
මහාචාර්ය චන්න ජයසුමන ලොව ඉහළම සම්මානයකින් පිදුම් ලබයි
විද්‍යාත්මක නිදහස සහ වගකීම වෙනුවෙන් (Scientific Freedom and Responibility Award) ඇමරිකා එක්සත් ජනපද විද්‍යාභිවර්ධන සංගමය (American Association for the Advancement of Science, AAAS) ලබා දෙන සම්මානය මහාචාර්ය චන්න ජයසුමන මහතාට හිමිව ඇත.
2019 වර්ෂය සඳහා මෙම සම්මානය ලැබී ඇති අතර “විවිධ පාර්ශ්වවලින් එල්ල වූ අභියෝග හමුවේ කෘෂිකාර්මික ප්‍රජාවගේ වකුගඩු රෝගය පිළිබඳ සිදුකළ පර්යේෂණ හේතුවෙන් ලොව පුරා මිලියන ගණනක් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමට සිදුවූ දායකත්වය” සලකා බැලීමෙන් මෙම සම්මානය ඔහුට හිමිව ඇත.
සම්මානය ප්‍රකාශයට පත්කළ මුල් අවස්ථාවේදී කෘෂි රසායන සමාගම් ඇතුළු විවිධ පාර්ශව ඊට දැක්වූ විරෝධය හේතුවෙන් සම්මානය යළි සලකා බැලීමට විශේෂ ජූරි සභාවකට යොමු කෙරිණි. එම ජූරි සභාවේ ද තීරණය වූයේ සම්මානය ඔහුට ලැබිය යුතු බවයි.
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සම්මානය ලබාදීම ප්‍රමාද වූ අතර මෙවර ඇමෙරිකා එක්සත් ජනපදයේ කොලරාඩෝහි ඩෙන්වර් නගරයේ පැවති ඇමෙරිකානු විද්‍යාභිවර්ධන සංගමයේ වාර්ෂික සමුළුව අතර එහි වැඩසටහන් අධ්‍යක්ෂක තෙරේසා හැරිස් මහත්මිය සම්මානය මහාචාර්ය ජයසුමන මහතාට ලබා දෙනු ලැබිණි.
ඔහු සමග එක්ව පර්යේෂණ කළ කැලිෆෝනියා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සරත් ගුණතිලක ද 2019 වර්ෂයේ විද්‍යාත්මක නිදහස සහ වගකීම වෙනුවෙන් වන ඇමෙරිකානු විද්‍යාභිවර්ධන සංගමයේ අන්තර්ජාතික සම්මානයේ කොටස්කරුවෙකි.
– Repoter
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
