News Category
From Date
To Date
Maximum Number of Result

මව්බිම ජල විදුලියෙන් ආලෝකවත් කළ විමලසුරේන්ද්‍ර

Feb 26, 2024 at 10:36 AM
|

1874 සැප්තැම්බර් මස දාහත් වැනි දින ගාල්ල ගල්වඩුගොඩ මුහම්දිරම්ගේවත්ත නමැති ග්‍රාමයේදී ඩී. ඡේ. විමලසුරේන්ද්‍ර උපත ලැබීය.

මීට වසර එකසිය තිස්හයකට පෙර 1874 සැප්තැම්බර් මස දාහත් වැනි දින ගාල්ල ගල්වඩුගොඩ මුහම්දිරම්ගේවත්ත නමැති ග්‍රාමයේදී ඩී. ඡේ. විමලසුරේන්ද්‍ර උපත ලැබීය. ඔහුගේ සම්පූර්ණ නාමය වන්නේ දේව පුර ජයසේන විමලසුරේන්ද්‍රයි. පියා ගාල්ලේ විසූ දොන් ජුවන් විමලසුරේන්ද්‍ර ජයසිංහ මුහම්දිරම්ය. මව වූයේ දෝන ක්‍රිෂ්ටිනා ජයසිංහයි.

විමලසුරේන්ද්‍රගේ පියතුමා ඇත්දත් කැටයම් ශිල්පයේ හා ස්වර්ණාභරණ නිෂ්පාදන ශිල්පයේ සම්ප්‍රදායික තාක්ෂණයේ උසස් දැනුමක් ලබා සිටියේය. ඔහු ශ්‍රේෂ්ඨ ගණයේ කලාකරුවෙක්ද විය. එදා එංගලන්තයේ වික්ටෝරියා මහා රාජිනියගේ රාජ්‍ය සමයේදී විමලසුරේන්ද්‍ර මහතාගේ පියාට "මුහම්දිරම්" යන ගෞරව නාමය හිමිවී තිබිණි.

කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ විමලසුරේන්ද්‍ර දක්ෂතා රැසක් පිරි දීප්තිමත් ශිෂ්‍යයෙක් විය. ඔහු විද්‍යාව හා ගණිතය යන විෂයයන්ගෙන් විශිෂ්ට සම්මාන සහිතව නව කේම්බ්‍රිඡ් සීනියර් විභාගයෙන් උසස් ලෙස සමත් විය.

👉1890 වර්ෂයේදී ආනන්ද විද්‍යාලයේ පැවැති ත්‍යාග ප්‍රදානෝත්සවයේදී එයට සහභාගි වූ ප්‍රධාන ආරාධිතයා වූ කර්නල් හෙන්රි ස්‌ටීල් ඕල්කට්‌ අතින් පාසලේ දක්ෂතම ශිෂ්‍යාට හිමි ත්‍යාගයද දිනා ගැනීමට විමලසුරේන්ද්‍ර සමත්විය.

ඉන්පසුව රජයේ කර්මාන්ත ශාලාවට බැඳී ඉංජිනේරු ශිෂ්‍යයකු ලෙස ඉගෙනුම ලැබූ ඔහු විවිධ යන්ත්‍ර සූත්‍ර, ආදර්ශයන් නිර්මාණය කොට ස්‌වකීය සහජ කුසලතාවන් දියුණු කර ගත්තේය. 

ඉන් අනතුරුව රජයේ කාර්මික විද්‍යාලයේ ඉංජිනේරු අංශයට ඇතුළත් වී ඉගෙනුම ලබා 1892 වර්ෂයේදී පැවැති විභාගයෙන් ඉංජිනේරු අංශයේ ප්‍රථමයා ලෙසින් සමත් වූයේ ද මේ විමලසුරේන්ද්‍ර තරුණයාය.

ඊට පසු කලෙකදී ඉන්දියාවේ පැවැති ඒ. එම්. අයි. සී. ඊ. විභාගයෙන් ද මොහු සමත් විය. ඉන්පසුව ඔහුට දියතලාවේ කනිෂ්ඨ සහායක ඉංජිනේරු වරයකු ලෙසින් සේවය කිරීමට අවස්‌ථාව ලැබිණි. 

👉1901 වර්ෂයේදී එවකට පැවැති රජයේ ඉංග්‍රීසි පාලකයන් විසින් ඔහුට පවරන ලද විශේෂ රාජකාරිය වූයේ මහා ඝන වනාන්තරයෙන් වැසීගිය අධික සීතලෙන් යුත් මධ්‍යම කඳුකරයේ භූමිය තුළ රත්රන්, මැණික්‌ වැනි ඛනිජ සම්පත් තිබේදැයි පරීක්‍ෂා කර බලා රජයට වාර්තා කිරීමයි. 

