තරුෂිකාට සිදු කළ දෙයට නොදෙවෙනි සිදුවීමක් මහනුවර අධ්‍යාපන කලාපයෙන් වාර්තා වේ
ජාතික පාසල් වුෂු තරගාවලිය සැප්තැම්බර් මස 23, 24, 25 යන දිනවලදී මහනුවර දිගන දි පැවත්වීමට කටයුතු කර තිබූ අතර, ප්‍රධාන ආරාධිතයා වන මහනුවර අධ්‍යාපන අධ්‍යක්ෂක නොපැමිනීම නිසා වුෂු අතුරු කමිටුවේ සභාපති අතපත්තු මහතා විසින් එය ආරම්භ කර ඇත.
දිවයිනේ ජාතික පාසල් 50 කට ආසන්න ළමුන් දහසකට වැඩිය සංඛ්‍යාවක් සහභාගී වූ එම තරගාවලියේදී ළමුන්ට නවාතැන් පහසුකම් සදහා ලබා දුන්නේ තවත් අඩු පහසුකම් ඇති පාසලක් විය.
දින 03 ක් නිදාගන්න දුන්නේ පාසැලේ ඩෙස් බංකු මත වන අතර, කැසිකිළි පහසුකම් සඳහා පෝලිමේ පැය ගාණක් බලා සිටිමට සිදුවිය.
ආරක්ෂාවක් නොමැති නිසා බඩු පරිස්සම් කර ගන්න දරුවන් නිදි වර්ජිතව සිටිමට සිදුවිය. ගැහැණු දරුවෝ අන්ත අසරණ විය.
ප්‍රමාදවී ආරම්භ කිරීම නිසා නියමිත වේලාවට අවසන් කිරිමට නොහැකි වු හෙයින ළමුන් බහුතරයක් උදේ සිට බලාගෙන සිට තරග නොමැතිව කළකිරිමෙන් ආපසු ගිය අවස්ථාවන් ද වාර්තා විය.
2023.09. 24 දින එක දවසේ ඉසව් දෙකක් කිරිමට සිදුවීම නිසා ළමුන් ගේ වෙහෙස නිසා නියම දක්ෂතාවයට පැමිණිමට අපොහොසත් වි මානසික කලකිරුණු අවස්ථා බොහෝ විය.
දරුවන් කිහිපදෙනක් හදිසි අනතුරු වලට භාජනය විය. කිසිම ප්‍රතිකාරයක් කිරිමට සෞඛ්‍ය කාර්යය මණ්ඩලයක් නොමැති වූ අතර රෝගී වූ දරුවන් ගිලන්රථ සේවයක් පවත්වා ගැනීමට කටයුතු නොකිරීම නිසා පාරේ යන ත්‍රිවිල් වලට දමාගෙන රෝහල් වලට ගෙන යෑමට සිදුවිය.
බොහෝමයක් ළමුන් පැමිණ තිබුණේ පාසල් ගුරුවරු සමගය.
පාසල් වල වුෂු උගන්වන අය විනිසුරු මංඩලයේ සිටි බැවින් තීරණ ලබා දීමේදි පක්ෂග්‍රාහීත්වය නිසා පැමිණිලි කිරිමට තිබුණද ජුරියට අදාළ මහනුවර අධ්‍යාපන අධ්‍යක්ෂක වරයා විසින් දි තිබුණ නියෝග වන්නේ "වීඩීයෝ බාර ගන්න එපා " යන්න නිසා අසාධාරණ සිදුවීය.
නමුත් අදාළ සිදුවීම් වාර්තා කිරීමට කැමරා ස්ථානගත කර තිබුණේ ද නැත.
වූෂු අතුරු කමිටුවේ සභාපති අතපත්තු මහතා විසින් විනිසුරු මංඩලයට බලපෑම් කළේ "මාතර පාසල් වලට " වැඩියෙන් ලකුණු ලබා දෙන ලෙසත්, කොළඹ ළමයින්ට ශූරතා නොදි වෙනත් ප්‍රදේශවල ළමුන්ට ඒවා බෙදි යන ආකාරයට කටයුතු කරන ලෙසය.
අකාර්යක්ෂම තාවය නිසා ලෝකයේ ප්‍රථම වරට එකම මෙට්ට්‍රස් එකේ ළමුන් දෙන්නෙක් තමන් ගේ තරඟ එකට කිරිමට සිදු කර වාර්තාවක් තැබිය.
පදක්කම් හා සහතික පත්‍ර ගෙනවිත් තිබුණ අතර එක ශුරතා කුසලානයක් පමණක් ගෙන විත් හැම ළමයෙක්ටම මාරු කරමින් ප්‍රධානය කර ළමයි ගේ මානසික මට්ටම පහලටම ඇද දැම්මේ ය.
2023.09.25 වන දින රාත්‍රි 10.30-1100 වනතුරු තරග පවත්වා යන්තම් අවසන් කර ගත්තේ ය. ළමුන් බොහෝම වෙහෙස මහන්සි වි නිදි මතේ සිටින විට ආරම්භක උත්සවයට වත් නොපැමිණී මහනුවර අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා ඔහුගේ පුරා ජේරුව හා කතාන්දර කියමින් ළමුන් තවත් වෙහෙස කළේ ය. උපාධියක් තිබුණත් සාමාන්‍ය දැණුමක් නැති, මෝඩ පහේ මහත්තයෙක් විය.
අසියානු ක්‍රිඩා උළෙලේදී රන් පදක්කමක් ගත් ක්‍රීඩිකාව රුපියල් 30 ක් නැතුව ක්‍රිඩාංගනයෙන් එළියට දැමු මහනුවර අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් සිටි රටක ඉහත සදහන් කළ මං පොර මානසිකත්වයෙන් සිටී පෙර අධ්‍යක්ෂකවරුන් අනුගමනය කළ ක්‍රියාකලාපය නිසා මේ පුද්ගලයන්ගේ මානසික තත්වය මුලින්ම පරික්ෂා කර පසුව ක්‍රීඩා කටයුතු පිළිබඳ වගකීම් පැවරිය යුතුය.
- මහජන යුතුකම් කේන්ද්‍රය -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ.. - ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්..
පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙනරත් වික්‍රමසිංහ කාර්ය මණ්ඩලයට තර්ජනය කරයි..
ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ
කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..
ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..
"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!
ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..
සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..
ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..
ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!
හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)
ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්
ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..