අලුත් බන්ධනාගාරයක් හදන්න ඇමැති විජේදාස දූපතක් හොයාගෙන
නැගෙනහිර පළාතේ මඩකලපුව නගරයට ආසන්න මුහුදු තීරයේ පිහිටා ඇති මාන්තිව් දූපතේ නව බන්ධනාගාරයක් හෝ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ හැකියාව පවතින බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
මාන්තිව් දූපත නිරීක්ෂණ කිරීමට ඊයේ (23) එම ස්ථානයට ගිය අවස්ථාවේ අමැතිවරයා මේ බව පවසා තිබේ.
මාන්තිව් දූපත අක්කර 100ක පමණ වපසරියකින් යුක්ත වන අතර, කොවිඩ් සමයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව භාරයට ගෙන කොවිඩ් වැළඳුන ගුවන් හමුදා නිලධාරීන් නිරෝධායනය කිරීමට පහසුකම් සලසාදී තිබූ මාන්තිව් දූපතේ මේ වනවිට ලාදුරු රෝගීන් දෙදෙනෙකු පමණක් රඳවා සිටින බවත් ඊට වඩා ඵලදායී කාර්ය්යක් එයින් ලබාගත හැකි බවත් අමාත්‍යවරයා පවසයි.
එබැවින් එම ලාදුරු රෝගීන් දෙදෙනා සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සාකච්ඡා කර බෝ වන රෝගීන් සිටින ස්ථානයක් කරා මාරුකිරීමේ හැකියාව පවතින බවත් ඒ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් සමග සාකච්ඡා කර මෙම ස්ථානයේ බන්ධනාගාරයක් හෝ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බැලීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අදානිට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක අධිචෝදනා ගොනු වීමත් සමග ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අදානි සමග ගිවිසුම් යළි විමසා බැලීමේ තීරණයක්
සජබ - එජාප එකතුවීමේ සූදානමක්!
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්