ආර්. ප්‍රේමදාස යටත් වෙන්නැයි දුන් නියෝගය නිසා LTTE ත්‍රස්තයන් අතින් ඝාතනය වූ නිරායුධ පොලිස් නිලධාරින්ගේ කතාව.... කොටි ත්‍රස්තයන් නිරායුධ පොලිස් නිලධාරින් 600ක් ඝාතනය කර වසර 34යි
1990 ජූනි 11 වැනිදා අම්පාර දිස්ත්‍රික්කයේ, තිරුක්කෝවිල්, රූපස් කුලම් කැලෑවේ දී නිරායුධ පොලිස් නිලධාරින් 600ක් ඝාතනය කර වසර 34 ක් පිරීම නිමිත්තෙන් අම්පාර පොලිස් අධිකාරි කාර්යාලය ඉදිරිපිට රණවිරු ස්මාරකය අසල දී ඊයේ උපහාර උලෙළක් පවත්වා ඇති බව වාර්තා වේ.
මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරි නන්දන ජයපත්ම මහතා සහභාගි වූ බව වර්තා වෙයි.
කෙසේ වෙතත් ඇතැම් වාර්තා සඳහන් කරන්නේ මෙම සිදුවීමෙන් ඝාතනයට ලක්ව වූ පොලිස් නිලධාරීන් ගණන 774ක් බවය.
ඊයේ පැවති මෙම අනුස්මරණ අවස්ථාවට මීට වසර 34ක ට පෙර මරාදැමූ පොලිස් නිලධාරින්ගේ මව්පියන්, භාර්යාවන්, දූ දරුවන් එක්ව සිටි බව ද වාර්තා වේ.
1990 ජූනි 11 දා LTTE ය විසින් කල්මුණේ නගරයේ දී යුද හමුදා ට්‍රක් රථයක් ඉලක්ක කොට පිපුරුමක් සිදුකර හමුදා සෙබළුන් 11 දෙනකු ඝාතනය කර තිබූ අතර, ඉන් පසුව උතුරු සහ නැඟෙනහිර පිහිටි පොලිස් ස්ථාන අසලට 20 - 25 අතර LTTE සාමාජිකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් පැමිණ එහි සිටින සියලු පොලිස් නිලධාරීන්ට යටත් වන ලෙස නිවේදනය කර තිබේ.
මේ බව අදාළ පොලිස් ස්ථානාධිපතිවරුන් සිය ඉහළ නිලධාරීන්ට දන්වා තිබූ අතර ඔවුන්ගේ පිළිතුර වූයේ සුදු කොඩි ඔසවා අවි බිම තබා යටත් වන ලෙසය.
මෙම සිද්ධියේ දී දිවි ගලවා ගත් කල්මුණ පොලිසියේ සේවය කළ පොලිස් නිලධාරියකු වන පොලිස් සැරයන් මනෝජ් ප්‍රියන්ත සිරිවර්ධන මහතා පවසන්නේ එදින කල්මුණ පොලිසියේ පමණක් 150කට ආසන්න පිරිසක් සේවයේ යෙදී සිටි බවයි.
ඒ මහතා මෙම සිදුවීම විස්තර කරන්නේ මෙසේය.
“ඔය කියන දවසේ එදා උදේ යුද හමුදාවේ 11 දෙනෙක් කල්මුණේ නගරයේ දී ඝාතනය කර තිබුණා. ඉන් පස්සේ අපේ පොලිසිය ඉස්සරහට ඇවිත් අපිට කිව්වා යටත් වෙයල්ලා නැත්නම් උඹලට වෙන්නේ මැරෙන්නයි කියලා. අපි සියලු දෙනා කතා වුණා යටත් වී මැරුම් කනවට වැඩිය මරාගෙන මැරෙන එක හොදයි කියලා. එහෙම ඉදිද්දී LTTE එකේ අය වරින් වර පොලිසියට මෝටාර් ගැහුවා. ඒ වෙනකොට පොලීසි වලට මෝටාර් වගේ බර අවි ආයුධ නිකුත් කරලා තිබුණේ නැහැ. අපි කළේ අපි ළඟ තිබුණු ආයුධ වලින් එයාලට වෙඩි තියපු එක.
