
රේගුවට හොරෙන් වාහන 400ක් ලියාපදිංචි කරලා... වංචාව රු.බිලියන 05ක්
රේගුව මගහැර වාහන 400කට ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචි කළ බව කියන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල සාමාජිකයන් පස්දෙනෙකු ඇතුළු පුද්ගලයන් හත්දෙනකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ රහස්‍ය හා බුද්ධි විමර්ශන ඒකකය පළමුව KE-3845 දරන වාහනය සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් සිදුකර ඇති අතර, මෙම වාහනය රේගු නිෂ්කාශනයකින් තොරව ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති බවත්, පසුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත ගබඩාවට ඇතුළු වී රජයට රුපියල් 2,587,500ක අලාභයක් සිදුකරමින් එය ලියාපදිංචි කර ඇති බවත් හෙළිව තිබේ.
98412/01/2023 දරන නඩුව යටතේ ලබාදුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගය මත ඉහත වාහනය අල්ලස් කොමිසම භාරයට ගෙන, පවත්වනු ලබන පරීක්ෂණ සඳහා ශ්‍රී ලංකා රේගුවට භාර ලබාදී ඇත.
වංචාවට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරමින් සිටින බවත්, මේ ආකාරයෙන් නීතිවිරෝධී ලෙස ආනයනය කර ලියාපදිංචි කළ තවත් වාහන 400ක පමණ තොරතුරු මේ වනවිට අනාවරණය වෙමින් පවතින බවත් වාර්තා වේ.
මෙය ඉතා සංවිධානාත්මකව ඉතා දීර්ඝ කාලයක් අඛණ්ඩව සිදුවී ඇති අතර, එමගින් රජයට රුපියල් බිලියන 05කට අධික අලාභයක් සිදුව ඇති බව වාර්තා වැඩිදුරටත් අනාවරණය කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
