ඉන්දියානු බලහත්කාරය හමුවේ ඇස්කන් වසාගෙන සිටීම
අපි අපට පෙනෙන දේ ලියා තබන්නෙමුු.
කිසියම්, කෙනෙකු රාජපක්ෂලා රට බංකොලොත් කලා කියමින් රාජපක්ෂ මුව හමට තලමින් මහ දවල් ලංකාවේ, දේපල සම්පත් ඉන්දියාව ඩැහැගන්න ව්‍යාපෘතියෙන් ජනතාවගේ ඇස්, වහනවනම්,
ඔවුන්, නිසැකවම ඉන්දියාවෙන් මුදල් වරප්‍රසාද ගන්නා කොටසක්, හෝ, ඉන්දියාවේ, රූකඩයක්ව වීමට කැමැත්තෙන් සිටින්නන් පමණි. ‼️
මේ, මෙහොතේ මාතෘභූමිය 1987 /88 /89 වඩා ඉන්සියාවේ සෘජු, බලපෑම රටට එල්ල කරන කාලයකි.
මීට පෙර චීන කොළණි, ගැන කෑ ගැසුවෝ , රටේ සිටියේය.
ෂැංග්‍රිලා හෝටලයට කොළඔ ඉඩමක්දීම වෙනුවෙන්, මාධ්‍ය සාකච්ඡා දවසගානේ තිබ්බ මිනිස්සු.
හිල්ටන් හෝටලය මිලට ගන්න ඉන්දියන් ව්‍යාපාරිකයන්ට පමණක් අවස්ථාව හදන්න ඉන්දියාව කරන බලබෑම නොදැක්කා සේ, ඉන්නේය.
වෙනත් රටක ආයෝජකයෙකු කැදවන්න අවස්ථාව නොදී, ඉන්දියානුවන් අතට ලංකාවේ ගුවන්, තොටුපල 03ක කලමනකෙරණය පත්කල විට අදට වඩා හොද වෙන බව ඔවුන් දැන්ම පිලිගෙන වගේ නිහඩව ඉන්නේය.
ඉන්දීය මිනිස්සු, ලංකාවට ආ විට ගෙවීම්, කිරීම ඉන්දියානු රුපියල හරහා සිදු කිරීමට අවස්ථාව ලැබී අපට ඉන්දියාවේදී ලංකා, රුපියල් වලින්, ගෙවීමට ඇති ඉඩ අහුරා, මුල්‍ය අසමතුළිතබවක් හදා තිබෙන හැටි, නොදැක්කා සේ ඉන්නේය.
ටෙලිකොම් / මිල්කෝ / දුම්රිය වැනි ආයතන වෙනත් ආයෝජකයෙකුට මිලට ගන්න ඉඩ නොදී ඉන්දියන් ආයෝජකයන්ට පමණක් අත ගසන්න හැකි විලස කරන දේශපාලන බලහක්කාරය නොදැක්කා සේ ඉන්නේය.
උසස් අධ්‍යාපන අමාත්‍ය සුරේෂ්, රාඝවන් විදේශ විශ්ව විද්‍යාල තුනක්, රටට එනවා කියන විට ඔබ පරීක්ෂා, කර බලන්න ඒ, තුනම ඉන්දීය පෞද්ගලික විශ්ව විද්‍යාලය. ඒවාගෙන් උපයන රස්සා සහ ආදායමෙන් 80 % ඇදෙන්නේ ඉන්දියාවටය.
උතුරු කොටසේ යහමින් ඇති සුළංමගින්, විදුලිය ජනනය කිරීමට වෙන කිසිම රටක ආයෝජකයෙකුට ඉඩ නොදෙන්න ලංකා රජයට කරන බලහත්කාරය අහසින් පරිප්පු, දැම්මාට වඩා වැඩි බලහත්කාරයකි ඒවා අද දකින්නේවත්, නැත.
ඉන්දියාව ලංකාව යා කරන ඉන්ධන නළ ගෑසි නළ පාළම්,සහ ලංකාවට වෙලද අවාසි ගෙනෙන ගිවිසුම් වලට එළබීමට ආර්ථික දුර්වල මේ අවස්ථාවේ ඉන්දියාව කරන බලහත්කාරය නොදැක්කා සේ, සිටිනවානම් එය ඊලග පරම්පරාවට කරන සහගහන අපරාධයකි.
ඇත්තටම ඉන්දීය බලහත්කාරය ලංකාවට ඇත්තේ අද දවසේය. ‼️
ඉන්දියාව වෙනස්, වී නැත. ඔවුන්, දකුණු ආසියා කලාපයේ අනෙක් සියළු රටවල් ආර්ථික දේශපාලන අතින්,දුර්වල ඉන්දියාවට එරෙහි,නොවන රූකඩ චරිත නිර්මාණය කරන ආකාරයට ලංකාවටද බලපෑම අද හොදින්, කරන්නේය.
මේ,ඉන්දියානු, බලපෑමට එරෙහිව සෘජුව හිටගත හැකි ජාතිකවාදී කොටස තුළින්, බිහිවෙන එක පෙරමුණක් ඊලග මැතිවරණ වලට අනිවාර්යයෙන් නිර්මාණය කරගත යුතුය.
මක්නිසාද ඊලගට කවුරුන්, රටට ආවත් ඉන්දියාව අපි මතට හෙලා ඇති මේ,ව්‍යාපෘතිය ක්‍රියාත්මක වු පසු ඔහු, හෝ ඇය රටේ නායකයන් නොව
ඉන්දියාව හිටවු පඹයෙකු පමණක් වන්නේ,
ලංකාව ඉන්දියාවේ කොළණියක් වන නිසාය.
- නුවන් මොණරවිළ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..