එදා කල්මුණ පොලිසියේ ගේට්ටුවේ රාජකාරි කළේ මම. හවස2.00 ට විතර වෙන නිලධාරී දෙදෙනකුට රාජකාරිය බාරදීලා මම කාමරයට ගිහින් නිල ඇදුම් ගලවා ආයේ ඇවිත් ඉස්සරහ තිබ්බ බංකරයට වෙලා හිටියා. එහෙම ඉන්න කොට LTTE ඉදිරිපස බංකරයට මෝටාර් ගහලා එත උන්නු පොලිස් නිලධාරීන් පස් දෙනෙක් විතර මරලා දැම්මා. සවස 06.15ට විතර එදා කල්මුණේ සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස කටයුතු කළ අයිවන් බොතේජු මහත්තයා අපිට කතා කළා.
එයා කිව්වා කොළඹින් නියෝගයක් ඇවිත් තියෙනවා අවි ආයුධ බිම තියලා යටත් වෙන්න කියලා ඒ නිසා යත් වෙන්න කියලා. මමත් කැමති නැහැ යටත් වෙන්න. නමුත් මේක ඉහළින් ආපු නියෝගයක් නිසා අපි යටත් වෙමු කියලා එයා කිව්වා. ඒත් අපි නම් කැමති වුණේ නැහැ ආයුධ බිම තියන්න. ඒත් අවසානයේ අපිටත් සිදු වුණා යටත් වෙන්න. ඒ අනුව අපි අවි ආයුධ බිම තියලා සුදු කොඩියක් අරගෙන පෝලිමේ ගියා. කල්මුණේ හන්දියේ දී LTTE එක අපිව එයාලගේ භාරයට ගත්තා. ඒ.එස්.පී. බොතේජු මහත්තයත් අපි එක්ක හිටියා.
මඩකලපුව, කලවන්චිකුඩි, වෙල්ලාවලි පොලීසි වල නිලධාරීනුත් අපි වගේම ආයුධ බිම තියලා යටත් වුණු බව LTTE ඒක අපිට කිව්වා. අපිව කල්මුණේ හන්දියට අරන් ගියාට පස්සේ බස් රථ 3 ක් ගෙනත් අපි කට්ටියම ඒ බස් වලට නැග්ග ගත්තා. එයාල කිව්වා අපිව අම්පාරට ගෙනිහින් ඇරලවනවා කියලා. හැබැයි අතර මගදී අම්පාර පාරේ නොගිහින් අතුරු පාරකට හැරෙව්වා. ඒ පාරේ ගිහින් වැටුණේ කැළෑ පැත්තකට. එතෙන්දී අපේ ඇස් බැන්දා. අත්දෙක පිටිපස්සට තියලා බැන්දා. අපි ඉතින් හිතුවා වැඩේ වැරදුණා කියලා. එහෙම හිතාගෙන ඕනම දේකට මුහුණ දෙන්න සූදානම් වෙලා හිටියා. බස් රථ 03ම කැළෑවට ගෙනිච්චා. අපිව භාරව හිටපු LTTE අයට හොඳට සිංහල පුළුවන්.
බස් වලින් බස්සපු අපිව පෝලිමට තියලා වෙඩි තිව්වා. වෙඩි කාගෙන මගේ ඇග උඩටත් කිහිප දෙනෙක් වැටුණා. ඒ නිසා මට වෙඩි වැදුණේ නැහැ. මම මැරිලා වගේ හිටියා.
ටික වෙලාවකට පස්සේ LTTE යන්න ගියා. එයාලා ඔවුන් ගිහින් ටික වෙලාවකට පස්සේ මම බඩගාගෙන කැළෑවටම ගියා. අත්දෙකයි ඇස් දෙකයි ලිහාගෙන බඩගාගෙන වාගේ කැළෑවටම ගියා.
