
විදුලිය නැත්තං කුප්පි ලාම්පුවෙන් ඉන්න යැයි විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක කියු කතාව සනාථ කරමින් විදුලිබල මණ්ඩලය ඇහැලියගොඩ ශාඛාව කටයුතු කරලා
අවිස්සාවේල්ල, පුවක්පිටිය ප්‍රදේශයේ විදුලිය විසන්ධි වීමක් පිළිබඳව විදුලිබල මණ්ඩලය දැනුවත් කිරීමේ දී, ඒ පිළිබදව තැකීමක් නොකරමින් විදුලිබල මණ්ඩල සේවකයන් කටයුතු කර ඇති බව වාර්තා වේ.
විදුලිය විසන්දි වීම පැමිණිලි කර පැය දහයකට පසුව පැමිණිල්ල ගැන විදුලි බල මණ්ඩලයෙන් ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ පසුවදා විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවය.
අදාළ ප්‍රදේශයේ පුවක්පිටියේ ජයවිරු ළමා නිවාසය සහ මත්ලෝලී පුනරුත්ථාපන කඳවුරටත් පිහිටා ඇති අතර, ප්‍රදේශයේ ගොවි ජනතාව තේ වගාවන්වලට වතුර ලබා ගන්නේ ද විදුලිමෝටර් හරහා බව ප්‍රදේශවාසීන් පවසති.
මේ පිළිබඳව අදහස් දැක්වූ ප්‍රදේශවාසියෙකු පැවසුවේ ළමුන්ට පාඩම් වැඩකටයුතු කිරීමට මෙන්ම, ප්‍රදේශවාසීන්ගේ එදිනෙදා අත්‍යවශ්‍ය කටයුතු කර ගැනීමට මෙමගින් දැඩි බලපෑමක් සිදු වූ බවය.
එසේම ආරක්ෂාව සහ ආහාර පිසීම ඇතුළු කරුණු හේතුවෙන් ජයවිරු මත් ලෝලී පුනරුත්ථාපන කඳවුර සහ එහි ආබාධිත ළමා නිවාසයේ ළමුන් පවා එමගින් දැඩි පීඩාවකට පත් වූ බවත් ඔහු පවසයි.
"ප්‍රදේශයේ ජනතාව විදුලිය නොමැතිකමින් පීඩා විදිද්දිත් විදුලබල මණ්ඩලයේ කට්ටියට ඒක ගානක් නෑ. විදුලිය නැහැ කියලා විදුලිබල මණ්ඩලයේ අංකයට පැමිණිලි දැම්මේ දවල් 12 09 ට. ඒ පැමිණිල්ලට විදුලි බල මණ්ඩලයෙන් කතා කළේ රාත්‍රී නමයයි හතළිස් එකට. හෙට උදේට ලයිට් දෙන්නම් කියලා කිව්වා අපිට ලයිට් නැතත් ජයවරු ළමා නිවාසයට ලයිට් දෙන්න කියලා කියද්දිත් ඒ ගැන තැකීමක් කළේ නෑ. අපිට කුප්පි ලාම්පුවෙන් ඉන්න කියල නොදන්වාම විදුලිය කපනවා. අනික වැස්සක් තිබුනෙම නැහැ ගස් කඩන් වැටිලා කිසි දෙයක් එහෙම වෙන්න. වෙනදා විදුලි බල මණ්ඩලයෙන් එවන මැසේජ් එකේ රෙපෙයාර් එකක් තියෙන හින්දා කියලවත් කියනව එහෙම එහෙකුත් නෑ. රෑ කියන්නේ අද උදේට එන්නම් කියලා.. ඒ වුණාට විදුල බල මණ්ඩලය මුදල් ගෙවන්න බැරි වෙච්ච ලක්ෂ ගානකගේ විදුලිය විසන්ධි කරලා." යැයි ඔහු චෝදනා නගයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
