
අදත් ගුවන් යානා 07ක ගුවන් ගමන් අවලංගුයි... 06ක්ම ශ්‍රීලන්කන්
කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාව, මැදපෙරදිග සහ තායිලන්තය බලා අද (27) දිනයේ පිටත්ව යාමට නියමිත ගුවන් යානා 07ක් සිය ගුවන් ගමන් අවලංගු කර ඇති බව ගුවන් තොටුපොළ ගුවන් යානා තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කරයි.
මෙම ගුවන් යානා අතරින් 06ක් ම ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානා බව සඳහන්ය.
ඒ, අනුව අද (27) අලුයම 01.10ට ඉන්දියාවේ බැංගලෝර් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.-173 දරන ගුවන් යානය, අද අලුයම 01.15 ට තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 402 දරන ගුවන් යානය, අද දහවල් 01.45 ට ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 127 දරන ගුවන් යානය ද කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්වීම අවලංගුකර ඇත.
මීට අමතරව අද (27) දින පස්වරු 05.10 ට ඉන්දියාවේ මුම්බායි නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 143 දරන ගුවන් යානය ද, ඇද රාත්‍රී 06.30 ට දමාම් නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 263 දරන ගුවන් යානය ද, අද රාත්‍රී 06.50 ට අබුඩාබි නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 207 දරන ගුවන් යානය ද පිටත්ව යාම අවලංගු කර තිබෙන බව සඳහන් ය.
එමෙන්ම අද (27) දින අලුයම 02.25 ට ඉන්දියාවේ චෙන්නායි නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිතව තිබූ ස්පයිස් ජෙට් ගුවන් සේවයේ එස්.ජී.- 002 දරන ගුවන් යානය ද සිය ගුවන් ගමන අවලංගු කර ඇති බව ද වාර්තා විය.
තරගකාරිත්වයට අනුව කටයුතු කළ නොහැකි නම් ශ්‍රීලන්කන් ගුවන් සමාගම වසා දැමිය යුතු බව ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසූ අතර, රජයේ මුදල් යොදවා ගුවන් සේවාවක් පවත්වාගෙන යාමේ තේරුමක් නොමැති බවත්, ලීසිං ගෙවා ගැනීමට නොහැකිවීම නිසා හෙට අනිද්දා වනවිට ගුවන් යානා එකක් දෙකක් ලීසිං සමාගම් විසින් රැගෙන යනු ඇති බවත් ඔහු පැවසීය.
ශ්‍රීලංකන් ගුවන් සේවාව තවදුරටත් තියා ගන්නවාද, නැතහොත් තව ටික දවසකින් වසා දමනවාද යන්න පිළිබඳ සේවකයන් තීරණය කළයුතු බවද ඇමැතිවරයා සඳහන් කර ඇත.
ගුවන් සේවාව පවත්වාගෙන යෑමට පරිපාලකයන්ට සේම වෘත්තීය සමිතිවලට වුවමනාවක් නොමැති බවත්, රාජකාරි නොකර වැටුප් ගැනීමටත්, විදෙස් සංචාරවල නිරතවීම සඳහාත් පිරිස සේවයේ නිරතව සිටින බවත් ඔහු පවසා තිබිණි.
අබලන් ගුවන් යානා සංඛ්‍යාව 10 ක් දක්වා අඩුකරන ලෙසද, ගුවන් වාර සංඛ්‍යාව අඩුකරන ලෙසද ඇමැතිවරයා පැවසු අතර ශ්‍රී ලංකා ගුවන් සමාගමේ සභාපතිවරයා එහිදී ඊට දැඩි විරුද්ධත්වයක් දැක්වීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
