සෞඛ්‍ය වෘත්තීය ගැටලුව ගැන අවසන් යෝජනාවලිය ලබන 28 දා
සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ අදහස් හා යෝජනා පිළිබඳ අමාත්‍යාංශ අවසන් යෝජනාවලිය ලබන 28 වෙනිදා ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.
සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ යෝජනා සලකා බැලීමට පත්කළ විශේෂ කමිටුව ඊයේ (20) සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී රැස්වුණු අතර, ඒ අනුව එම යෝජනාවලිය ද එළැඹෙන 28 වැනිදා පස්වරු 3ට මෙම විශේෂ කමිටුව හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සිය වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබාගැනීම සඳහා විශේෂ කමිටුවක් පත්කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගෙන් ඉල්ලීමක් කර තිබිණි.
ඒ අනුව අමාත්‍යවරයාගේ නිර්දේශ මත අදාළ කමිටුව පත් කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අදානිට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක අධිචෝදනා ගොනු වීමත් සමග ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අදානි සමග ගිවිසුම් යළි විමසා බැලීමේ තීරණයක්
සජබ - එජාප එකතුවීමේ සූදානමක්!
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්