
හෝමාගම රෝහලේ අමුතු සෙල්ලමක්... රෝහලට නෑවිත් පඩි ගන්න කණ්ඩායමක් - සෞඛ්‍ය කාර්ය සහායකයින්ගෙන් චෝදනා
හෝමාගම මූලික රෝහලේ නවක සෞඛ්‍ය කාර්ය සහායිකාවන් (කණිෂ්ඨ) තිදෙනෙකු විශේෂ කොට සලකා එම රෝහලෙන් වැටුප් ගෙවමින් මාස ගණනක් තිස්සේ වෙනත් ප්‍රතිකාර සේවා ස්ථානවලට අනුයුක්ත කර තිබීමෙන් වසර ගණනාවක සිට ස්ථාන මාරු බලාපොරොත්තුවෙන් පසුවන තමන්ට බලවත් අසාධාරණයක් සිදුව ඇති බව සෞඛ්‍ය කාර්ය සහායකයින් චෝදනා කරති.
මේ අතරින් දෙදෙනෙකු බණ්ඩාරගම ප්‍රදේශයට ස්ථාන මාරු ලබා දෙන ලෙසට කළුතර දිස්ත්‍රික් පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ බලපෑමක් දිගින් දිගටම සිදුවන බවද ඔවුන් පවසති.
කලක සිට මෙම රෝහලේ පැවති සෞඛ්‍ය කාර්ය සහායකයින්ගේ පුරප්පාඩු අවම කිරීම සදහා බහු කාර්ය පදනම යටතේ මෙම පිරිස බඳවා ගත්තද තවදුරටත් පුරප්පාඩු පවතින පසුබිමක සේවකයින් මෙසේ අත්තනෝමතික ලෙස ස්ථාන මාරු කිරීමෙන් එම පුරප්පාඩු හිඟය තීව්‍ර වන බව ඔවුන් කියා සිටිති.
මෙසේ ස්ථාන මාරු සිදු කළ අය අතරින් එක් අයෙකු පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයටත් , අනෙත් දෙදෙනා බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයටත් බණ්ඩාරගම දිසා රෝහලටත් තාවකාලිකව යැයි පවසා ස්ථාන මාරු ලබා දී ඇති බවත් මාස දහයකට ආසන්න කාලයක සිට වැටුප් ගෙවීම් සිදුකරන්නේ හෝමාගම මූලික රෝහලින් බව එම ආරංචි මාර්ග පවසයි.
අනුයුක්ත කරන ලද ස්ථානයේ වසර පහක් සේවය කිරීම යන කොන්දේසියට යටත්ව පත්වීම් ලද මොවුන් පෞද්ගලික අවශ්‍යතා සඳහන් කරමින් දේශපාලන අධිකාරියේ බලපෑම මත මෙසේ ස්ථාන මාරු ලබා ගැනීම සේවා කොන්දේසි උල්ලංඝනය කිරීමක් බවද ඔවුන් කියා සිටී.
මේ හේතුවෙන් නැවත වරක් රෝහල තුළ සේවය කරන පැරණි කාර්ය මණ්ඩලයට දැරිය නොහැකි මට්ටමේ වැඩ දාරිතාවක් දැරීමට සිදුව ඇති බවත් එය රෝගී සත්කාරක සේවා ගුණාත්මකව හා අඛණ්ඩව ලබාදීමට බාධා එල්ල වී ඇති බවත් වසර ගණනක සිට ස්ථාන මාරු බලාපොරොත්තුවෙන් සිටි තමන්ගේ ස්ථාන මාරුව සකසා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බවත් මෙය වැරදි පූර්වාදර්ශයක් බවත් සෞඛ්‍ය කාර්යය සහායකයින් පෙන්වා දෙති.
පත්ව ඇති තත්ත්වය සම්බන්ධයෙන් මේ වන විට සෞඛ්‍ය වෘත්තීය සමීතිවල විරෝධය රෝහල් පාලනාධිකාරිය වෙත එල්ල වී ඇති අතර මේ තත්ත්වය වහාම නිවැරදි කිරීමට කටයුතු කරන ලෙසද ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටි.
සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ සේවක පුරප්පාඩු පවතින පසුබිමක මෙසේ සිදුව ඇති ස්ථාන මාරුවීම් තවදුරටත් සිදු නොවීමට තමන් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක හා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කර ඇති බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
