අයිසෙක් නිව්ටන් කියන්නේ සෙල්ලම් මිනිහෙක් නෙවෙයි, බව්තික විජ්ජාව වදපු මිනිහෙක්!
නිව්ටන්ගේ ඔලුවට වැටිච්ච ඇපල් ගෙඩියේ කතාව අපි හැමෝම වගේ අහලා තියෙනවා. ඒ මාර්ගයෙන් කල්පනා කරලා ග්‍රහ වස්තුවල චලනය ගැන ගණන් මිනුම් හදන්න නිව්ටන් මහන්සි වුණා. ඒවා ගැනත් අපි අහලා තියෙනවා. හැබැයි මේ නිව්ටන්ගේ ඔළුවට කොම්පැනියක් කඩා පාත්වෙච්ච කතාව අහපු අය වැඩිය නෑ. මේ ගැන ලොකු විස්තරයක් මහ බැංකුව විසින් පළ කරපු “සටහන” සඟරාවට “දකුණු මුහුදු බුබ්බුලය” කියන නමින් මම ලියලා තියෙනවා. පස්සේ වෙලාවක ඉඩක් ලැබුණොත් ඒ ලිපිය හොයලා මූණුපොතේ පළ කරන්නම්.
1711 ජනවාරි මාසයේ දී එංගලන්තයේ සමාගමක් පටන්ගත්තා. ඒක නම් කළේ “දකුණු මුහුදු සමාගම” (South Sea Company) කියලා. ඒක රාජ්‍ය-පෞද්ගලික හවුල්කාර සමාගමක්. ඒ කියන්නේ ආණ්ඩුව එක පැත්තකිනුත් රටේ මිනිස්සු තවත් පැත්තකිනුත් සල්ලි දාන හවුල් කොටස් (Joint-stock) සමාගමක්.
ආණ්ඩුවේ සම්බන්ධය හින්දා දකුණු ඇමෙරිකාවේ ස්පාඤ්ඤ කොලනිවලට කළු (නීග්‍රෝ) වහල්ලු සැපැයීමේ ඒකාධිකාරියත් මේ සමාගමට ම පැවැරුණා. ඒ ඒකාධිකාරිය යටතේ අවුරුද්දකට 4,300 ගණනේ අවුරුදු 30 ක් එක දිගට වහල්ලු සපයන්න දකුණු මුහුදු සමාගමට පුළුවන්.
මේ විදිහට තව තව බිස්නස් මහ ගොඩක් දකුණු මුහුදු සමාගම කළා. මෙහෙම කරපු බිස්නස් හින්දත් ඒ වෙනුවෙන් දාපු ලොකු සද්දය හින්දත් දකුණු මුහුදු සමාගමේ කොටස් උණු කැවුම් වගේ විකිණෙන්න පටන්ගත්තා. ඒ වගේ ම, සමාගමේ කොටස්වල අගය බැලුමක් වගේ පිම්බෙන්නත් පටන්ගත්තා. මේ පිම්බිල්ලට තමයි “දකුණු මුහුදු බුබ්බුලය” (South Sea Bubble) කියලා කියන්නේ. 1719 අගෝස්තු මාසේ පවුම් 100 ක් වෙච්ච කොටසක් 1720 අගෝස්තු වෙද්දි පවුම් 1,000 ක් වුණා.
අන්න ඊට පස්සේ තමයි මෙහෙම පුම්බපු බුබ්බුලය පුපුරලා ගියේ. මාසයක් ඇතුළත - 1720 සැප්තැම්බර් මාසය අග වෙද්දි දකුණු මුහුදු සමාගමේ කොටසක මිල පවුම් 150 ක් දක්වා කඩාගෙන වැටුණා.
මේ ජාවාරමෙන් ලාභ උපයපු අය හිටියා. හොඳට ම කෙළවාගත්ත අයත් හිටියා. අයිසෙක් නිට්ටන් කියන්නෙත් මේ ජාවාරමෙන් කෙළවාගත්ත කෙනෙක්. ඔහු දකුණු මුහුදු සමාගමේ පවුම් 22,000 ක කොටස් මිල දී ඇරැගෙන තියෙනවා. ඒ ආයෝජනයෙන් පවුම් 20,000 ක් (අද ගණන් හිලව්වල හැටියට පවුම් ලක්ෂ 37 ක්) විතර ඔහු අහිමි කරගත්තා. මේ ගැන අහපු වෙලාවක ඔහු කියලා තියෙන්නේ “මට ආකාශ වස්තූන්ගේ චලනය නම් ගණනය කරන්න පුළුවන්. ඒත් මිනිස්සුන්ට හැදෙන පිස්සු ගැන නම් අවබෝධයක් මට නෑ” කියලා.
ඉතින් සිරි ලංකාවේ විස්ස විජ්ජාලයකින් බව්තික විජ්ජාවට උපාධියක් ගන්නවා කියන්නේ මහ ලොකු හපන්කමක් නෙවෙයි. මේ ලියන මටත් එහෙම එකක් තියෙනවා. ඒකෙන් මට තියා කාටවත් වැඩක් නෑ. ඒක තවත් එක කඩදාසියක් විතරයි.
- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..