News Category
From Date
To Date
Maximum Number of Result

පළාත් සභාවලින් පොලිස් බලය ඉවත් කරන ගැසට්ටුව පිටවෙයි

Feb 15, 2024 at 03:25 PM
|

වසර 37ක් පුරාවට මෙරට දේශප්‍රේමී ජනතාව තුල පැවති සිහිනයක් සබෑ කරමින් පළාත් සභාවලට ලබා දුන් පොලිස් බලතල ඉන් ඉවත්කිරීමට අවස්ථාව උදාවී ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

පළාත් සභාවලින් පොලිස් බලතල ඉවත් කිරීම සඳහා උදය ගම්මන්පිල මහතා විසින් ඉදිරිපත් කරන ලද විසිදෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ සම්බන්දයෙන් මාධ්‍ය දැනුම්වත් කරමින් ඒ මහතා මේ බව සදහන් කර සිටියේය.

පිවිතුරු හෙළ උරුමයේ නායකයා මෙහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

පළාත් සභාවලට දුන් භයානකම බලතලය

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා පළාත් සභාවලට ලබා දුන් බලතලවලින් වඩාත් භයානකම බලතලය වන්නේ පොලිස් බලතලයි. එම නිසා පොලිස් බලතල පළාත් සභාවලින් ඉවත් කිරීම වසර 37ක් පුරා ජාතිකවාදීන් තුළ පැවැති දිගුකාලීන සිහිනයක්. ඒ හීනය සැබෑ කරන්න ඉතිහාසයේ ප්‍රථම වතාවට පොලිස් බලතල පළාත් සභාවලින් ඉවත් කිරීමේ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නමින් පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන්න අපට හැකියාව ලැබුණා. පෙබරවාරි මස 13 වැනි දා මෙම පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රසිද්ධ කර තිබෙනවා. පෙබරවාරි 20 වැනිදායින් ආරම්භ වන පාර්ලිමේන්තු වාරයේදී අපට එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවස්ථාව තියෙනවා. එසේ ඉදිරිපත් කරනු ලබන දිනයේ සිට දෙසතියක කාලයක් ලැබෙනවා ඕනෑම අයෙකුට කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලත්වය පිළිබඳව අධිකරණය ඉදිරියේ අභියෝග කරන්න. දෙමළ බෙදුම්වාදීන් මීට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට යාවි. ශ්‍රේෂ්ඨාධිකරණ නිර්ණායකයන් ලැබුණාට පස්සේ අපිට පුළුවන් ඒ අනුව මෙය පාර්ලිමේන්තුවේ දී සම්මත කරගෙන රටට අනතුරක් වෙච්ච දිගු කාලීන ප්‍රශ්නයකට ස්ථිර විසඳුමක් ලබාගන්න.

පොලිස් බලතල භයානක ඇයි ?

කාරණා කීපයක් නිසා පොලිස් බලතල පළාත් සභාවලට ලබා දීම ප්‍රශ්නයක් බවට පත්වී තිබෙනවා. මේක ජාතික ආරක්ෂාවට දැවැන්ත තර්ජනයක්. අපට මතකයි කොට කොටි ත්‍රස්තවාදින් සමග ගැටෙන විට ඇතැම් රටවල් කොටි ත්‍රස්තවාදින්ට මුල්‍ය අනුග්‍රහය අවි ආයුධ යනාදිය ලබා දුන්නා. ඒ වගේම පුහුණුව ලබා දුන්නා. මේ සියල්ලම කළේ හොරෙන්. නමුත් අපට තිබුණේ නිල රාජ්‍ය හමුදාවක් නිසා අපට සහාය ලබා දුන් අය ඒවා ලබා දුන්නේ විවෘතවයි. නමුත් අනාගතයේදී බෙදුම්වාදී යුද්ධයක් ඇති වුවහොත් එය ඇතිවන්නේ උතුරු පළාත් පොලිසිය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අතරයි. එවිට මේ දෙකම නිල හමුදාවන්. එවිට ශ්‍රී ලංකාවට එරෙහිව බෙදුම්වාදීන්ට සහාය දක්වන රටවලට කිසිම පැකිලීමකින් තොරව එළිපිටම එම බෙදුම්වාදී සංවිධානයට එහෙම නැත්නම් උතුරු පොලිස් හමුදාවට ආධාර ලබා දීමට හැකියාව ලැබෙනවා.

