත් වෙන්න. ඒ අනුව අපි අවි ආයුධ බිම තියලා සුදු කොඩියක් අරගෙන පෝලිමේ ගියා. කල්මුණේ හන්දියේ දී LTTE එක අපිව එයාලගේ භාරයට ගත්තා. ඒ.එස්.පී. බොතේජු මහත්තයත් අපි එක්ක හිටියා. 

මඩකලපුව, කලවන්චිකුඩි, වෙල්ලාවලි පොලීසි වල නිලධාරීනුත් අපි වගේම ආයුධ බිම තියලා යටත් වුණු බව LTTE ඒක අපිට කිව්වා. අපිව කල්මුණේ හන්දියට අරන් ගියාට පස්සේ බස් රථ 3 ක් ගෙනත් අපි කට්ටියම ඒ බස් වලට නැග්ග ගත්තා. එයාල කිව්වා අපිව අම්පාරට ගෙනිහින් ඇරලවනවා කියලා. හැබැයි අතර මගදී අම්පාර පාරේ නොගිහින් අතුරු පාරකට හැරෙව්වා. ඒ පාරේ ගිහින් වැටුණේ කැළෑ පැත්තකට. එතෙන්දී අපේ ඇස් බැන්දා. අත්දෙක පිටිපස්සට තියලා බැන්දා. අපි ඉතින් හිතුවා වැඩේ වැරදුණා කියලා. එහෙම හිතාගෙන ඕනම දේකට මුහුණ දෙන්න සූදානම් වෙලා හිටියා. බස් රථ 03ම කැළෑවට ගෙනිච්චා. අපිව භාරව හිටපු LTTE අයට හොඳට සිංහල පුළුවන්. 

බස් වලින් බස්සපු අපිව පෝලිමට තියලා වෙඩි තිව්වා. වෙඩි කාගෙන මගේ ඇග උඩටත් කිහිප දෙනෙක් වැටුණා. ඒ නිසා මට වෙඩි වැදුණේ නැහැ. මම මැරිලා වගේ හිටියා. 

ටික වෙලාවකට පස්සේ LTTE යන්න ගියා. එයාලා ඔවුන් ගිහින් ටික වෙලාවකට පස්සේ මම බඩගාගෙන කැළෑවටම ගියා. අත්දෙකයි ඇස් දෙකයි ලිහාගෙන බඩගාගෙන වාගේ කැළෑවටම ගියා.

ඊට පස්සේ ඒ කැලේ දී ම මම වගේම ජීවිතය බේරාගෙන ආපු ගමගේ රාළහාමි හමුවුණා. කැලේ මැද්දෙන් රෑ 7.30 ට විතර අපි මාන්තොට්ටමට ගියා. ඊට පස්සේ දමන පොලිසිය අපි දෙන්නව අම්පාර රෝහලට ඇතුළත් කළා” 

ඉහළින් ආ නියෝගයකට අවනත වී අවි බිම තබා 1990 ජූනි 11 වන දින රෑ 7.30 ට පමණ යටත් වූ තවත් එක් පොලිස් ස්ථානයක් වන්නේ සම්මන්තුරේයි පොලිස් ස්ථානය යි. ඒ වන විට එහි ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් 200කට ආසන්න පිරිසක් සේවයේ නිරතව සිටි බව පැවසෙයි. එදින උදෑසන 10.00ට පමණ සම්මන්තුරේයි ප්‍රාදේශිය LTTE නායක කුමාර නැමැත්තා පොලිසිය තුළට පැමිණ අවට සියලුම පොලිස් ස්ථාන ඒ වන විට යටත් වී ඇති හෙයින් යටත් වන ලෙස දන්වා තිබූ බවයි වාර්තා වන්නේ. එදින සවස් වනවිට  ඉහළින් ද යටත් වන ලෙස පොලිසියට දැනුම් දී තිබූ හෙයින් වෙනත් කර කියා ගත හැකි කිසිවක් නොවුණු තැන සම්මන්තුරේයි පොලිසිය ද යටත් වූ බව පැවසේ. 

මෙම සිදුවීම වන අවස්ථාවේ අම්පාර කොට්ඨාස බාර සහකාර පොලිස් අධිකාරි වශයෙන් කටයුතු කර ඇත්තේ පසුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස සේවය කළ රවී විජේගුණවර්ධන මහතායි.

මේ පිළිබඳව පසු කළෙක ඔහු දක්වා ඇති අදහස්,

“එවකට මගේ ඉහළ නිළධාරියා වූයේ පොලිස් අධිකාරි මූර්දීන් මහතායි. ඔහුගේ උපදෙස් අනුව මම තමයි ඒ කටයුතු සියල්ල සම්බන්ධීකරණය කළේ. මම කළේ ඉහළින් ලැබෙන නියෝග නිවේදනය කිරීමයි. සිද්ධිය සිදු වී දවස් 03කට පස්සේ අපි එම පොලිස් නිලධාරීන් මරා දමා තිබූ ස්ථානයට අම්පාර විද්‍යානන්ද පිරිවෙනේ නායක කිරිදිවෙල සෝමරතන හිමියන් ඇතුළු සංඝයා වහන්සේලා කිහිප නමක් හා රාජ්‍ය නිළධාරීන් කිහිප දෙනෙක් එක්ක ගිහින් මතක වස්ත්‍ර පූජා කොට පාංශුකූලය දී පින්පෙත් අනුමෝදන් කළා. පසුකලක මගේ මූලිකතත්වයෙන් මියගිය පොලිස් නිලධාරීන් වෙනුවෙන් ස්මාරකයක් ඉදිකරලා සෑම වර්ෂයකම ඔවුන්ගේ ඥාතීන් ගෙන්වා ඔවුන් සිහි කිරීමේ උත්සවයක් පවත්වන්නට කටයුතු කළා.” 

