නුසුදුස්සන්ට වගකීම් පැවරීම නිසා වළපල්ලට යන වෛද්‍ය පීඨ
2017දි පටන්ගත්ත සබරගමුවෙ වෛද්‍ය පීඨෙ තාම නොවිසඳුණු ගැටලු මහගොඩාක් තියෙනවා. මේ සම්බන්ධයෙන් රටේ සියලුම වෛද්‍ය ශිෂ්‍යයො තමන්ගෙ හඬ නගනවා. මොකද එක වෛද්‍ය පීඨයකට වෙන අහිතකර බලපෑම හැමෝටම බලපානවා.
වෛද්‍ය පීඨයක වගකීම තියෙන්නෙ පීඨාධිපතිට. වෛද්‍ය පීඨ වල ප්‍රමිතිය ගැන වගකියන්නෙ වෛද්‍ය සභාව. ඒ නිසා සාමාන්‍යයෙන් වෛද්‍ය පීඨ වල පීඨාධිපතිවරු හැමෝම වෛද්‍ය සභාවට ඉඳගන්නවා. නමුත් සබරගමුවෙ ඒක කරන්න බෑ. ඇයි ? සබරගමුවෙ පීඨාධිපතිනිය වෛද්‍ය සභාවෙ ලියාපදිංචි MBBS උපාධිධාරියෙක් නෙමෙයි. ලියාපදිංචිය නැති කාටවත් සභාවෙ ඉඳගන්න බෑ.
ඒ වෙනුවට වෛද්‍ය සභාවෙ සබරගමුව නියෝජනය කරන්නෙ වෙනත් නියෝජිතයෙක්.
වෛද්‍ය සභාව සබරගමුවෙ වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් කොයිතරම් උනන්දුවකින් සාකච්ඡා කළත් සබරගමුව පීඨාධිපතිනිය නම් කරන්නෙ පීඨයේ තියෙන අඩුපාඩු වසන් කරමින් වෛද්‍ය සභාවටත් බොරු කරන එක. අඩුපාඩු හැදෙන්න නම් අඩුපාඩු තියෙන බව පිළිගන්න ඕනෙ. ඒක ගැන කතා කරන්න ඕනෙ. ඇය වෛද්‍ය සභාවට වගකියන්නෙ නැති නිසා සබරගමුවෙ වෛද්‍ය අධ්‍යාපන ප්‍රමිතිය සම්බන්ධයෙන් තවම ඉතුරු වෙලා තියෙන්නෙ ප්‍රශ්නාර්ථයක්.
සබරගමුව වෛද්‍ය පීඨයට ස්ථිර මහාචාර්ය ඒකකයක් ඉල්ලල වෛද්‍ය ශිෂ්‍යයො අරගල කළා. අවුරුදු පහක් ගිහිල්ලත් පීඨයට අවශ්‍ය පහසුකම් හදාගන්න නොහැකි වීම සම්බන්ධයෙන් පීඨාධිපති වගකියන්න ඕනෙ.
මේ හැම තැනකම තියෙන්නෙ සබරගමුව පීඨාධිපතිනියගෙ අසමත්කම. සබරගමුවෙ ප්‍රමිතිය ඔය මට්ටමෙන් පවත්වාගන්න එක පිටිපස්සෙන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට කකුල තියන් ඉන්න මහාචාර්යවරු ඉන්නවා. එයාලට ඕනෙ විදිහට නැටවෙන මේ වගේ චරිත තවත් ඉහළ පුටු වල නඩත්තු කළ යුතුද? 😃
- මහා වෙදමහත්තයා
කෙහෙළියගේ බාල බෙහෙත් කරුමයට වඩා බරපතළය ඊට වඩා අශිෂ්ඨය බාල වෛද්‍යවරුන් තැනීමට අවශ්‍ය පාර කියා දෙන්නේය.
වෛද්‍ය පීඨය ගොඩනැගීමට ලබා දුන් මුදල් නැවත භාණ්ඩාගාරයට යන තෙක් බලා සිටින්නීය.
ප්‍රකෝටි ගණනින් හොරාකමින් බාල බෙහෙත් ගෙන්නුවාට වඩා බරපතලය.
(මුහුණුපොතෙන් උපුටාගත්තකි)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්