ඊට පස්සේ ඒ කැලේ දී ම මම වගේම ජීවිතය බේරාගෙන ආපු ගමගේ රාළහාමි හමුවුණා. කැලේ මැද්දෙන් රෑ 7.30 ට විතර අපි මාන්තොට්ටමට ගියා. ඊට පස්සේ දමන පොලිසිය අපි දෙන්නව අම්පාර රෝහලට ඇතුළත් කළා”
ඉහළින් ආ නියෝගයකට අවනත වී අවි බිම තබා 1990 ජූනි 11 වන දින රෑ 7.30 ට පමණ යටත් වූ තවත් එක් පොලිස් ස්ථානයක් වන්නේ සම්මන්තුරේයි පොලිස් ස්ථානය යි. ඒ වන විට එහි ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් 200කට ආසන්න පිරිසක් සේවයේ නිරතව සිටි බව පැවසෙයි. එදින උදෑසන 10.00ට පමණ සම්මන්තුරේයි ප්‍රාදේශිය LTTE නායක කුමාර නැමැත්තා පොලිසිය තුළට පැමිණ අවට සියලුම පොලිස් ස්ථාන ඒ වන විට යටත් වී ඇති හෙයින් යටත් වන ලෙස දන්වා තිබූ බවයි වාර්තා වන්නේ. එදින සවස් වනවිට ඉහළින් ද යටත් වන ලෙස පොලිසියට දැනුම් දී තිබූ හෙයින් වෙනත් කර කියා ගත හැකි කිසිවක් නොවුණු තැන සම්මන්තුරේයි පොලිසිය ද යටත් වූ බව පැවසේ.
මෙම සිදුවීම වන අවස්ථාවේ අම්පාර කොට්ඨාස බාර සහකාර පොලිස් අධිකාරි වශයෙන් කටයුතු කර ඇත්තේ පසුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස සේවය කළ රවී විජේගුණවර්ධන මහතායි.
මේ පිළිබඳව පසු කළෙක ඔහු දක්වා ඇති අදහස්,
“එවකට මගේ ඉහළ නිළධාරියා වූයේ පොලිස් අධිකාරි මූර්දීන් මහතායි. ඔහුගේ උපදෙස් අනුව මම තමයි ඒ කටයුතු සියල්ල සම්බන්ධීකරණය කළේ. මම කළේ ඉහළින් ලැබෙන නියෝග නිවේදනය කිරීමයි. සිද්ධිය සිදු වී දවස් 03කට පස්සේ අපි එම පොලිස් නිලධාරීන් මරා දමා තිබූ ස්ථානයට අම්පාර විද්‍යානන්ද පිරිවෙනේ නායක කිරිදිවෙල සෝමරතන හිමියන් ඇතුළු සංඝයා වහන්සේලා කිහිප නමක් හා රාජ්‍ය නිළධාරීන් කිහිප දෙනෙක් එක්ක ගිහින් මතක වස්ත්‍ර පූජා කොට පාංශුකූලය දී පින්පෙත් අනුමෝදන් කළා. පසුකලක මගේ මූලිකතත්වයෙන් මියගිය පොලිස් නිලධාරීන් වෙනුවෙන් ස්මාරකයක් ඉදිකරලා සෑම වර්ෂයකම ඔවුන්ගේ ඥාතීන් ගෙන්වා ඔවුන් සිහි කිරීමේ උත්සවයක් පවත්වන්නට කටයුතු කළා.”
කෙසේ වුවද, මඩකලපුව පොලිස් කොට්ඨාසයේ කලවන්චිකුඩි, වෙල්ලාවලි, පෝරතීව් වැනි පොලිස් ස්ථාන වලින් පැහැරගත් පොලිස් නිලධාරීන් මරා දැමූ ස්ථානය තාමත් සොයා ගැනීමට නොහැකි වී ඇති බව පැවසේ.
මෙම සිද්ධියෙන් අම්පාර පොලිස් කොට්ඨාසයේ පමණක් සහකාර පොලිස් අධිකාරි වරයෙකු වූ අයිවන් පී. බොතෝජු, පොලිස් පරික්ෂකවරු දෙදෙනෙකු වන එම්.එස්.එම්. නිසාර් සහ ආනන්ද විජේසේකර, උප පොලිස් පරීක්ෂකවරු වූ එම්. හසන් හා ඩබ්ලිව්.ඒ. සුමතිරත්න ඇතුළු පොලිස් සැරයන්වරු සහ පොලිස් කොස්තාපල්වරු 298ක් පමණ ඝාතනයවී තිබිණි.