කෙසේ වුවද, මඩකලපුව පොලිස් කොට්ඨාසයේ කලවන්චිකුඩි, වෙල්ලාවලි, පෝරතීව් වැනි පොලිස් ස්ථාන වලින් පැහැරගත් පොලිස් නිලධාරීන් මරා දැමූ ස්ථානය තාමත් සොයා ගැනීමට නොහැකි වී ඇති බව පැවසේ.

මෙම සිද්ධියෙන් අම්පාර පොලිස් කොට්ඨාසයේ පමණක් සහකාර පොලිස් අධිකාරි වරයෙකු වූ අයිවන් පී. බොතෝජු, පොලිස් පරික්ෂකවරු දෙදෙනෙකු වන එම්.එස්.එම්. නිසාර් සහ ආනන්ද විජේසේකර, උප පොලිස් පරීක්ෂකවරු වූ එම්. හසන් හා ඩබ්ලිව්.ඒ. සුමතිරත්න ඇතුළු පොලිස් සැරයන්වරු සහ පොලිස් කොස්තාපල්වරු 298ක් පමණ ඝාතනයවී තිබිණි.

එවකට පොලිස්පතිව සිටි 1988 අගෝස්තු 08 වන දින පොලිස්පති ධුරයේ වැඩ බාරගත් අර්නස්ට් පෙරේරා මහතා මෙම යටත්වීමේ නියෝගය ලබා දී තිබුණු බව වාර්තා වන අතර, මේ නියෝගය ලැබුණේ එවකට ජනාධිපතිව සිටි ආර්. ප්‍රේමදාස වෙතින් බවත් සඳහන්ය.

2017 ජූලි 15 වැනිදා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී මේ ඝාතනය පිළිබඳව පොල් නියුටන් නමැති අය එය පිළිගනිමින් කියා තිබුණේ මෙම ඝාතනය සිදුකළේ ඒ වන විට නැඟෙනහිර පළාත බාරව කටයුතු කළ LTTE සංවිධානයේ විනයගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් විසින් බවයි. ඔහුගේ දෙවෙනියා ලෙස කටයුතු කළේ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලියාන් බවයි පැවසෙන්නේ. වරෙක කරුණා අම්මාන්   සඳහන් කර තිබුණේ නැඟෙනහිර දී සිදුවූයේ යුද අපරාධයක් බවයි. තමන් LTTE  හී නැඟෙනහිර නායකයාව සිටියත් මෙම ඝාතනය කළේ පොට්ටු අම්මාන්ට කළ නියෝගයක් මත බව ඔහු පවසා තිබිණි.

කෙසේ වුවද, 1990 ජුනි 11 මෙම ඝාතනය සිදුවනවිට එවකට ජනාධිපති ආර්. ප්‍රේමදාස හා LTTE සංවිධානය අතර කොළඹ දී සාකච්ඡා පැවැත්වෙමින් තිබුණි.

සම්බන්ධිත පුවත් | Related News

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා පෞද්ගලිකව ඉලක්ක කර ගනිමින් ව්‍යාජ චෝදනා එල්ල කිරීම පිටුපස ආරක්ෂක හමුදා බිය වද්දා බෙදුම්වාදී අරමුණු ඉටුකර ගැනීමට අධිරාජ්‍යවාදී බලවේග දියත් කරන කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් පවතින බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.
පසුගිය අප්‍රේල් 8 වනදා ප්‍රකාශයට පත් කළ සටන්විරාමයෙන් පසුව මැදපෙරදිග කලාපය මුහුණ දෙන දරුණුතම ගැටුම්කාරී තත්ත්වය මේ වන විට උද්ගතව තිබේ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම් සහ චීන ජනාධිපති ෂී ජින්පිං, ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොරියාවේ රාජ්‍ය සංචාරය සඳහා අද ප්යොංයැංග නුවරට පැමිණියේය.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සඳහා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට අද (08) ඔහුගේ මව සහභාගී විය.
පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන විමර්ශන කිසිදු හේතුවක් මත අඩාල වීමට හෝ වෙනත් අතකට හැරවීමට ඉඩ දිය නොහැකි බව අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා පවසයි.
පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට මෙන්ම රැඳවුම් නියෝග මත ඔහුව රඳවාගෙන සිටීමට විරෝධය පළකරමින් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද පෙරවරුවේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කෙරුණි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.

ප්‍රධාන පුවත්

සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා පෞද්ගලිකව ඉලක්ක කර ගනිමින් ව්‍යාජ චෝදනා එල්ල කිරීම පිටුපස ආරක්ෂක හමුදා බිය වද්දා බෙදුම්වාදී අරමුණු ඉටුකර ගැනීමට අධිරාජ්‍යවාදී බලවේග දියත් කරන කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් පවතින බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සඳහා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට අද (08) ඔහුගේ මව සහභාගී විය.

ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"

පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.

සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.

සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජානිපෙ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහනක් පහළින්..

සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..

තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් ඊයේ (07) අනාවරණ කර තිබිණි.

වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්

ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් "X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

යාපනයේ ජාතිව‍ාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්

යාපනය විශ්ව විද්‍යාලයේ වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් නිර්මාණය කළ වෙසක් කූඩුවක් විනාශ කිරීම සම්බන්ධයෙන් තමන් මුලින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම වාර්තා කළ බවත්, මෙම සිදුවීම පාදක කරගනිමින් තමන් ජාතිවාදය අවුස්සන බවට කිහිපදෙනෙකු විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශ හෙළාදකින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.

මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..

වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.