
ආරක්ෂක ලේකම් සහ යුද හමුදාපති මන්ත්‍රී චන්දිමගෙන් සමාව ගත යුතු යැයි පාර්ලිමේන්තුව නිර්දේශ කරයි
පාර්ලිමේන්තු සංකීර්ණය තුළ පැවති කමිටු රැස්වීමකදී තර්ජනාත්මක ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩිගෙන් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සහ යුද හමුදාපති විකුම් ලියනගේ සමාව ගතයුතු බවට පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව නිර්දේශ කර තිබේ.
පාර්ලිමේන්තු ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳව කාරක සභාව හමුවේ මෙසේ සමාව ඉල්ලුවේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී තමන් සමග ඔවුන් දෙදෙනා ඇතිකරගත් වචන හුවමාරුවකට අදාලව බවද සඳහන්ය.
සන්නද්ධ හමුදා කාර්ය මණ්ඩලය ලක්ෂයක් දක්වා අඩු කිරීමේ යෝජනාවක් පිළිබඳව පැවති සාකච්ඡාවකදී මෙම මත ගැටුම ඇති වී තිබේ.
වීරක්කොඩි මහතා පසුව දැනුම්දී තිබුණේ ඔවුන් දෙදෙනා විසින් තමන් බියගන්වමින් සහ තර්ජනය කරමින් අදහස් ඉදිරිපත් කළ බවයි.
එමෙන්ම විමර්ශන වාර්තාවෙන්ද අනාවරණය කර ඇත්තේ මන්ත්‍රීවරයා සාමකාමීව අදහස් දක්වා ඇතත් ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පිරිසගෙන් ලද ප්‍රතිචාර මත කාරක සභා රැස්වීම උණුසුම් වි ඇති බවයි.
ඒ අනුව මන්ත්‍රීවරයාගෙන් සමාව ගන්නා ලෙස කාරක සභාව විසින් නිර්දේශ කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