මේ කාරණය නිසාම යම් ප්‍රාන්තයක් ජනරජයට එරෙහිව යන අවස්ථාවේදී ඊට සෘජුවම මැදිහත්වීම සඳහා මධ්‍යම ආණ්ඩුවට බලතල ලබාදෙන විදි විධාන ඉන්දියානු ව්‍යවස්ථාවේ 256 හා 257 යන වගන්ති වලින් තහවුරු කර තිබෙනවා. ඉන්දියානු ව්‍යවස්ථාව පදනම් කරගෙන 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිර්මාණය කළත් ඉන්දියානු ව්‍යවස්ථාවේ ඇති ඒ වැදගත් වගන්ති අපේ ව්‍යවස්ථාවට ඇතුල් කිරීමට ව්‍යවස්ථා සංශෝධකයන් කටයුතු කර තිබුණේ නැහැ. ඒ නිසා බෙදුම්වාදීන් ශක්තිමත් වීමක් මෙම පොලිස් බලතල හරහා සිදුවෙනවා. මෙම විධි විධාන නිසා පොලිසිය සතු බලතලවලින් 90%ක් පළාත් පොලිසියට යනවා. මධ්‍යම ආණ්ඩුවේ පොලිසියට විදේශ විනිමය සම්බන්ධ, මධ්‍යම ආණ්ඩුවේ ආරක්ෂාව සම්බන්ධ සීමිත වැරදි ප්‍රමාණයක් සම්බන්ධයෙන් කටයුතු කිරීම විතරයි ඉතිරිවෙන්නේ.

පළාත් සභා බල සීමාවක කටයුතු කරද්දී මධ්‍යම ආණ්ඩුවේ පොලිස් නිලධාරියෙකුට සිය නිල ඇඳුමින් කටයුතු කරන්නත් බැහැ. ඒ වගේම මධ්‍යම ආණ්ඩුවේ පොලිස් නිලධාරියාට පළාතේ බල සීමාව තුළ ඉන්නකොට එම පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ යටතේ කටයුතු කරන්න සිදුවෙනවා.

ඒ වගේම මින් පොලිසිය දේශපාලනීකරණය වෙනවා. 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා පළාත් සභාවලට පොලිස් බලතල ලබාදීමෙන් අනතුරුව ආපු 17 වන සංශෝධනය 19 වන සංශෝධනය 21 වන සංශෝධනය වැනි ව්‍යවස්ථා සංශෝධන හරහා පොලිසිය නිර්දේශපාලනීකරණයට ලක් කළා. නමුත්13 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඉතා පැහැදිලිව කියනවා පළාත භාර පොලිස්පතිවරයා ප්‍රධාන අමාත්‍යවරයාට වගකිව යුතු අතර ඔහුගේ පාලනය යටතේ සිටිය යුතුය කියලා. පළාත් බද පොලිස් කොමිසමක් තියෙනවා. නමුත් එහි සාමාජිකයන් තිදෙනාගෙන් දෙදෙනෙකුම මහ ඇමතිවරයාට අවශ්‍ය ආකාරයටයි පත්වෙන්නේ. ඒ නිසා පොලිසිය නිර්දේශපාලනීකරණය කිරීමට පසුගිය වසර තිස්පහක් පුරා ගත් උත්සාහයන් සියල්ලම පළාත් සභාවලට වලට පොලිස් බලතල ලබාදීම හරහා නිරර්ථක වෙනවා. ඒනිසා ජාතික ආරක්ෂාව සහ යහපාලනය පැත්තෙන් 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාන සංශෝධනය යෝධ පියවරක් ලෙසින් අප දකිනවා.

ප්‍රශ්නය

මෙච්චර කාලයක් මේ දෙය සිදු නොවුණේ ඇයි?

