News Category
From Date
To Date
Maximum Number of Result

ලොව විශිෂ්ටතමයන්ගෙත් විශිෂ්ටයකු වූ තරුණිය - හයිපතියා

Sep 27, 2023 at 05:55 PM
|

ක්‍රිස්තු වර් ෂ  415 වසන්තයේ මුල් දිනක  රෝම අධිරාජ්‍යයේ බුද්ධිමය හදවත වූ ඇලෙක්සැන්ඩ්‍රියා නගරයේ දී ඇගේ අශ්ව රථයෙන් ඇයව බිමට ගත් ඔවුහු  ළගම ඇති දෙවොලට උක්ත ඒ ගැහැනියව ඇදගෙන ගියහ. අනතුරුව ඇයව බිම පෙරලා නිරුවත් කර, තියුණු කිනිසි තුඩකින් ගුරුවරියගේ  සම ලෙලි ගසා, ඇගේ අත් පා ශරීරයෙන් කපා ඉවතට ගෙන වීදි දිගේ ඒවා  ඇදගෙන ගොස්, ඇගේ ශරීරයේ ඉතිරි කොටස් සමග සිසේරියම්  පුස්තකාලයේ දී පුළුස්සා දැමූහ.

ලෝකයට ඉමහත් සේවයක් කල අනගිතම තාරකා විද්‍යාඥවරියක් ක්‍රිස්තියානි පල්ලිය විසින් ඝාතණය කලේ ඔන්න ඔය ආකාරයටය.

‍ක්‍රි.ව. 357 දී ලොව අග්‍ර ගන්‍ය පුස්තකාලයද, වටිනාම පුස්තකාලයද තිබුනේ ඊඡිප්ත්‍තුවෙි ඇලෙක්සැන්ඩිරියා නුවරය. එය නමි දැරුවෙි ඇලෙක්සැන්ඩිරියා පුස්තකාලය (සිසේරියම්) ලෙසය.. එහි පාලකයා දර්ශනවාදියෙකු හා ගනිතඥයෙක් වු තියොන් ඇලෙක්සැන්ඩර් ය.. ඔහුගේ එකම දියණිය හයිපතියා විය.

 එවකට මිසරය රෝම අධිරාඡ්‍යයට අයත් වූවකි රෝම පාලකයා වූ කොන්ස්ටන්ටයින් ක්‍රිස්තියානි ආගම තම අධිරාඡ්‍යයේ රාජ්‍ය ආගම බවට පත් කල අතර හේ. කෘෘර  රාඡ්‍ය පාලකයෙක් විය තම සිංහාසනයේ උරුමක්කාරයා වූ ඔහුගේම පුත්‍රයාව සිය දෑතින් මරා දමා. තම බිරිඳ සමඟ කෝපයට පත්ව  ඇයව ඇගේ නාන තටාකයේ උනුවතුරේ ඔබා තමිබා මරා දැමීය එවන් සැහැසි  අධිරාඡයෙක්ගේ බලය මත   ග්‍රීසිය,   හා කොන්ස්තන්තිනෝපල හරහා ක්‍රිස්තියානි පල්ලිය  ඊඡිප්තුවට කඩා වැදුනා පමණි.

එවිට ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාල පාලකයා දර්ශනවාදියෙකු වූ තියොන් ගේ එකම දියණිය හයිපතියා. ගණිතයට හා කුතුහලය දනවන තාරකාවන්ට මහත් ඇල්මක් දක්වමින් සිටි අතර එම විෂයන් මනාව ප්‍රගුන කලාය. තම පියාත් අනගි පුස්තකාලයත් ඒ සදහා ඇයට ඉමහත් පිටිවහලක් විය. 

ඒ වනවිටත් පල්ලිය පේන කියන්නන් හා වෙනත් දෙවිදුන්ට පුද පුජාකරන දේවාල සමතලා කරමින් ඒවයේ අනුගාමිකයින් මරා දමමින් ඉපැරණි දෙවිවරුන්ගේ රන් හා ලෝකඩ පිලිම උනුකරමින් සිටියේය.

නමුදු පල්ලියේ අසිපතට හා හෙල්ලයට ඇය බිය වුයේ නැත. මක් නිසාද ඇයට ආගමක් නොවිනි. ඇය විශ්වාසය තැබුයේ මිනිසාවය. මිනිසා අද ලබන අත්දැකීමි තුලින් අවබෝධය ලබා හෙට නිවැරදිම මාර්ගය සොයාගනු ඇතැයි ඇගේ දර්ශනයට අනුව ඇය  සිතුවාය .හයිපතියා බොහෝ මහන්සිවී දිවා රෑ නොනිදා කල්පනා කලාය. ඒවා සියල්ල ග්‍රහලෝක හා තාරකා පිලිබද විය. ලෝකයේ කිසිදු ගැහැණියකට ඒ වනවිට එවැනි පිස්සුවක් තිබුනේ නැත.. ඇයට වටහා ගත නොහැකි මෙි මහා අබිහස් විශ්වය පිළිබදව, අවසන ඇය බොහෝ නිරීක්ෂණ හා පරීක්ෂණ වලට පසු පුර්වයේ නොවු අති බැරෑරුම් නිගමනවලට එළඹියාය. 

