අනුරගේ ඉන්දියානු සංචාරය
⏩71/88/89 ඉන්දියානු ව්‍යාප්ත වාදය පිලිබඳව JVP පංති පහේදි ඉගැන් වූ න්‍යායන් දැන් කතා කර පලක් නැත. දැන් ලෝකය ඒ දේශසීමා මායිම් පිලිබදව තැකීමක් කරන්නේ නැත.
⏩එදා ඉන්දියානු හමුදාවට විරුද්ධව " වඳුරු හමුදාව පන්නමු " යන සටන්පාඨ ද අදට වලංගු නැත.
⏩ඉන්දියානු බඩු වික්ක සහ මිල දී ගත් අය මරා දැමූ අතීතයද අපට වැඩක් නැත.
⏩ඉන්දු - ලංකා ගිවිසුමට පක්ෂ වූවන් මරා දැමූ අතීතයද අපට වැඩක් නැත.
⏩" උමා ඔය හෑස් අ බිග් හිල්. ඕල්සෝ ෂංකර් සර් හම්බන්තොට හාබර් හෑව් අ වෙරි බිග් ගලක්. යූ නෝ ෂංකර් සර් දිස් ට්‍රවුෂර් ගිවන් මී ටු කඩවත ස්ටීවන් අයියා" යැයි අනුරගෙ භාෂාමය දැනුමද මට අදාල නැත.
⏩පිදෙල් ක්‍රැස්ත්‍රෝ ඩබල් පොකට් ෂර්ට් එකෙන් ඩෙනිමෙන් සම්පූර්ණ යුරෝපා ඇඳුමට මාරු වීම වැනි යල්පැන ගිය විවේචන ද මම කරන්නෙ නැත.
⏩තමන්ගෙ බිම් මට්ටමේ පාක්ෂිකයන් ඉදිරියෙ ව්‍යාජ සමාන පන්තියෙ රූපයක් මවා පෙන්නුවත් ජාත්‍යන්තරයට යාමෙදි එසේ පුහු බොලඳ කෙනෙක් විය යුතු යැයි මම කියන්නෙ නැත.
⏩ඇඳුම දුන්නෙ ජයශාන්ත අයියා ද..? වැනි ගොං ප්‍රශ්නද මම අහන්නෙ නැත..
එහෙත් මම මේ ටික කියමි. මේ ටික අසමි..
අනුර කුමාරලා සැබෑ දේශපාලනෙට ප්‍රවිශ්ඨ වන්නෙ දැන්ය. භූ දේශපාලනය හා ගැටෙන්නෙ දැන්ය. රාජ්‍යතාන්ත්‍රික භාවිතය ගැන අවබෝධ වන්නෙ දැන්ය.
මේ කුඩා දූපතේ සීමිත දූපත් මානසිකත්වයකින් පෙලෙන ගෝත්‍රිකයන් අන්දනවා සේ ලෝකයේ 05 වන ආර්ථික බලවතා ඇන්දවීම ලේසි නැත.
▶️උගන්ඩාවට ඩොලර් ගෙනියපු හැටි
▶️ලැම්බෝගිනි 19 කතාව
▶️කොළඹ වරාය නගරයෙ කළු ගල් පච
▶️හම්බන්තොට වරායෙ ගල
▶️උමා ඔයෙ හිල
▶️රාජපක්ෂලාගෙ හොරා කාපු ඩොලර් බිලියන 18
වැනි ටොම් පච ජාත්‍යන්තරයට අදාලම නැත. ඒවා ඔවුන්ට කියන්නට ගියොත් වෙන සන්තෑසියද අනුරලා හොඳට දනී.
එමෙන්ම...
ගෝලීය භූ දේශපාලනයෙ එකිනෙකාගෙ ආර්ථික සතුරන් වූ ඇමරිකා එක්සත් ජනපදය, චීන සමූහාණ්ඩුව, ඉන්දියාව සහ රුසියාව සමග ගණුදෙනු කිරීමේදි හරසුන් වචන පමණක් ප්‍රමාණවත් ද නැත.