මෙම ගවේෂණ කටයුතු සඳහා ඔහුගේ සහායට ලබාදුන්නේ අප්‍රිකාවේ බෝයර් යුද්ධයෙන් පසුව ඉංග්‍රීසීන් විසින් ලංකාවට අල්ලාගෙන එන ලද ඉංජිනේරු දැනුමක්‌ ඇතිව සිටි සිරකරුවෙකි.

මේ සිරකරුවා සමඟ කැලණි ගංගා නිම්නයේ රත්රන්, මැණික්, වැනි ඛනිජ සම්පත් සොයමින් ගවේෂණයේ යෙදුණ විමලසුරේන්ද්‍රට හමුවූයේ ස්‌වභාවධර්මයේ අපූර්වතම නිර්මාණයක්‌ වූ ලක්‍ෂපාන හෙවත් වැඩිහිටි දිය ඇල්ලයි. ඊට පසු දිනෙක කෙහෙල්ගමු ගංගා නිම්නයේදී කෙහෙල්ගමු හෙවත් ඇබර්ඩීන් දිය ඇල්ල දැකගත හැකි විය.

මේ දිය ඇලි රිදී කඳන් ලෙස බිමට ඇද හැලෙන ආකාරය ඔවුහු බලා සිටියහ. මේ පොළොවෙහි රත්රං කෙසේ වෙතත් මේ දිය ඇල්ලේ නම් රත්රං තිබෙනවාමයි කියමින් දූරදර්ශීව විමලසුරේන්ද්‍ර සතුටින් තෙපලන්නට විය.

👉ගලා හැලෙන ජලයේ බලයෙන් ජලරෝද භ්‍රමණය කරවීමෙන් විදුලිය බලය උපදවාගත හැකි බැව් විමලසුරේන්ද්‍රයන්ට අවබෝධ විය.

👉1924 දී විමලසුරේන්ද්‍රගේ ජල විදුලි බල යෝජනා ක්‍රමය එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවෙන් ද සම්මතවී එහි වැඩ ආරම්භ විය.

 එවකට දිවයිනේ සිටි විදේශීය ඉංජිනේරුවන්ගේ හා පාලකයන්ගේ අදූරදර්ශී ක්‍රියා හේතුකොට ගෙන මෙම ජල විදුලි යෝජනා ක්‍රමය කඩින් කඩ නවතා දැමීමට සිදුවිය. 

මෙය හරියාකාරව කරගෙන යැමට නම් රටේ පවත්නා දේශපාලන ව්‍යqහයට තමන්ද ඒකාබද්ධ විය යුතු බැව් විමලසුරේන්ද්‍රට අවබෝධ විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහු 1931 දී රත්නපුර මන්ත්‍රීවරයා වශයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්විය.

👉1950 දී කෙහෙල්ගමුඔය නෝර්ටන් ප්‍රදේශයේදී (අද විදුලිපුර) ගල්කඳු දෙකක්‌ අතර මහා කොන්ක්‍රීට් වේල්ලක් ඉදිකිරීමෙන් හරස් කරන ලදී. මහා ජල කඳ අඩි 9400 ක් තරම් දිග උමඟයක් තුළින් ඩබල්කටින් කන්දට යටින් ගමන්කොට කැළඹුම් ළිඳට වැටී එතැන් සිට නල මාර්ග හතරක්‌ දිගේ තවත් අඩි 6000 ක්‌ තරම් පහළට ගමන්කොට මස්කෙළිය ඔයේ දකුණු ඉවුරේ ඇති ජල විදුලි බලාගාරයේ තලබවන යන්ත්‍ර ක්‍රියාත්මක වෙයි. 

එය ලක්‌ෂපාන ජල විදුලි ව්‍යාපෘතියේ පළමු පියවරයි.

ජල විදුලි බලය ලබාගත් මංගල මොහොතේදී විමලසුරේන්ද්‍ර ශූරීන්ට ඇතිවූ චිත්ත සන්තෘෂ්ඨිය වචනයෙන් කියා නිම කළ නොහැකි වූ බැව් එතුමා ප්‍රකාශ කර ඇත. ඒ මෙසේය. 

