
අලි රාජා යළි ලංකාවට... ටෙලිකොම් ගැන ජනපති රනිල් එක්ක යළි කතාවකුත් දාන්න යයි... පක්ෂයකුත් ගන්න ගිහින්
ලයිකා මොබයිල් හිමිකරු සුභාෂ්කරන් අලි රාජා ලබන සතියේ යළි ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි ප්‍රවෘත්ති වෙබ් අඩවි වාර්තා කර තිබිණි.
සුභාෂ්කරන් ඉදිරිපත් කරන ලද එක්සත් රාජධානියේ ලයිකා සමූහයට අයත් පෙටිගෝ කොමර්සියො ඉන්ටර්නැෂනල් සමාගම (Pettigo Comercio International LDA c/o NDB Investment Bank Ltd) ටෙලිකොම් ආයතනයේ කොටස් මිලදී ගැනීම සඳහා කෙටි ලයිස්තුගත කරන ලද සමාගම් ලයිස්තුවට ඇතුළත් නොවීම ගැන ජනපති හා සාකච්ඡා කිරීමට ඔහු මෙසේ ලංකාවට පැමිණනෙ බවයි පැවසෙන්නේ.
අදාළ කෙටි ලයිස්තුවට මේවන විට ඇතුළත්ව ඇත්තේ චීනයේ ගෝවූන් ඉන්ටර්නැෂනල් ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩිංග්ස් (Gortune International Investment Holding Ltd c/o Capital Alliance Limited) සහ ඉන්දියාවේ ජියෝ ප්ලැට්ෆෝර්ම්ස් (Jio Platforms Ltd, Gujrat, India) යන සමාගම් දෙකය.
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජය සතු 50.23% කොටස් විකුණා දැමීම අවශ්‍ය පියවර ගනිමින් ඇති අතර, ටෙලිකොම් මිලදී ගැනීමට කෙටි ලැයිස්තුගත කිරීම සිදුකරනු ලැබුවේ මුදල් අමාත්‍යාංශයේ විශේෂ ව්‍යාපෘති කමිටුව සහ කැබිනට් මණ්ඩලය පත්කළ විශේෂ සාකච්ඡා කමිටුව විසිනි.
මේ අතර, ඥානම් ෆවුන්ඩේෂන් හි ශාඛා 25ක් ලංකාව පුරා ස්ථාපනය කරමින් අලිරාජා සුභාෂ්කරන් මහතා කරාමය ලකුණෙන් මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි අරුණලු ජනතා පෙරමුණ (Arunalu People’s Alliance) දේශපාලන පක්ෂය මිලදී ගැනීමට උත්සාහයක නිරතව ඇති බවද වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අරුණලු ජනතා පෙරමුණේ නායක දොස්තර කේ.ආර්. ක්‍රිෂාන් මහතාගෙන් කළ විමසීමක දී ඔහු පවසා ඇත්තේ සුභාෂ්කරන් මහතා සිය පක්ෂය සමඟ එක්ව කටයුතු කිරීමට සාකච්ඡා කළ බවය.
කෙසේවුවද, සුභාෂ්කරන් මහතාගේ දේශපාලන අරමුණට රජයේ ප්‍රබල දේශපාලඥයකුගෙන් එල්ලවූ බලපෑමක් හේතුවෙන් මේවන විට ඔහු තාවකාලික පසුබෑමක් ලබා ඇතැයි ද වාර්තා වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
