
පාතාලයන්ගේ තර්ජන හමුවේ විදෙස්ගත වූ IP
පාතාල කල්ලි සාමාජිකයන්ගෙන් තමාට සහ සිය පවුලට එල්ල වූ මරණ තර්ජන හමුවේ කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා විදෙස්ගතව තිබේ.
ඔහුට මරණ තර්ජන එල්ල කළ පිරිස අතර කංජිපානි ඉම්රාන්ද සිටින බව සඳහන් ය.
පසුගිය 14 වනදා පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා විදෙස්ගතවී තිබුණි.
පෞද්ගලික ආරක්ෂයන්ද සමඟ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ඔහු ප්‍රංශය බලා පිටක්ව ගොස් ඇත්තේ පාතාල කල්ලි සාමාජිකයන්ගෙන් ඔහුට සහ පවුලේ අයට එල්ලවන බව කියන මරණ තර්ජන හමුවේ බව වාර්තා වෙයි.
කප්පම් ගැනීමේ සිද්ධියක සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව හීනටියන මහේෂ් නැමැති පාතාල කල්ලි සාමාජිකයා බව පවසමින් ඔහුට දුරකථන ඇමතුමක් දී තිබුණි.
පසුගියදා අදුරුප්පුවීදිය පොලීසිය තුළදී සැකකරුවන් දෙදෙනකුට වස ලබාදීමේ සිද්ධියේ විමර්ශන සිදුකළේද පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමකි.
විමර්ශනවලදී සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට පත්වීමත් සමග නැවත පොලිස් පරීක්ෂකවරයාට මරණ තර්ජන එල්ලවී තිබුණි.
ඒ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කංජිපානි ඉම්රාන්ගෙන් බව පැවසෙයි.
මෙලෙස පාතාල කල්ලි සාමාජිකයන්ගෙන් එල්ලවන දැඩි තර්ජන හමුවේ කොළඹ අපරාධ කොට්ඨාසය මගින් පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතාට සන්තකයේ තබාගැනීම සඳහා නිල ගිනි අවියක් ද නිකුත් කර තිබුණි.
කෙසේවෙතත් සිය ආරක්ෂාව තකා ඔහු ප්‍රංශය බලා පිටත්ව ගොස් තිබෙන්නේ සිය බිරිඳ සහ සත් හැවිරිදි දියණිය මෙරට ආරක්ෂිත ස්ථානයක සඟවමිනි.
ප්‍රංශයේ සිට අද දෙරණ ඇමතූ පොලිස් පරීක්ෂඛවරයා සඳහන් කළේ තම දියණියගේ පාසල් ගමන පවා සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බවයි.
"මට පහුගිය කාලය තුළ කොළඹ සිද්ධවෙච්ච සියලුම මනුෂ්‍ය ඝාතනවලට අදාළ සියලුම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණා. ඒ විමර්ශනය කරලා. නමුත් මේ විමර්ශන දිගින් දිගටම කරගෙන යනකොට පාතාල කල්ලි සියල්ල අල්ලගෙන යනකොට මගේ ජීවිතයට සහ මගේ බිරිඳගේත්, දියණියගේත් ජීවිතවලට තර්ජනයක් ආවා. මං ඒවා නොතකා දිගින් දිගටම රාජකාරි කළා. අන්තිමට මම ලංකාවෙන් ආවේ 14 වැනිදා. එදා එනකොටත් මම ආදුරුප්පුවීදිය පොලිසියේ සැකකරුවන්ට වසදී/ම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අවසන් කරලා ආවේ ප්‍රංශයට. මේ දිගින් දිගටම තියෙන තර්ජන හේතුවෙන් තමයි මම රටින් ආවේ. දැන් මම ලංකාවෙන් ආවත් මගේ දියණිය බිරිඳ මගේ නිල නිවාසයෙන් එළියට ගෙනල්ලා හංගලා තියෙන්නේ. එයාලගේ ජීවිතවලට ලොකු ප්‍රශ්නයක් තියෙන හින්දා. මම ඉල්ලා හිටින්නේ ඒ කට්ටියගේ ජීවිතවලට තර්ජනයක් නොවෙන ආකාරයෙන් එයාලව ආරක්ෂා කරලා දෙන්න කියලා. රටේ, හරි ස්ථාවර තත්ත්වයකට ඇවිල්ලා නිවැරදි ගමන් මාර්ගයක් ඔස්සේ යනවනම් මට තව දශක දෙකකට වැඩි සේවා කාලයක් තියෙනවා. ඕනම වෙලාවක ලෑස්තියි ඇවිල්ලා රට වෙනුවෙන් වැඩකරන්න".
කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා පසුගිය වසරේ වැඩිම මනුෂ්‍ය ඝාතන සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගත් නිලධාරියා බව පොලිස් ආරංචිමාර්ග පැවසීය.
එමෙන්ම පසුගිය වසරේදී නීතිවිරෝධී ගිනි අවි හා අත්බෝම්බ වැඩිම ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත්තේද ඔහු බව සඳහන් ය.
හරක්කටා CIDයෙන් පලායෑමේ සිද්ධියේදී විමර්ශන සිදුකළ දුමින්ද ජයතිලක මහතා විසින් ඊට අදාළ සැකකරුවන් රැසක්ද අත්අඩංගුවට ගත් අතර ඔවුන් බහුතරයක් මේවන විටත් කොළඹ අපරාධ කොට්ඨාසයේ රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන සිදුකෙරෙයි.
- අද දෙරණ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