👉"මා විසින් සැළසුම් කොට ආරම්භ කරන ලද විදුලිබල යෝජනා ක්‍රමයේ අනාගත ඉදිකිරීම් කටයුතුවලට සහභාගි වීමේ වාසනාව මට නොලැබී ගියද මගේ රටේ ජනතාව විසින් මෙහි නිසි ඵල නෙළා ගැනීම දැකගන්නට ජීවතුන් අතර සිටීමට තරම් මා වාසනාවන්ත වීම පිළිබඳ මම උද්දාමයට පත්වෙමි. ප්‍රීතිවෙමි. සතුටුවෙමි. මා විසින් මීට වසර 50 කට පමණ පෙර අවලෝකනය කළ අරුණාලෝකය මාගේ ජීවිතයේ මේ සැඳෑ සමයේදී හෝ දැක බලා ගැනීමට හැකිවීම ගැන මම ඉතාමත් උදම් වෙමි. අමිල වූ සතුටක්‌ මම ලබන්නෙමි.

මීට වසර සියයකට පමණ පෙර සිහිනයක්‌ව පැවැති ජල විදුලි බලය පිළිබඳව විමලසුරේන්ද්‍රයාණෝ අනාගතය දෙස බලා සැලසුම් සකස් කළහ. 

ලක්‌ෂපාන, නවලක්ෂපාන, විදුලිපුර, පොල්පිටිය. කැණියොන්. පොල්ගොල්ල, බෝවතැන්න, රන්ටැඹේ, රන්දෙණිගල, වික්ටෝරියා, කොත්මලේ, බලංගොඩ, කුකුලේගඟ, සමනළ හා කොත්මලේ ආදී ජල විදුලි බලාගාරද, අනිකුත් කුඩා පරිමාණයේ ජල විදුලි බලාගාර සියල්ලද විමලසුරේන්ද්‍ර චින්තනයේ ප්‍රතිඵල වන්නේය.

👉අධික වියදමක් දැරිය යුතු ගල් අඟුරු, ඩීසල්, තෙල් ආදී ඉන්ධන නොයොදා ස්වාභාවික සම්පතක් වූ ජලයේ බලය උපයෝගි කරගෙන ජල විදුලිය නිපදවීමේ ගෞරවය හිමිවන්නේද විමලසුරේන්ද්‍ර සූරීන්ටය.

👉උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර ආශ්චර්යවත් කොම්බුහැඩයේ වක්‌ දුම්රිය මාර්ගය සැළසුම් කිරීමත්, 

👉ගාලු නගරයට ප්‍රථම වරට විදුලිය ලබාදීමත්, 

👉රත්නපුරයේ පිඟන් මැටියෙන් ශ්‍රී ලංකාව තුළ පිඟන් භාණ්‌ඩ නිෂ්පාදනයට කටයුතු කිරීමත්, 

👉රබර් ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදනයට මඟපෙන්වා දීමත්. 

👉👉විදුලි දුම්රිය ආරම්භ කිරීමට සැළසුම් සකස්‌ කිරීමත් විමලසුරේන්ද්‍ර සූරීන්ගේ දක්‌ෂතාවලින් කීපයක්‌ පමණයි.

👉බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩක් බඳු වූ අනුරාධපුරයේ ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජයාණන්ගේ කොත් කැරැල්ල නිර්මාණය කිරීමේ ඉංජිනේරු තාක්‌ෂණය ද විමලසුරේන්ද්‍ර මහතාගේ ඥානයේ බලමහිමය වන්නේය.

චූඩාමාණික්‍යය සහිත අඩි විසිහතරක් උස් වූ මෙම දර්ශනීය රන් ආලේපිත කොත් වහන්සේ චෛත්‍ය මුදුනෙහි පැළඳවීමේ උතුම් වූ මහෝත්සවයට ද විමලසුරේන්ද්‍රයාණෝ සහභාගි වූහ.

රටට, ජාතියට, අමිල සේවයක් කළ විමලසුරේන්ද්‍ර සූරීන් 1953 දී අප අතරින් සදහටම සමුගත්තේය. ඒ වනවිට ඔහු 79 වැනි වියෙහි පසුවිය. 

👉විමලසුරේන්ද්‍ර සූරීන්ට උපහාරයක් වශයෙන් නෝර්ටන් විදුලිපුර ජලාශය එහා කෙළවරේ ඉදිකර ඇති ජල විදුලි බලාගාරය "විමලසුරේන්ද්‍ර ජල විදුලි බලාගාරය" නමින් නම්කර තිබේ.

- Indu Abenayake -




සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.