රනිල් වික්‍රමසිංහ කාගේ කවුද?
මාසික වැටුප් ලබන, අමාරුවෙන් ජීවිතේ ගැට ගහ ගන්නා මෙරට සුවහසක් වූ ජනතාවට අධික බරක් පටවමින් උපයන විට ගෙවන බදු (PAYE), අගය එකතු කිරීමේ බදු (VAT) සහ ජාතිය ගොඩ නැගීමේ බදු ආදී බදු කන්දක් ගොඩ ගසමින් ඒ බදු සංශෝධනයන් සිදු කරනු ලැබුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් අනුව යැයි නිදහසට කරුණු කියා අත පිසදා ගත් ජනාධිපති සහ මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ ලංකාවේ නිදහස් දිනය සැමරූ ඊයේ ඔහුගේ සමීපතම අරක්කු කසිප්පු මුදලාලිලාට ඉහළින්ම සහනයක් ලබා දී තිබෙනවා.
👉 වාර්ෂික ඉස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 250 සිට ලක්ෂ 20 දක්වා අඩු කිරීම.
👉 නගර සභා බල ප්‍රදේශ තුළ මත්පැන් හල් පවත්වා ගෙන යාමේ බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 125 සිට ලක්ෂ 8 දක්වා අඩු කිරීම.
👉 අනෙකුත් ප්‍රදේශවල මත්පැන් හල් පවත්වා ගෙන යාමේ වාර්ෂික ගාස්තුව ලක්ෂ 100 සිට ලක්ෂ 6 දක්වා අඩු කිරීම.
👉 පොල් රා බෝතල් කිරීම සඳහා වූ ලක්ෂ 100ක්ව පැවති වාර්ෂික ගාස්තුව ලක්ෂ 15 දක්වා අඩු කිරීම.
👉 තල් රා බෝතල් කිරීම සඳහා වූ ගාස්තුව ලක්ෂ 100 සිට ලක්ෂ 5 දක්වා අඩු කිරීම.
මෙරට රජයේ ආදායමෙන් විශාල පංගුවක් හිමි වී තිබෙන්නේ මත්පැන් සහ දුම්කොළ නිෂ්පාදන ආශ්‍රිත බදු සහ ගාස්තුවලින්.
රනිල් වික්‍රමසිංහගේ යාලු බාර්කාරයෝ සැනසීඹ සඳහා ලබා දුන් වාර්ෂික ගාස්තු අඩු කිරීමෙන්
👉 නගර සභා බල ප්‍රදේශවල පිහිටි සුරා සල්වලින් (wine stores) වාර්ෂිකව රජය උපයා ගත් බලපත්‍ර ගාස්තු ආදායම 93%කින් සහ
👉 ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල පවත්වාගෙන යන සුරා සල්වලින් වාර්ෂිකව ලැබුණු ආදායම 95%කින් කප්පාදු කර ගෙන ඇත.
මෙරට සියලුම වයින් ස්ටෝස්ර් පාහේ නියම කර තිබෙන මිලට වඩා වැඩියෙන් යම් මුදලක් එකතු කර අය කරති. එසේ අයුතු ලාභයක් ලබා ගන්නා වයින් ස්ටෝර්ස් සඳහා රනිල් වික්‍රමසිංහ මේ සහනය සලසා දෙන්නේ රනිල් උන්ගේ එකෙකු නිසා ය.
මේ ආකාරයට යූඇන්පීයේ සජබයේ සහ පොහොට්ටුවේ හෙන්චයි අරක්කු මුදලාලිලා පිනවීම සඳහා රජයට ලැබෙමින් තිබුණු ස්ථීර ආදායමක් කප්පාදු කර ගැනීම මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ විසින් තම දේශපාලන ව්‍යාපෘතිය වෙනුවෙන් සිදු කළ පුද්ගලික වැඩක් මිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කරන ලද්දක් යැයි ඔබ විශ්වාස කරනවාද?
වැඩි දුරක් සිතීමේ අවශ්‍යතාවයක් නැත.
ලංකාවේ ජීවත්වීමට ජීවනෝපායක් නැති නිසා රටින් පිටවී ගොස් රැකියාවක් සොයා ගැනීමට උත්සාහ කරන පොඩි මිනිස්සුන්ගේ ගුවන් ගමන් බල පත්‍ර ගාස්තුව දෙගුණයක් කළ මුදල් ඇමති ලෙස රනිල් වික්‍රමසිංහ විසින් සිදු කරන ලද මෙම අරක්කු පෙරීමේ සහ විකිණීමේ බලපත්‍ර ගාස්තු කප්පාදුව අනුව ඔහු කාගේ කවුදැයි ඉතාමත් හොඳින් පැහැදිලි වේ.
රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති සකස් කෙරෙන්නේ පොඩි එකා චප්පං කර මිරිකා සූරා කෑමටත්, එලෙසින් ලබා ගන්නා මහජන ධනය උන්ගේ හෙන්චයියන් පිනවීමටත් බව තේරුම් ගැනීමට මීට වඩා තවත් උදාහරණයක් අවශ්‍ය නොවේ.
රටක පාලකයා සිටිය යුත්තේ ජනතාව වෙනුවෙනි.
නමුත් මුන් පත්වී සිටින්නේ උන්ගේ මැක්කන් වෙනුවෙන් පමණි. තවමත් මුන්ට කඩේ යන උගතුන් ගැන මට නම් දැන් තිබෙන්නේ වමනයට එන තරම් අප්පිරියාවකි.
- රවිනාත් විජේසේකර
(උපුටා ගැනීමකි)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..