
කුමන බලපෑම් ආවත් කිසිඳු මෙහෙයුමක් නවත්වන්නේ නැහැ - ඇමැති ටිරාන් අලස් කියයි
කුමන බලපෑම් පැමිණිය ද මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීමට මෙන්ම කාන්තාවන්ට සහ දරුවන්ට සිදුවන හිංසනය වැළැක්වීම අරමුණු කරගනිමින් දියත්කර ඇති කිසිදු මෙහෙයුමක් නැවැත්වීමට සූදානම් නැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.
2023 දෙසැම්බර් 17 වන දා ආරම්භ කළ යුක්තිය මෙහෙයුමෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් බිලියන 7.8ක් වන බවත්, පොලිසිය භාරයට ගත් වාහන සහ ගොඩනැඟිලිවල වටිනාකම රුපියල් මිලියන 725ක් වන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මේ බව සඳහන් කර සිටියේ, ‘ස්ථාවර රටකට සැවොම එක මගකට’ මැයෙන් අද (පෙබ. 21) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍යවරයා,
“මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීම මෙන් ම කාන්තාවන්ට සහ දරුවන්ට සිදුවන හිංසනය වැළැක්වීම සම්බන්ධයෙන් වන මෙහෙයුම් අඛණ්ඩව ඉදිරියටත් සිදු කරනවා. කුමන බලපෑම් පැමිණිය ද අප විසින් සිදුකරන මෙම මෙහෙයුම් නැවැත්වීමට කිසිදු සූදානමක් නැහැ. මෙම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අපට විවිධ චෝදනා එල්ල වනවා. මෙම වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට විවිධ පුද්ගලයන් සහ කණ්ඩායම් උත්සහ කරනවා. මත්ද්‍රව්‍ය ජාල තුළින් මුදල් ලැබෙන පිරිස් විසින් එම පුද්ගල කණ්ඩායම් සඳහා මුදල් වියදම් කරන බවට අපට තොරතුරු ලැබී තිබෙනවා.
දෙසැම්බර් 17 වන දා ආරම්භ කළ යුක්තිය මෙහෙයුමෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් බිලියන 7.8ක් වනවා. පොලිසිය භාරයට ගත් වාහන සහ ගොඩනැඟිලිවල වටිනාකම රුපියල් මිලියන 725ක් වනවා. ඒ වෙනුවෙන් සිදුකළ වැටලීම් සංඛ්‍යාව 58,562ක් වනවා. එම මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගත් පුද්ගලයන් සංඛ්‍යාව 58, 234ක් වනවා.
ඒ වගේ ම ආගමන හා විගමන දෙපාර්තමේන්තු කාර්යාලයේ පවතින පෝලිම් අවම කිරීම සඳහා E Passport සේවාව හඳුන්වා දීමට අප සූදානම් වනවා. කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය නිසා නැවත වතාවක් ආගමන හා විගමන දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපිට පෝලිම් වැඩි වී තිබෙනවා. එම ගැටලුව නිරාකරණය කිරීම සඳහා අප කොරියානු රජය සමග සාකච්ඡා කර විභාගය සමත්වන අයවලුන් සඳහා පමණක් දැනට විදෙස් ගමන් බලපත්‍ර ලබා දීමට කටයුතු කිරීමට බලාපොරොත්තු වනවා.
එමෙන් ම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හරහා නව හැඳුනුම්පත ලබා දීමට සියලු කටයුතු සූදනම් බව පැවසිය යුතුයි. අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය (Dangerous Drugs Control Board) හරහා මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම සඳහා පාසල් සහ පොලිසිය ඒකාබද්ධව වැඩසටහන් කිහිපයක් මේ වන විටත් සිදු කෙරෙනවා.
ඒ වගේ ම ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපගේ අපේක්ෂකයා ලෙස වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අප සියලු දෙනා ම සහයෝගය ලබා දෙනවා. මේ රට වැටී තිබුණු තත්ත්වයෙන් ගොඩගෙන පෝලිම් යුගය අවසන් කිරීමට ජනාධිපතිතුමාට හැකියාව ලැබුණා. එම තත්ත්වය සම්බන්ධයෙන් අවබෝධයක් ඇති අය වෙනත් ජනාධිපතිවරයෙක් පිළිබඳව සිතිය යුතු නැති බව අපගේ අදහසයි.”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
