
ඉන්දියාවේ අමුල් සමාගම හවුල් කර ගෙන මෙරට කිරි කර්මාන්තය දියුණු කරනවා නම් අපි ඒකට එකඟයි - නාමල් කරුණාරත්න
ඉන්දියාවේ අමුල් සමාගම හවුල් කරගෙන මෙරට කිරි කර්මාන්තය දියුණු කිරීමට කිසිවකු හෝ උත්සාහ කරන්නේ නම් ඊට එකඟතාවය පළ කරන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි.
විදෙස් මැදිහත්වීම් නොමැතිව හැමදේම කරගන්න පුළුවන් කියන මතයක තම පක්ෂය නොමැති බවත් ඔහු සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කරන්නේ ජාතික පුවත්පතක් හා සාකච්ඡාවකට එක්වෙමිනි.
“ඉන්දියාවේ අමුල් සමාගම හවුල් කර ගෙන මෙරට කිරි කර්මාන්තය දියුණු තත්ත්වයට පත් කරන්න කවුරු හෝ උත්සාහ කරනවා නම් ඒකට අපි එකඟයි. අමුල් සමාගම කියන්නේ ඉන්දියාවේ කිරි ගොවියන් එක්ව හදාගත් ව්‍යාපාරික සංවිධානයක්. ඒ සංවිධානයේ අත්දැකීම් පළපුරුද්ද අපේ ගොවියන් සමග බෙදා හදා ගැනීම හොඳ දෙයක්.
මොකද අමුල් සමාගම ගොවීන් එකතුව ගොඩ නගාගෙන ජාත්‍යන්තර තලයට ගෙනාවේ කොහොමද කියන එක අධ්‍යයනය කරන්න අපේ කිරි ගොවියන්ට අවස්ථාවක් ලැබෙනවා නම් අපි ඒක ප්‍රතික්ෂේප කරන්නේ නෑ. අපේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා ඉන්දීය රජයේ ආරාධනාවකට එරටට ගිහින් මේ කරුණු කාරණා පිළිබඳව අධ්‍යයනය කරලා තියෙනවා.
විදෙස් මැදිහත්වීම් නොමැතිව අපිට හැමදේම කරගන්න පුළුවන් කියන මතයක අපි නෑ. නමුත් ඉන්දියාවේ අමුල් සමාගමට වුණත් අපේ රටේ සම්පත් විකුණනවා නම් ඒකට ඉඩ දෙන්න බෑ. මේ වන විට අපේ රටේ කිරි සැකැසුම් මධ්‍යස්ථාන පහක් තියෙනවා. දිගන, අඹේවෙල, කොළඹ, පොළොන්නරුව හා බඩල්ගම ඒ කර්මාන්තශාලා පහ පිහිටුවලා තියෙන්නේ.
මීට අමතරව දිවයින පුරා කිරි එකතු කරන මධ්‍යස්ථාන අනූහතක් මිල්කෝ ආයතනය යටතේ තිබෙනවා. ඒ අතරේ ජාතික පශු සම්පත් මණ්ඩලය යටතේ කිරි ගොවිපොළවල් තිස් දෙකක් තිබෙනවා. ඊට අක්කර 28802ක් අයිතියි. මේ සම්පත් විකුණා දැමීම හෝ දිගුකාලීනව බදු දීමට අපි විරුද්ධයි. මේ ගනුදෙනුවේදී අපි අමුල් සමාගම එක්ක මතභේදයක් හදා ගන්නේ නෑ. නමුත් අපේ සම්පත් ඒ සමාගමට විකුණා දැමීමට පිඹුරුපත් හදන පාලකයන් සමග ගැටුමක් හදා ගන්න අපිට සිද්ධ වේවි”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
