මුලතිව් මහේස්ත්‍රාත්වරයාගේ ඉල්ලා අස්වීමේ ලිපියේ ඇත්ත කතාව
ඇත්ත වශයෙන්ම සිදුවූයේ කුමක්දැයි නොදැන විවිධ පුද්ගලයින් නිගමනවලට පැනීමට උත්සාහ කිරීම සහ මෙම ප්‍රශ්නය ගැන අදහස් දැක්වීම ඉතා කණගාටුදායක ය.
නීතිපතිවරයා ඔහුව දෙපාර්තමේන්තුවට කැඳවා ඔහුගේ නියෝගය වෙනස් කරන ලෙසට කී බවට උගත් මහේස්ත්‍රාත්වරයාගේ චෝදනාව සම්පූර්ණයෙන් වැරදිය.
'මහේස්ත්‍රාත්වරයා ව නිල/පෞද්ගලික තනතුරු දෙකෙන්ම වගඋත්තරකරුවෙකු ලෙස නම් කර ඇති ගරු අභියාචනාධිකරණයෙහි, ගොනු කරන ලද රිට් අයදුම්පත් 7 න් තුනක, කරුණු තහවුරු කිරීම 2023.10.11 දිනට යෙදී ඇත.
මේ අනුව 2023.09.14 දින ඔහු නීතිපතිවරයාගේ සහය ඉල්ලා ඔහු වෙනුවෙන් පෙනී සිටින ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ලිපියක් යවයි.
අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් 2023.09.15 දිනැති ඔවුන්ගේ ලිපිය මගින් මහේස්ත්‍රාත්වරයා වෙනුවෙන් පෙනී සිටින ලෙස නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටී.
අවශ්‍ය බලධාරීන්ගේ අනුමැතිය ඇතිව 2023.09.21 දින මහේස්ත්‍රාත්වරයා සමඟ සාකච්ඡා කිරීමට නීතිපතිවරයා තීරණය කළේ මේ පසුබිම තුළය.
ඒ නිසා මුලින්ම, ඔහුව මහේස්ත්‍රාත්වරයෙකු ලෙස 'කැඳෙව්වේ' නීතිපතිවරයා විසින් නියෝගය වෙනස් කරන ලෙස ඔහුට බලපෑම් කිරීමට නොවේ.
නමුත් එකී මුණ ගැසීම පැවැත්වුණ අතර, පෙර කී රිට් ඉල්ලීම් සඳහා නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් වන රජයේ අධිනීතීඥ කණ්ඩායමට උපදෙස් ලබා ගැනීම සඳහා සේවාදායකයෙකු ලෙස ඔහුගේ මහේස්ත්‍රාත්ධූර තත්වයෙන්ම ඔහු ඊට සහභාගී විය. එබැවින් එය ඇත්ත වශයෙන්ම උපදේශක-සේවාදායක සබඳතා හමුවක් විය.
ඔහු හොඳින්ම දන්නා හේතූන් මත, ඉතා උනන්දුවෙන් රැස්වීමට සහභාගී වූ ඔහු, මෙම අභූත/බොරු චෝදනාව එල්ල කර ඇත.
මෙම රැස්වීමේ සැබෑ අරමුණට දෙබිඩි අර්ථයක් දීම ඔහු අතින් සිදු වන සදාචාර විරෝධී මෙන්ම වෘත්තීය විරෝධි ක්‍රියාවකි.
ඉහත දැක්වෙන්නේ මෙම සමස්ත සිදුවීම සම්බන්ධයෙන් වූ නිවැරදි සත්‍ය පසුබිමයි.,
අදාළ ලිපි දෙක පහත දක්වා ඇත.
(උපුටා ගැනිමක්)

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..