
පඩි වැඩිකර ගත්ත හැටි ගැන පාර්ලිමේන්තුවට කරුණු කියන්නැයි මහ බැංකු ලොක්කන්ට ඇමැති මණ්ඩලය දන්වයි
මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කරන ලෙස කැබිනට් මණ්ඩලය විසින් මහ බැංකු ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.
මහ බැංකු සේවකයින්ගේ වැටුප් සියයට 70කින් වැඩි කිරීම සම්බන්ධයෙන් මහ බැංකු ප්‍රධානීන් කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේ මෙම දැනුම්දීම සිදුකර ඇති බව වාර්තා වේ.
අදාළ වැටුප් වැඩිකර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු ප්‍රධානීන් කැබිනට් මණ්ඩලය හමුවට කැඳවා තිබූ අතර, එහිදී අදාළ වැටුප් වැඩිකර ගැනීම පිළිබඳව කැබිනට් මණ්ඩලයේ දැඩි විරෝධය එල්ල වී ඇති බව වාර්තා වේ.
අමාත්‍යවරුන් කිහිපදෙනෙකු විසින් ද අදාළ වැටුල් වැඩිකර ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් මහ බැංකු නිලධාරීන්ගෙන් සෘජුවම ප්‍රශ්න කර ඇති අතර එහිදී මහබැංකු නිලධාරීන් ලබාදුන් පිළිතුරු පිළිබඳව අමාත්‍යවරුන් සිය අප්‍රසාදය පළකර ඇති බව ද සඳහන් ය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද මහ බැංකු සේවකයින්ගේ වැටුප් ඉහළ නැංවීම තමාව ද දැනුවත් නොකර සිදුකර ඇති බවට එහිදී ප්‍රකාශ කර ඇති අතර ජනාධිපතිවරයා ද අදාළ සිදුවීමට සිය විරෝධය පළකර ඇති බව සඳහන්ය.
මේ අතර මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මහබැංකුවේ ප්‍රධානීන් අද පෙරවරුවේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීම වෙත කැඳවා ඇති බව වාර්තා වේ.
පෙරවරු 10.30ට පක්ෂ නායක රැස්වීම කැඳවීමට නියමිතව තිබේ.
පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට මහ බැංකු නිලධාරීන් කැඳවා ඇති බව වාර්තා වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
