අයිසෙක් නිව්ටන් කියන්නේ සෙල්ලම් මිනිහෙක් නෙවෙයි, බව්තික විජ්ජාව වදපු මිනිහෙක්!
නිව්ටන්ගේ ඔලුවට වැටිච්ච ඇපල් ගෙඩියේ කතාව අපි හැමෝම වගේ අහලා තියෙනවා. ඒ මාර්ගයෙන් කල්පනා කරලා ග්‍රහ වස්තුවල චලනය ගැන ගණන් මිනුම් හදන්න නිව්ටන් මහන්සි වුණා. ඒවා ගැනත් අපි අහලා තියෙනවා. හැබැයි මේ නිව්ටන්ගේ ඔළුවට කොම්පැනියක් කඩා පාත්වෙච්ච කතාව අහපු අය වැඩිය නෑ. මේ ගැන ලොකු විස්තරයක් මහ බැංකුව විසින් පළ කරපු “සටහන” සඟරාවට “දකුණු මුහුදු බුබ්බුලය” කියන නමින් මම ලියලා තියෙනවා. පස්සේ වෙලාවක ඉඩක් ලැබුණොත් ඒ ලිපිය හොයලා මූණුපොතේ පළ කරන්නම්.
1711 ජනවාරි මාසයේ දී එංගලන්තයේ සමාගමක් පටන්ගත්තා. ඒක නම් කළේ “දකුණු මුහුදු සමාගම” (South Sea Company) කියලා. ඒක රාජ්‍ය-පෞද්ගලික හවුල්කාර සමාගමක්. ඒ කියන්නේ ආණ්ඩුව එක පැත්තකිනුත් රටේ මිනිස්සු තවත් පැත්තකිනුත් සල්ලි දාන හවුල් කොටස් (Joint-stock) සමාගමක්.
ආණ්ඩුවේ සම්බන්ධය හින්දා දකුණු ඇමෙරිකාවේ ස්පාඤ්ඤ කොලනිවලට කළු (නීග්‍රෝ) වහල්ලු සැපැයීමේ ඒකාධිකාරියත් මේ සමාගමට ම පැවැරුණා. ඒ ඒකාධිකාරිය යටතේ අවුරුද්දකට 4,300 ගණනේ අවුරුදු 30 ක් එක දිගට වහල්ලු සපයන්න දකුණු මුහුදු සමාගමට පුළුවන්.
මේ විදිහට තව තව බිස්නස් මහ ගොඩක් දකුණු මුහුදු සමාගම කළා. මෙහෙම කරපු බිස්නස් හින්දත් ඒ වෙනුවෙන් දාපු ලොකු සද්දය හින්දත් දකුණු මුහුදු සමාගමේ කොටස් උණු කැවුම් වගේ විකිණෙන්න පටන්ගත්තා. ඒ වගේ ම, සමාගමේ කොටස්වල අගය බැලුමක් වගේ පිම්බෙන්නත් පටන්ගත්තා. මේ පිම්බිල්ලට තමයි “දකුණු මුහුදු බුබ්බුලය” (South Sea Bubble) කියලා කියන්නේ. 1719 අගෝස්තු මාසේ පවුම් 100 ක් වෙච්ච කොටසක් 1720 අගෝස්තු වෙද්දි පවුම් 1,000 ක් වුණා.
අන්න ඊට පස්සේ තමයි මෙහෙම පුම්බපු බුබ්බුලය පුපුරලා ගියේ. මාසයක් ඇතුළත - 1720 සැප්තැම්බර් මාසය අග වෙද්දි දකුණු මුහුදු සමාගමේ කොටසක මිල පවුම් 150 ක් දක්වා කඩාගෙන වැටුණා.
මේ ජාවාරමෙන් ලාභ උපයපු අය හිටියා. හොඳට ම කෙළවාගත්ත අයත් හිටියා. අයිසෙක් නිට්ටන් කියන්නෙත් මේ ජාවාරමෙන් කෙළවාගත්ත කෙනෙක්. ඔහු දකුණු මුහුදු සමාගමේ පවුම් 22,000 ක කොටස් මිල දී ඇරැගෙන තියෙනවා. ඒ ආයෝජනයෙන් පවුම් 20,000 ක් (අද ගණන් හිලව්වල හැටියට පවුම් ලක්ෂ 37 ක්) විතර ඔහු අහිමි කරගත්තා. මේ ගැන අහපු වෙලාවක ඔහු කියලා තියෙන්නේ “මට ආකාශ වස්තූන්ගේ චලනය නම් ගණනය කරන්න පුළුවන්. ඒත් මිනිස්සුන්ට හැදෙන පිස්සු ගැන නම් අවබෝධයක් මට නෑ” කියලා.
ඉතින් සිරි ලංකාවේ විස්ස විජ්ජාලයකින් බව්තික විජ්ජාවට උපාධියක් ගන්නවා කියන්නේ මහ ලොකු හපන්කමක් නෙවෙයි. මේ ලියන මටත් එහෙම එකක් තියෙනවා. ඒකෙන් මට තියා කාටවත් වැඩක් නෑ. ඒක තවත් එක කඩදාසියක් විතරයි.
- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්