
ඉන්දියාවෙන් ත්‍රිකුණාමලයට තෙල් බටයක් එළනවා - ජනපති රනිල් කුඹුරට බැස කියයි
යළි රට ගොඩ නැඟීම හමුවේ ජයගත යුතු අභියෝග රැසක් පැවතියත් ගොවි ජනතාවගේ ගැටළු විසඳීමට ප්‍රමුඛත්වය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවැසීය.
භෝග අපනයනය ඉලක්ක කර ගත් තරගකාරී කෘෂි කර්මාන්තයක අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් මෙරට දියත් කෙරෙන විශාලතම කෘෂි නවීකරණ වැඩසටහන නුදුරේදීම ක්‍රියාත්මක කරන බවද සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කර සිටියේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරලගේ ආරාධනයකට අනුව තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගලමැටියාව ග්‍රාමයේ වී අස්වනු නෙලීමේ අවස්ථාවට ඊයේ (02) සහභාගී වූ අවස්ථාවේ දීය .
තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ අක්කර 9000ක පමණ වී වගාව සිදු කර ඇති අතර ගලමැටියාව ග්‍රාම නිලධාරී වසමේ පමණක් මහ කන්නයේදී අක්කර 672 ක් වගා කොට ඇත.
ජනාධිපතිවරයාගේ පැමිණීමත් සමඟ පක්ෂ, පාට බේදයකින් තොරව එහි රැස්වූ ප්‍රදේශවාසී ජනතාව ඔවුන් මුහුණ දෙන විවිධ ගැටළු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ඉදිරිපත් කළහ. එම ගැටළු පිළිබඳ සොයා බලා ඒවාට විසඳුම් ලබා දීමට මැදිහත් වන ලෙස ජනාධිපතිවරයා ඒ අවස්ථාවේදීම අදාළ නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.
ප්‍රදේශයේ ගොවි ජනතාව මුහුණ දී සිටින ප්‍රධාන ගැටළු ලෙස කන්න දෙකම වගා කිරීමට ප්‍රමාණවත් ජලය ලබා ගැනීම සඳහා ඇල මාර්ගයක් සහ වගාබිම් ආරක්ෂා කර ගැනීම සඳහා කඩිනමින් අලි වැටක් ඉදි කර දෙන ලෙස ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවැසීය;
“ඉන්දියාව සමඟ එක්ව ත්‍රිකුණාමලය සංවර්ධනය කිරීම පිළිබඳව විශේෂ වැඩසටහනක් අපට තිබෙනවා. ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයට අමතරව ඉන්දියාවේ සිට නල මාර්ගයෙන් ඉන්ධන සැපයීමේ සැලසුමක් ද තිබෙනවා.
සංචාරක ව්‍යාපාරයට අමතරව රැකියා අවස්ථා පුළුල් කරමින් ආයෝජන කලාපයක් ඇති කිරීමටද සැලසුම් කර තිබෙනවා. ත්‍රිකුණාමල වරාය නැගෙනහිර තිබෙන ප්‍රධාන වරායක් ලෙස දියුණු කරමින් දකුණු ඉන්දියාවේ නිෂ්පාදන ඒ හරහා හුවමාරු කිරීමටත් බලාපොරොත්තු වෙනවා. මෙම වැඩසටහන් මඟින් මුළු ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයම සංවර්ධනය වෙනවා.
ඒ වගේම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කෘෂි කර්මාන්තය , සත්ව පාලනය සහ ධීවර කර්මාන්තය දියුණු කිරීමට අප කටයුතු කරනවා. අප අද මෙහි පැමිණියේද ප්‍රදේශයේ කෘෂි කර්මාන්තය දියුණු කරන්නේ කෙසේද යන්න පිළිබඳ අදහසක් ලබා ගැනීමටයි. ඒ සම්බන්ධව ඔබ මුහුණ දී සිටින ගැටළු පිළිබඳව දැන ගැනීමට ලැබුණා. ඊට අදාළ වාර්තා ලබා දෙන ලෙස මම ආණඩුකාරවරයාට සහ ඔබ ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට උපදෙස් ලබා දුන්නා. මෙම සංවර්ධන වැඩ කටයුතු 2025 වන විට ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා.”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
