
යුක්රේනයේ සටන් කරන්නේ වෙස්වළාගත් නේටෝ භටයින් - රුසියානු ජෙනරාල්
නේටෝ සොල්දාදුවන් යුක්රේන ගැටුමේදී කුලී හේවායන් ලෙස වෙස්වලාගෙන රුසියානු හමුදාවට එරෙහිව සටන් කරමින් සිටින බව ජ්‍යෙෂ්ඨ රුසියානු ආරක්ෂක නිලධාරියෙක් අනාවරණය කළේය.
ඩොන්බාස් පළාතේ ප්‍රධාන නගරය වන අව්ඩීව්කා නගරය මොස්කව් හමුදා විසින් කියෙව් හමුදා වෙත විශාල ප්‍රහාරයක් එල්ල කර අත්පත් කරගැනීමෙන් දින කිහිපයකට පසුව ඔහු විසින් මෙම ප්‍රකාශය කරනු ලැබීය.
පසුගිය කාලයේදී යුක්රේනය රුසියානු සිවිල් වැසියන්ට එල්ල කළ ෂෙල් ප්‍රහාර වලින් සැලකිය යුතු කොටසක් අව්ඩීව්කා නගරය ආශ්‍රිතව ස්ථානගතව සිදු කරන ලද්දේය. මෙම ප්‍රහාර කියෙව් පරිපාලනයේ නියෝගයෙන් සහ බටහිර රාජ්‍යවල නිහඬ අනුමැතිය ඇතිව සිදුවූ බව රුසියානු සාමාන්‍ය කාර්ය මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානී කර්නල් ජෙනරාල් සර්ජි රුඩ්ස්කෝයි අද (19) Krasnaya Zvezda පුවත්පත සමඟ
පැවැති සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.
"එක්සත් ජනපදය සහ එහි සහචරයින් යුක්රේනයට ආයුධ පොම්ප කරන අතරම සන්නිවේදන සේවා සහ බුද්ධි තොරතුරු සැපයීමද කරනු ලබනවා." එහෙත් සමහර උපකරණ භාවිතය සඳහා සුදුසුකම් ලත් පුද්ගලයින් අවශ්‍ය බවත් එම පුද්ගලයන් බටහිර රටවල පුරවැසියන් බවත් කර්නල් ජෙනරාල් සර්ජි රුඩ්ස්කෝයි පැවසීය.
“නේටෝ සොල්දාදුවන් කුලී හේවායන් ලෙස වෙස්වලාගෙන හමුදා මෙහෙයුම්වලට සහභාගි වෙනවා. ඔවුන් ගුවන් ආරක්ෂක පද්ධති, මෙහෙයුම්-උපක්‍රමික මිසයිල සහ බහු දියත් රොකට් පද්ධති පාලනය කරන අතර ප්‍රහාරක ඒකක වලට ඇතුලත්ව මෙහෙයුම්වල යෙදෙනවා" රුඩ්ස්කෝයි පැවසීය.
පසුගිය ජනවාරි මස මැදදී, රුසියානු ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළේ, නිරවද්‍ය ප්‍රහාරයකින් විදේශීය සටන්කරුවන් 60 කට අධික සංඛ්‍යාවක් මරා දැමූ බවත්, ඉන් බහුතරයක් ප්‍රංශ භාෂාව කතා කරන්නන් බවත්ය. ප්‍රංශය පසුව ඔවුන්ගේ කිසිදු සන්නද්ධ හමුදා සොල්දාදුවෙකු යුක්‍රේනයේ නොමැති බව ප්‍රකාශ කළද, ප්‍රංශ ආරක්ෂක අමාත්‍යවරයා සමහර ප්‍රංශ ජාතිකයන් “ස්වේච්ඡා සේවකයන්” ලෙස සටන් කිරීමට ගිය බව පිළිගත්තේය. “ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක්” ලෙස පැරීසියට ඔවුන් එසේ කිරීමෙන් වැළැක්විය නොහැකි බවද ප්‍රකාශ කළේය.
රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ ඇස්තමේන්තු වලට අනුව, 2022 පෙබරවාරි මාසයේ යුක්‍රේන-රුසියානු ගැටුම ආරම්භයේ සිට යුක්‍රේනයේ විදේශීය කුලී හේවායන් 5,900 කට වැඩි පිරිසක් මිය ගොස් ඇත. යුක්‍රේන හමුදාව පසුගිය වසරේ දියත්කළ විනාශකාරී ප්‍රතිප්‍රහාරයේ දී පමණක් 160,000 කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
රුසියාවේ උපායශීලී ආරක්ෂක කලාපය විනිවිද යාමට අපොහොසත් වූ කියෙව් හමුදාවට විශාල පාඩු සිදු වූ අතර රුසියානු හමුදාව නව සටන් ක්‍රම අත්හදා බැලූ බව රුඩ්ස්කෝයි පැවසුවේ, අව්ඩීව්කා නගරය අල්ලා ගැනීමෙන් පසුව, රුසියානු හමුදා සමස්ත සම්බන්ධතා රේඛාව ඔස්සේ ඔවුන්ගේ මුර කුටි වැඩිදියුණු කරමින් සිටින බවද අනාවරණය කළේය.
https://www.rt.com/russia/592659-nato-fighting-for-ukraine/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
