නුසුදුස්සන්ට වගකීම් පැවරීම නිසා වළපල්ලට යන වෛද්‍ය පීඨ
2017දි පටන්ගත්ත සබරගමුවෙ වෛද්‍ය පීඨෙ තාම නොවිසඳුණු ගැටලු මහගොඩාක් තියෙනවා. මේ සම්බන්ධයෙන් රටේ සියලුම වෛද්‍ය ශිෂ්‍යයො තමන්ගෙ හඬ නගනවා. මොකද එක වෛද්‍ය පීඨයකට වෙන අහිතකර බලපෑම හැමෝටම බලපානවා.
වෛද්‍ය පීඨයක වගකීම තියෙන්නෙ පීඨාධිපතිට. වෛද්‍ය පීඨ වල ප්‍රමිතිය ගැන වගකියන්නෙ වෛද්‍ය සභාව. ඒ නිසා සාමාන්‍යයෙන් වෛද්‍ය පීඨ වල පීඨාධිපතිවරු හැමෝම වෛද්‍ය සභාවට ඉඳගන්නවා. නමුත් සබරගමුවෙ ඒක කරන්න බෑ. ඇයි ? සබරගමුවෙ පීඨාධිපතිනිය වෛද්‍ය සභාවෙ ලියාපදිංචි MBBS උපාධිධාරියෙක් නෙමෙයි. ලියාපදිංචිය නැති කාටවත් සභාවෙ ඉඳගන්න බෑ.
ඒ වෙනුවට වෛද්‍ය සභාවෙ සබරගමුව නියෝජනය කරන්නෙ වෙනත් නියෝජිතයෙක්.
වෛද්‍ය සභාව සබරගමුවෙ වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් කොයිතරම් උනන්දුවකින් සාකච්ඡා කළත් සබරගමුව පීඨාධිපතිනිය නම් කරන්නෙ පීඨයේ තියෙන අඩුපාඩු වසන් කරමින් වෛද්‍ය සභාවටත් බොරු කරන එක. අඩුපාඩු හැදෙන්න නම් අඩුපාඩු තියෙන බව පිළිගන්න ඕනෙ. ඒක ගැන කතා කරන්න ඕනෙ. ඇය වෛද්‍ය සභාවට වගකියන්නෙ නැති නිසා සබරගමුවෙ වෛද්‍ය අධ්‍යාපන ප්‍රමිතිය සම්බන්ධයෙන් තවම ඉතුරු වෙලා තියෙන්නෙ ප්‍රශ්නාර්ථයක්.
සබරගමුව වෛද්‍ය පීඨයට ස්ථිර මහාචාර්ය ඒකකයක් ඉල්ලල වෛද්‍ය ශිෂ්‍යයො අරගල කළා. අවුරුදු පහක් ගිහිල්ලත් පීඨයට අවශ්‍ය පහසුකම් හදාගන්න නොහැකි වීම සම්බන්ධයෙන් පීඨාධිපති වගකියන්න ඕනෙ.
මේ හැම තැනකම තියෙන්නෙ සබරගමුව පීඨාධිපතිනියගෙ අසමත්කම. සබරගමුවෙ ප්‍රමිතිය ඔය මට්ටමෙන් පවත්වාගන්න එක පිටිපස්සෙන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට කකුල තියන් ඉන්න මහාචාර්යවරු ඉන්නවා. එයාලට ඕනෙ විදිහට නැටවෙන මේ වගේ චරිත තවත් ඉහළ පුටු වල නඩත්තු කළ යුතුද? 😃
- මහා වෙදමහත්තයා
කෙහෙළියගේ බාල බෙහෙත් කරුමයට වඩා බරපතළය ඊට වඩා අශිෂ්ඨය බාල වෛද්‍යවරුන් තැනීමට අවශ්‍ය පාර කියා දෙන්නේය.
වෛද්‍ය පීඨය ගොඩනැගීමට ලබා දුන් මුදල් නැවත භාණ්ඩාගාරයට යන තෙක් බලා සිටින්නීය.
ප්‍රකෝටි ගණනින් හොරාකමින් බාල බෙහෙත් ගෙන්නුවාට වඩා බරපතලය.
(මුහුණුපොතෙන් උපුටාගත්තකි)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..