
ශ්‍රී ලංකාවේ අති දුෂ්කර ළමා නිවාසයට යන පාර සාදා දෙන ලෙස ඉල්ලීමක්
කොළඹ දිස්ත්‍රික්කයේ ගරු අගමැතිතුමාගේ ඡන්ද බල ප්‍රදේශය වන අවිස්සාවිල්ල පුවක්පිටියේ සිට රට තුළට කිලෝමීටර් හතරක් පමණ ඇතුළත වන්නට පිහිටා ඇති ජයවිරු දුබලතා සහිත වූවන්ගේ ළමා නිවාසය සහ මත් ලෝලී නිවාරණ සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය පිහිටා තිබේ.
එම ස්ථානයට යන පාර මුලදී සහ අවසානයේදී සකසා ඇතත් අනෙකුත් ප්‍රදේශය සකසා නොමැති අතර පෙර පැවැති වර්ෂාවන් හේතුවෙන් සහ පාර සෝදාපාලුවට ලක් වීමෙන් පයින් හෝ යාමට නොහැකි තරමට පාර විනාශ වී ඇත.
කිලෝමීටර් හතරක් වන එම දුර ප්‍රමාණයට යාමට ප්‍රදේශයේ ත්‍රීවිල් රථ රියදුරන් ආසන්න වශයෙන් රුපියල් දහසක් හෝ අටසීයත් අතර මුදලක් අයකරනු අතර එසේ කරන්නේ පාරේ දුෂ්කර බව හේතුවෙන් බව පැහැදිලි කරයි.
එසේ මෙම පුනරුත්ථාපන කඳවුරේ ආබාධිත ළමයෙක් හදිසි හෝ අවිස්සාවේල්ල මූලික රෝහලට රැගෙන යාමට සුවසැරිය වාහන පැමිණෙන්නේ නැත. අඩු ගණනේ අපද්‍රව්‍ය වලවල් රැගෙනයාමට ගලි වාහනයක් හෝ ගෙන්වා ගැනීමට අපහසු බව මීට පෙර සිටි විශ්‍රාම ගිය පාලකයන් අප සමග පවසා ඇත.
රජයේ නිලධාරින්ද රාජ්‍ය ඇමතිවරු ද ඇමතිවරියන්ද එම ස්ථානයට රජයේ සුඛෝපභෝගී වාහනවලින් හදිසියේදී පැමිණීයත් මේ කාරණය ගැන කිසිවෙක් කතා කරන්නේ නැත.
ගරු අග්‍රාමාත්‍යතුමාගේ ඡන්ද බල ප්‍රදේශය බැවින් මේ සම්බන්ධයෙන් එතුමාගේ අවධානය යොමු කරන්නේ නම් කාලෝචිත බව හැඟේ.
මීටර අට සියයක් පමණ දුරට මේ පාර සාදා දෙන ලෙස ඉල්ලීමක් කරන්නේ පාලකයන්ගේ හෝ රාජ්‍ය නිලධාරිගේ අතින් මුදල් වියදම් කර නොවේ.
මේ රටේ මහජනතාව ගෙවන බදු මුදල් වැයකර එම ජයවිරු ළමා නිවාසය දුෂ්කර තත්ත්වයෙන් මුදවා ගන්නා ලෙස හා එහි සිටින දරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමට කටයුතු කරන ලෙස යුතුකමක් ලෙස ඉල්ලා සිටිමු.
- මහජන යුතුකම් කේන්ද්‍රය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