පිළිතුර

වසර තිස් හතක් පුරාවට ජාතිකවාදීන් පළාත් සභාවලින් පොලිස් බලතල ඉවත් කිරීමට වාද විවාද කළාට ආණ්ඩුවට බලපෑම්ම කලාට කිසිම මන්ත්‍රීවරයෙක් වසර තිස්හතක් පුරාවට මේ සඳහා සාධනීය පියවරක් අරගෙන පෞද්ගලික කෙටුම්පතක් හරහා ඒ දේ කිරීමට උත්සාහ කළේ නෑ. අඳුරට සාප කරනවාට වඩා එක පහනක් හෝ දැල්වීම වටිනවා කියල හිතලා ආණ්ඩුවට බැන බැන ඉන් නැතුව අපිම වැඩේ අතට ගත්තා.

ප්‍රශ්නය

මේක ආණ්ඩුවෙම උගුලක් නෙවෙයිද?

පිළිතුර

කිසිසේත්ම නැහැ. මොකද ජනාධිපතිවරයා කියා තිබෙනවා 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම එතුමාගේ ප්‍රතිපත්තිය කියලා. ඒවාගේම 13 ඉක්මවා බලය බෙදීම පිළිබඳවත් සර්වපාක්ෂික සමුළුවක් කැඳවා එතුමා අදහස් ඉදිරිපත් කළා. එතකොට ඒ ජනාධිපතිවරයාගේ උත්සාහයට එරෙහිව යොදන පළමු මාර්ග භාදකය විදිහටයි මෙම උත්සාහය හඳුන්වන්න පුළුවන් වෙන්නෙ.

ප්‍රශ්නය

මෙය සම්මත කර ගැනීමට අවශ්‍ය ඡන්ද ප්‍රමාණය පාර්ලිමේන්තුවේ තිබෙනවා කියා ඔබතුමා හිතනවාද?

පිළිතුර

පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන් 225න් අවම වශයෙන් 150 කගේ කැමැත්ත මේ සඳහා අවශ්‍ය වෙනවා. මොකද මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් නිසා. මුළු රටම ඉල්ලා සිටින දෙයක් පොලිස් බලතල ඉවත් කරන්න කියන එක. දෙමළ බෙදුම්වාදීන් පමණයි මේ අවශ්‍ය බවට විශ්වාස කරන්නේ. දේශප්‍රේමීන් වැඩිද බෙදුම්වාදීන් වැඩිද කියලා පාර්ලිමේන්තුව පරීක්ෂාවට ලක් කෙරෙන අවස්ථාවක් විදිහට මේ 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වන්න පුළුවන්

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

පාතාල නායකයෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා, හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩ තහනම් කරන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඉල්ලා සිටි බව කියන රුපියල් මිලියන 300 ක අල්ලසක් ගෙවීම ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තමන් තංගල්ලේ රඳවාගෙන සිටින බවට චෝදනා කර තිබේ.
ශ්‍රී ලංකා රජය, පදනම් විරහිත ජන සංහාර චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.
තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනු කර ඇත.
යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා වන මහාචාර්ය ශ්‍රී සත්ගුණරාජ් මහතා වෙසක් පොහෝ දින විශ්ව විද්‍යාල සිසුන් සමඟ අට සිල් සමාදන් වී තිබේ.
මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.
කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා පත් කිරීම සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීමට පළාත් පාලන කොමසාරිස්වරයා තීරණය කර තිබේ.
මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සේවකයින් 6,000ක් පමණ සේවයෙන් ඉවත්කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.
නි. අමාත්‍ය චතුරංග අබේසිංහ පසුගිය මැතිවරණ සමයේ සිය පාක්ෂිකයන්ට මත්ද්‍රව්‍ය ලබාදුන් සියලු විපක්ෂ සාමාජිකයන්ගේ නම් හෙළිකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.

ප්‍රධාන පුවත්

රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.

චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)

ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..

බෞද්ධයන් අත්‍යාගමීකරණයට ලක්කරන බවට චෝදනා එල්ලවී ඇති චාල්ස් තෝමස් නමැති පුද්ගලයා විසින් මල්වතු විහාර පාර්ශ්වයට අයත් පාදෙණිය රජ මහා විහාරයේ දී පැවැත්වීමට නියමිත වඩසටහනක් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ විරෝධය මේ වන විට එල්ලවී ඇති බව සඳහන් කරමින් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් පාදෙණිය රජ මහා විහාරධිපති හිමියන්ට යොමුකළ ලිපියක් අප වෙත ලැබී තිබේ.

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.