නිදහස සැමරීමට රටක් අහිමි කරවන වත්මන් පාලනයේ "දුෂ්ට කොන්ත්‍රාත්තු" පිළිබඳව දැනුම්වත් වෙමු... එම නින්දිත උත්සාහයන් පැරදවීමට පෙරට එමු! - විමල් වීරවංශ
ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නිදහස් දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත්කරමින් පවසන්නේ 'නව නිදහස් දිනයක් ප්‍රකාශයට පත් කරනවා' යයි උදම් අනමින්, වත්මන් පාලකයන් දුෂ්ට කොන්ත්‍රාත්තුවක් ඉටුකරමින් සිටින බවත්, ඒ පිළිබඳව ජනතාව දැනුම්වත් වී මෙම දුෂ්ට කොන්ත්‍රාත්තුව පැරදවීමට පෙරට පැමිණිය යුතු බවත් ය.
විමල් වීරවංශ මහතාගේ නිදහස් දින පණිවිඩය පහළින්...
1815දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ පූර්ණ ග්‍රහණයට නතු වූ අපගේ මාතෘභූමියට නාමිකව හෝ නිදහස ලැබුණේ 1948 පෙබරවාරි 04 වැනිදා ය. එතැන් සිට පාලන බලය ස්වදේශික නායකයන්ගේ අතට ලැබුණ ද රට පාලනය කළ යුතු වූයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කිරීටය හිමි රජුගේ හෝ රැජිනගේ හෝ නාමයෙනි. 'ඩොමීනියන් නිදහස' ලෙස හැඳින්වූ එම තත්ත්වය වෙනස් වූයේ මෙරට පළමු ජනරජ ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීම ඇරැඹි 1972 මැයි 22 වැනිදා සිට ය. ඒ කෙසේ වෙතත් අද වන විට එකී නාමික නිදහස අප වෙත ලැබී වසර 76කි.
1948දී අප ලේ බිඳුවකුදු නොහෙළා නිදහස ලැබූ බව ඇතැමුන් පැවසුව ද සත්‍ය එය නොවේ. '1818 ඌව වෙල්ලස්ස නිදහස් අරගලය' හෙවත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහිව පැන නැගී ප්‍රථම නිදහස් අරගලයේදී දිවි පිදූ වීර මොනරවිල කැප්පෙටිපොළ නිලමේතුමන් ඇතුළු අපගේ වීර මුතුන්මිත්තන්ගේ රුධිරය ඒ තුළ ගැබ්ව තිබේ. එසේම 1848 පැනනැගි දෙවැනි නිදහස් අරගලයේදී ද ගොන්ගාලේගොඩ බණ්ඩා, වීර පුරන්අප්පු වැනි වීර මුතුන්මිත්තන් දහස් ගණනින් දිවි පිදූහ. අප රටක්, ජාතියක් ලෙස සමරනු ලබන්නේ එවන් කුරිරුකම්, සැහැසිකම් මැද බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් වෙතින් ලද නිදහස බව කිසිසේත්ම අමතක නොකළ යුතුය.
මෙසේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් වෙතින් නිදහස් කරගත් අපගේ ජාතික රාජ්‍යය යළි අපගෙන් උදුරා ගැනීමේ දිශාවට රැගෙන යාමේ මෙහෙයුම් ගෙවී ගිය වසර 76 පුරාම ක්‍රියාත්මක වූ බව දැක ගත හැකිය.
ගෙවීගිය 76 වසර තුළ අප ජාතියක් ලෙස යා යුතුව තිබුණේ ගොවි ජනතාව, වැඩ කරන ජනතාව බලගන්වන, රාජ්‍ය ආර්ථික සම්පත් බලගන්වන ගමනකි.1956දී ද 1970දී ද ජාතික ආර්ථිකය ශක්තිමත් කරන, දේශීය නිෂ්පාදන පද්ධතිය බලගන්වන, දෑහිතකාමිත්වය මත පදනම් වූ එවන් ගමන් ඇරඹි බවත් එහිදී අප ජාතියක් ලෙස ජයග්‍රහණ රැසක් ලබා ගත් බවත් ගෙවී ගිය වසර 76 දෙස විමසිලිමත්ව බැලීමේදී දැකගත හැක.
අද අප සිටින්නේ ඉහත කී 1970 ඇරඹි දෑහිතකාමී ගමනට රැහැනිව 1977දී හඳුන්වා දුන් නව ලිබරල්වාදී විවෘත ආර්ථික ගමනෙහි කෙළවර ය. ඒ පරාධීන ආර්ථික මොඩලය මේ වනවිට මෑත ඉතිහාසයේ බරපතලම ආර්ථික අර්බුදයට රට ඇද දමා තිබේ. එම වැරදි ගමනින් ආර්ථික නිදහස හිමිකර දීම කෙසේ වෙතත් දිනාගත් දේශපාලන නිදහස ද අහිමි වන තත්ත්වයකට රට රැගෙන ගොස් තිබේ.
76 වැනි නිදහස් සැමරුම උදාවන විට වත්මන් පාලනය සිදුකරමින් සිටින්නේ, ආර්ථික අර්බුදය හේතුවෙන් නිර්වින්දනයට පත්ව ඇති අප සමාජය තුළ, සාමාන්‍ය තත්වයක් යටතේ කිසිදු ලෙසකින් සිදුකළ නොහැකි, ආපසු හැරවිය නොහැකි, අපට රටත් ජාතියත් අහිමි කරවන, දුෂ්ට කොන්ත්‍රාත්තු රැසක් ඉටු කිරීමය. ටෙලිකොම් ඇතුළු ලාබ ලබන රාජ්‍ය ව්‍යවසායන් සහ ජාතික සම්පත් විදේශිකයන්ට විකුණා දැමීම එක් කොන්ත්‍රාත්තුවකි. ඉන්දියාව සමඟ බලශක්ති ඒකාබද්ධකරණයකට පාර කපමින්, එට්කා ගිවිසුම හරහා ඉන්දියානුවන්ට මේ රටේ සේවා ආර්ථිකයට හා වෙළඳාමට සම ඉඩක් සැපයීමෙන් අවසානයේ ශ්‍රී ලංකාව, ඉන්දියාවේ නොනිල 29 වැනි ප්‍රාන්තය බවට පත් කරදීම තවත් කොන්ත්‍රාත්තුවකි. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමෙන් යළි දෙමළ බෙදුම්වාදය ශක්තිමත් කර ඊළමකට පාර කපා දීම තවත් එකකි.
මේ මොහොතේ කළ යුත්තේ තම ආණ්ඩුවක් යටතේ 'නව නිදහස් දිනයක් ප්‍රකාශයට පත් කරනවා' යයි උදම් අනමින්, වත්මන් පාලකයන්ගේ ඉහත කී දුෂ්ට කොන්ත්‍රාත්තු ජනතාවගෙන් සැඟවීම නොවේ. එහෙයින් අප මේ රටේ සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, අපට නිදහස සැමරීමට රටක් අහිමි කරවන ඉහත දුෂ්ට කොන්ත්‍රාත්තු පිළිබඳව දැනුම්වත් වී ඒ නින්දිත උත්සාහයන් පැරදවීමට පෙරට එන ලෙසය.
විමල් වීරවංශ(පා.ම.)
නායක,
ජාතික නිදහස් පෙරමුණ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්‍රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්‍රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?