
එට්කා අත්සන් කිරීම ඉතා බරපතළ තත්ත්වයක්... ඉන්දියාවේ ජාතික ආරක්ෂාව වගේම ලංකාවේ ජාතික ආරක්ෂාවත් තහවුරු විය යුතුයි - මොහොමඩ් මුසම්මිල් (වීඩියෝ)
ඉන්දියාව කියන සාධකය මෙරටට නොසලකා හැරිය නොහැකි දෙයක් බවත්, චීනයට ශ්‍රී ලංකාව සමග ඇති සම්බන්ධය ආර්ථිකමය සම්බන්ධයක් වුවද, ඉන්දියාවට ශ්‍රී ලංකාව සමග ආර්ථිකමය හා ආරක්ෂාව සම්බන්ධයෙන්ද සම්බන්ධයක් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.
දෙරණ රූපවාහිනයේ 'වාදපිටිය' හා එක්වෙමින් ඒ මහතා පවසන්නේ ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට ගැටලුවක් නොවිය යුතු බව පිළිගන්නා බවත්, එලෙසින්ම ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවද තහවුරු විය යුතු බවත් ය.
ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට සහ සෛවරීභාවයට ගැටලු ඇති නොවිය යුතුය යන ස්ථාවරයේ තදින්ම සිටින බවද, වඩා හොඳම දේ නොබැඳි ප්‍රතිපත්තිය තුළ කටයුතු කිරීම බවද මුසම්මිල් මහතා පවසයි.
ඉන්දියාව පැත්තෙන් ගත්විට ඉන්දියාවට ලංකාව සම්බන්ධයෙන් විවිධ වුවමනාවන් තිබිය හැකි බවත්, හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බවට කර ඇති ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ යුතු ප්‍රකාශයක් බවත් ඔහු පවසයි.
ආණ්ඩුව විසින් අත්සන් කිරීමට යන එට්කා ගිවිසුම මුලින්ම පැමිණියේ එට්කා ලෙසින් නොව 'සීපා' ලෙසන් බවද, සීපා ගිවිසුමේ අඩංගු භයානක කරුණු සහ තවත් දේවල් අඩංගු කර 'එට්කා' නමින් මෙම ගිවිසුම කරළියට පැමිණ ඇති බවද ඒ මහතා පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