ඒ ග්‍රහ මංඩලයේ කේන්දුය පෘතුවිය නොවන බවත් එහි කේනදුය සුර්යයා බවත්, අප පෘතුවිය ඇතුලු ග්‍රහ මංඩලය සුර්යා වටා කැරකැවෙන බවත්  එය කැරකැවෙන්නේ ඉලිප්සාකාරව  සහ  සංඛ්‍යාත්මක පිළිවෙලකට වන අතර, ග්‍රහලෝක තම තමන්ගේ කාල සීමාවන්ට අනුරූපව  කක්ෂවල ගමන් කරමින් විශ්වය තුල සුසංයෝගයක් ඇති කරන බවත් ඉගැන්වූවාය. ඇය විශ්වාසයන් තැබූ නිගමන ඒවා  විය..ඇගේ මෙම මතයන් හා නිගමනයන් නිවැරදිමයැයි කියා සිටින්නට ලෝකයට තවත් වසර 1000 ක් කේපලර් හා නිකලස් කොපනිකර්ස්  එනතුරු කට ඇරගෙන බලා සිටින්නට සිදුවිය.

ඇගේ විශිෂ්ඨතම නිර්මානය වන්නේ තාරකා මාලිමාවයි. ASTROLABE එය තාරකා  විද්යාවෙි විස්මිත නිර්මාණයකි. සුර්යාගේ පිහිටීම ග්‍රහලෝක වල පිහිටීම හා  ඒ අතර ඇති දුර පුමාණය නිවැරදිව කිව හැකි උපකරනයකි.

එසේම ද්‍රව්‍යන්ගේ ඝනත්වය මැනීම සදහා ඇය නිමවන ලද පිත්තල ද්‍රව මානයද එලෙසම අග්‍ර ගන්යය. ඇගේ මෙි සොයා ගැනීමි නිසා විශ්වයේ රහස් පිලිබද කුතුහලයෙන් පිරුනු මනස් ඇති උගත් බුද්ධිමත් නුවරුන් ඈ වටා රොක් විය.

Hypatia ගණිතය සහ දර්ශනය පිළිබඳ ඇයගේ ජයග්‍රහණ සමඟ ඇගේ කාලයේ සිටි සියලුම විද්වතුන් අභිබවා ගියේය. ක්‍රි.ව. 400 දී පමණ ඇය ඇලෙක්සැන්ඩ්‍රියාවේ  ප්ලැටෝනිස්ට් පාසලේ ප්‍රධානියා බවට පත් වූ අතර එහිදී ඇය ධනවත් තරුණයින්ට (ඇගේ සියලුම සිසුන් පිරිමින්) ගණිතය හා තාරකා විද්‍යාව  ඉගැන්වූවාය.ඉගැන්වීමට අමතරව ඇය නාගරික කටයුතු සම්බන්ධයෙන් ඇයගේ උපදෙස් පැතීම නගරාධිපතිගේ වගකීමක් වු අත රජයේ ඉහළ නිලධාරීන්ට නගර පාලනය ගැන  ප්‍රසිද්ධ දේශන පැවැත්වීය එකල, රටක් හෝ නගරයක්  පාලනය කළ යුතු ආකාරය පිළිබඳව දේශපාලනඥයින් දාර්ශනිකයන්ගෙන් උපදෙස් ලබාගැනීමේ ඉපැරණි සම්ප්‍රදායේ කොටසකි. එමෙන්ම  ඇය වංශාධිපති ද සහ බලගතු ද වූවාය,

ඇගේ ජනප්‍රියත්වය ඇලෙක්සැන්ඩ්‍රියා පල්ලියේ බිෂොප්වරයා තුළ මාරාන්තික ඊර්ෂ්‍යාවක් ඇති කරන කල යුරෝපා සමිභාව්‍ය දාර්ශනික කවය තුල කාන්තාවන් දුර්ලභ විය. ඇයගේ ලිංගිකත්වය හා , ඒ මගින් නුවරුන්ට කල හැකි බලපෑම සීමා කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටි ඇගේ ජ්වලිත ක්‍රිස්තියානි විරුද්ධවාදීන්ගේ කෝපය ඉහවහා ගොස් සිටි අතර පල්ලිය ඒ වනවිටත් සිය බාධකය හදුනාගෙන තිබිණි හයිපේටියා තරු සමඟ සම්බන්ධ වීම පල්ලියේ නායකයින්ට මායා කර්මයක් ගැන චෝදනා කිරීමට ප්‍රමාණවත් විය. 

ධර්මාධිකරණය වැඩිකල් බල නොසිට ඔවුනට අවශ්ය මොහොතේ හයිපතියාව අත් අඩංගුවට ගත්තේය බලාධිකාරිය ඇයට අණකලේ මෙි සොයාගත් දේ මිත්‍යාවක් යැයි මහඡනයා ඉදිරියේ පවසන ලෙසය. ඒ නිර්භය ලෙස ප්‍රතික්ෂේපකල මෙම විශිෂ්ඨ ගැහැනියව අන්ධකාර පල්ලිය විසින් පුලුස්සා මරා දමන ලද්දේ ඉන් අණතුරුවය. ශත වර්ෂ ගනනාවකට පසුව වුව කෙළෙහිගුණ දත් මිනිසා ඇය විද්‍යාවට හා මිනිසාට කල මහගු සේවය සිහිගන්වනු වස් චන්දුයාගේ පවතින සුවිශේෂි භූ ලක්ෂණ දෙක හයිපතියා භු ලක්ෂන යනුවෙන් නමි කර තිබේ.‍

- උපුටාගැනීමකි - 

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.