අනුර කුමාර දිසානායක පසුගිය කාලයෙ දේශපාලන වේදිකාවෙ ඉන්දියාව සම්බන්ධයෙන් කල ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ.
🔸දොරෙ අප්පා ක්‍රීඩාංගනය අලුත් වැඩියා කිරීම ඉන්දියාව ඉල්ලුවා..
🔸කන්කසන්තුරේ වරාය අලුත්වැඩියා කිරීම ඉන්දියාව ගත්තා
🔸නිලාවෙලි මුහුදු තීරයෙ මනරම් අක්කර හතරක් ඉන්දියානු හොටල් සඳහා ලබා දුන්නා
🔸පුල්මුඩේ ඛනිජ වැලි නිධිය ලබා ගැනීමට බිරලා සමාගම උත්සහ කරා..
🔸ඉන්දියාව අපේ බලශක්ති වෙලඳපොලට ඇතුල් වෙන්න ආවා.
🔸අපේ රටේ තෙල් වෙළඳපොල අත්පත් කරගත්තා.
🔸තෙල් ගෙන්වීම, ගබඩා කිරීම, බෙදා හැරීම ඉන්දියාව ලබා ගත්තා
🔸මන්නාරම් ද්‍රෝනියෙ මෙගාවොට් 4000 ක සුලං බලයෙන් විදුලිය නිපදවන ව්‍යාපෘතිය දෙන්න හදනවා අදානිට
🔸 ත්‍රීකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට ලබා නොදිය යුතුයි..
🔸පලාලි ගුවන්තොටුපළ නවීකරණය කිරීම ඉන්දියාව ලබා ගත්තා..
මට දැනගත යුතුම වැදගත් ප්‍රශ්ණයක් ඇත...
අනුර කුමාර දිසානායක ඉන්දීය විදේශ ඇමති එස්. ජයශංකර් හමු වූ විට එම විරෝධතා එහිදී ප්‍රකාශ කලාද...❓
තමන්ගෙ ආණ්ඩුවක් යටතේ ඉහත ව්‍යාපෘති ඉන්දියාවට නොදෙන බවත් දැනට දී ඇති ව්‍යාපෘති නැවත ලබා ගන්නවා යැයි පැවසුවා ද...❓
එදා ගෝඨාභය රාජපක්ෂ ඉන්දියාවට කොළඹ වරායෙ නැගෙනහිර ජැටිය දුන්නා නම්, ඇමරිකාවෙ MCC ගිවිසුම අවලංගු නොකරා නාම් සමහරවිට ඔහු අදටත් මේ රටේ ජනාධිපතිය.
භූ දේශපාලනය අවබෝධ කර නොගෙන මේ රටේ දේශපාලනය කිරීම සිදුකළ නොහැකිය.
අනුර කුමාර දිසානායක මේ රටේ ජනාධිපති වෙනවාට මම පූර්ණකාලීන ජෙප්පෙකුටත් වඩා කැමතිය. ඒ මහපොළවෙ යථාර්ථය සහ ඔහුගේ කටේ නරි වාදමෙ වෙනස ඔහුගෙ සෙද්ද අස්සෙන් බේරෙන්නෙ එදාට බව මම දන්න නිසාය...
" ඉන්දියාව අපිට එයාර් ටිකට් එකත් අරගෙන දීලා. කන්නත් දීලා. බොන්නත් දීලා. එනගමන් වියදමට කියලා ඉන්දියන් රුපියල් 5000 කුත් සාක්කුවට දැම්මා " කියා අනුර මෙරටට ඇවිත් කියන්නට ද බැරි නැත. ඒවාට මේ රටේ සිටින සහෝදරයන් හුරේ ද දමනු ඇත.
- නිලන්ත සත්සර ගමගේ -
(උපුටා ගැනීමකි)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..