එවකට පොලිස්පතිව සිටි 1988 අගෝස්තු 08 වන දින පොලිස්පති ධුරයේ වැඩ බාරගත් අර්නස්ට් පෙරේරා මහතා මෙම යටත්වීමේ නියෝගය ලබා දී තිබුණු බව වාර්තා වන අතර, මේ නියෝගය ලැබුණේ එවකට ජනාධිපතිව සිටි ආර්. ප්‍රේමදාස වෙතින් බවත් සඳහන්ය.
2017 ජූලි 15 වැනිදා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී මේ ඝාතනය පිළිබඳව පොල් නියුටන් නමැති අය එය පිළිගනිමින් කියා තිබුණේ මෙම ඝාතනය සිදුකළේ ඒ වන විට නැඟෙනහිර පළාත බාරව කටයුතු කළ LTTE සංවිධානයේ විනයගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් විසින් බවයි. ඔහුගේ දෙවෙනියා ලෙස කටයුතු කළේ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලියාන් බවයි පැවසෙන්නේ. වරෙක කරුණා අම්මාන් සඳහන් කර තිබුණේ නැඟෙනහිර දී සිදුවූයේ යුද අපරාධයක් බවයි. තමන් LTTE හී නැඟෙනහිර නායකයාව සිටියත් මෙම ඝාතනය කළේ පොට්ටු අම්මාන්ට කළ නියෝගයක් මත බව ඔහු පවසා තිබිණි.
කෙසේ වුවද, 1990 ජුනි 11 මෙම ඝාතනය සිදුවනවිට එවකට ජනාධිපති ආර්. ප්‍රේමදාස හා LTTE සංවිධානය අතර කොළඹ දී සාකච්ඡා පැවැත්වෙමින් තිබුණි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඩොනල්ඩ් ට්‍රම්ප් ජය තහවුරු කරයි
ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ආරක්ෂක අමාත්‍යවරයා නෙරපයි
ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ආරක්ෂක අමාත්‍යවරයා නෙරපයි
'අවම සුදුසුකම් ඇති ජනාධිපති අපේක්ෂක' කමලා හැරිස්ට වඩා ඩොනල්ඩ් ට්‍රම්ප්
මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව මෙරට අනාගාමික පෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කිරීම පැහැදිලියි - සාගර කියයි
පූජිත් - හේමසිරි නිදහස් කළ මහාධිකරණ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බල රහිත කරයි - යළිත් සාක්‍ෂි විභාග කරන්න නියෝග
සුභාෂ්කරන් අලිරාජා රට තුළ දැවැන්ත මෙහෙයුමක .. ඇඟ කිලි පොලා යන හෙළිදරව්වක් (වීඩියෝ)
උගන්ඩාවේ සල්ලි හංගපු කතා අපි කිව්වේ නැහැ... ඒවා කිව්වෙ සජබෙ අය - ටිල්වින් කියයි
ඇමති විජිතට විවාදයකට එන්නැයි ගම්මන්පිලගෙන් අභියෝගයක්.. තනිවම බැරි නම් කණ්ඩායමක් එක්ක එන්නලු
ට්‍රම්ප් දෙවන ජෝන් එෆ් කෙනඩි බවට පත්විය හැකියි -රුසියාවේ හිටපු ජනාධිපත් දිමිත්‍රි මෙද්වදෙව්
මහ මැතිවරණ දිනයට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කෙරේ
චීන - ශ්‍රී ලංකා මිත්‍රත්වය වසර 2,000කට වඩා පැරැණියි... චීනය සැමවිටම ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ සිටින විශ්වාසය තැබිය හැකි සැබෑ මිතුරෙක් - ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong
මේ වන විට වත්මන් ආණ්ඩුව ගත් සමස්ත ණය ප්‍රමාණය කෝටි 95, 875ක්... මෙවැනි ණය ගැනීමක් ඉතිහාසයේ කවදාවත් වාර්තා වී නැහැ - ගම්මන්පිල හෙළිකරයි (වීඩියෝ)
එක්සත් ජනපදය මැද පෙරදිගට න්‍යෂ්ටික බෝම්බ හෙලන යානා යැවීමට තීරණය කරයි.
මහ ඡන්දය නිසා IMF තුන්වන ණය වාරිකය ප්‍රමාදයිලු... තෙවන සමාලෝචනයත් කල්යයි
පවතින නීති සංශෝධනය කර රනිල්ව නැවත දේශපාලනයට ගේන්න පුලුවන් - රාජිත කියයි