News Category
From Date
To Date
Maximum Number of Result

අද වෛද්‍යවරුන්ට හිමි DAT දීමනාව ඉල්ලන වෘත්තිය සමිති යහපාලන සමයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සහ බාල දොස්තරලා වෙනුවෙන් පෙනීසිටියේ මෙහෙමයි

Feb 1, 2024 at 12:31 PM
|

අද බටහිර වෛද්‍යවරුන්ට හිමි DAT දීමනාව  ඉල්ලන රවි කුමුදේශ්  ඇතුළු වෘත්තිය සමිති  යහපාලන සමයේ රටේ නිදහස් සෞඛ්‍ය විනාශ කරන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හා බාල දොස්තරලා වෙනුවෙන් පෙනී සිටි බව මහජන යුතුකම් කේන්ද්‍රය පවසයි.

එම සංගමය මේ පිළිබඳව තොරතුරු හෙළිදරව් කරමින් නිකුත් කළ ලිපිය පහළින්...

රටේ ජනතාව ප්‍රාණ ඇපයට තබා ගනිමින් ශයිලොක්ස්ගේ මස් රාත්තල ඉල්ලන බටහිර සෞඛ්‍ය වෘත්තීය මාෆියාව 

අද බටහිර වෛද්‍යවරුන්ට හිමි DAT දීමනාව  ඉල්ලන රවි කුමුදේශ්  ඇතුළු වෘත්තිය සමිති  යහපාලන සමයේ රටේ නිදහස් සෞඛ්‍ය විනාශ කරන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල, බාල දොස්තරලා වෙනුවෙන් පෙනී සිටියා.  

ජීවත්වීමට බැරි තරමට මේ රට මේ තත්ත්වයට පත්කරන ලද්දේ සෞඛ්‍ය සේවකයන් නොවේ. 

එබැවින් රටේ මහජනතාව සුවපත් කිරීමට කටයුතු කරන සෑම සෞඛ්‍ය සේවකයෙකුටම ජීවත්වීම සඳහා ප්‍රමාණවත් වැටුපක් ලැබිය යුතුව ඇත. 

වර්තමාන වැටුප ඔවුන්ට ජීවත් වීමට තරම්  සරිලන නොවන බව රහසක් නොවේ. 

එහෙත් තම වෘත්තීයමය  තත්ත්වයට  නොගැලපෙන විධායක මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරීන් වූ බටහිර වෛද්‍යවරුන්ට පමණක් ලබාදෙන දීමනාවක් ඉල්ලීම කොතරම් විහිළු සහගතදැයි ඔවුන් සිතිය යුතුව ඇත. 

අදාළ දීමනාව  රජයේ විධායක නිලධාරීන්ට සහ බටහිර වෛද්‍යවරුන්ට සමාන දේශීය ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ට පවා ලබාදී නොමැත. 

රෝහලේ සුළු සේවකයාගේ සිට වෛද්‍ය නොවන අනෙකුත් වෘත්තීන් දක්වා On Call  සේවාවක් ඇත්දැයි අප ඔවුන්ගෙන් හිනා නොවී විමසිය යුතුව ඇත. 

ඔවුන් නියෝජනය කරන අදාළ වෘත්තීය සමිති රුපියල් විසි දහසේ දීමනාවේ එල්ලී සිටියා මිස  ඔවුන්ට DAT දීමනාව ඉල්ලුවේ නැත  එසේ ඉල්ලා සිටීමට හැකියාවක් ද නොමැත. 

වෛද්‍යවරුන්ට ලබා දෙන DAT දීමනාව නොව සෞඛ්‍ය සේවයේ තමන්ටද  ජීවත්වීමට සරිලන වැටුපක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කලේ නම් වෛද්‍යවරුන්ද එයට සහය දෙනු ඇත. 

තමන්ට හිමි නැති නොලැබෙන දීමනාවක් මුල් කරගනිමින් රෝගීන් ප්‍රාණ ඇපයට තබා ගැනීම  කොතරම් සදාචාරද යන්න හදවත් ඇත් නම් ඔවුන්ගේ මොළයට වැටහෙන්නේ නැතිද?. 

අතීත කරුණු ද රැගෙන  අදාල වෘත්තීය සමිති නායකයන් ක්‍රියාත්මක වන්නේ දේශපාලන බළල් අතක් ලෙසද යන්න විමසා බැලීම  ඉතාමත් වටිනා කාලෝචිත දෙයකි.

පසුගිය යහපාලන සමයේ මහින්ද රාජපක්ෂ පාලන සමයේ ගෙනා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට එරෙහිව මෙරටේ වෛද්‍ය සිසුන් සහ නිදහස් සෞඛ්‍ය සේවය අගයන විශාල පිරිසක් කටයුතු කරද්දී  එයට එරෙහිව කටයුතු කල  පිරිස කවුරුන්ද යන්න නැවත සිහියට ගත යුතුව ඇත. 

එදා රාජිතගේ  පාලන සමයේ මෙරට සෞඛ්‍ය සේවය විනාශ කරන සෞඛ්‍ය පෞද්ගලීකරණය කරන සුදුස්සන්ට නොව නුසුදුස්සන්ට තැන ලබා දෙන උසස් පෙළ අසමත් පාලකයන්ගේ දරුවන් සිටි මාලබේ සයිටම්  පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට පක්ෂව සෞඛ්‍ය සේවයේ  සුළු වෘත්තිය සමිති කිහිපයක් හැර  සියල්ල රාජිත වෙනුවෙන් කතා කළේය. වැඩ කළේය.

අද වෛද්‍යවරුන් වෙනුවෙන් කතා කරන වෛද්‍ය බෙල්ලන පවා සිටියේ සෞඛ්‍ය විනාශ කරන පැත්තේය. 

රවි කුමුදේශ් , සමන් රත්නප්‍රිය ,මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවුල් සෞඛ්‍ය  නිලධාරීන්ගේ සංගමය  රටේ සෞඛ්‍ය විනාශ කරන මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් වෙනුවෙන් පෙනී සිටියේය. 

එදා ඔවුන් පෙනී සිටියේ රටේ සෞඛ්‍ය රැක ගැනීම වෙනුවෙන් නොව පෞද්ගලික මුදලාලිලා වෙනුවෙනි. 

එයට එරෙහිව රජයේ වෛද්‍ය පීඨ සිසුන් සෞඛ්‍ය අමාත්‍යාංශය වැටලූ අවස්ථාවේ සිය ගණනක් වෛද්‍ය සිසුන් තුවාලව ජාතික රෝහලේ ප්‍රතිකාර ලබද්දී ඊට පසු දිනම සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට  රජයේ වෛද්‍ය පීඨ සිසුන්ගේ ක්‍රියාවලියට එරෙහිව ඉහත වෘත්තීය සමිති උද්ඝෝෂණය කළ බව ඔවුන්ට අමතකව ඇත.

කණගාටුවට කරුණ වන්නේ එදා ගුටි කෑ සිසුන්ගේ බහුතරයක් රජයේ වෛද්‍යවරුන්ගේ දරුවන් නොව හෙදියන්ගේ පවුල් සේවිකා නිලධාරීන්ගේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ දරුවන් වීමයි. 

 තමන්ගේ පැලැන්තියේ දරුවන්ට රජය විසින් අමානුෂික ලෙස ප්‍රහාරය එල්ල කිරීම එදා ඔවුන් අනුමත කළේ එසේය. 

 අද ද එම වෘත්තීය සමිති නායකයන් තමන්ගේ වෘත්තීය සගයන්ද පාවාදෙමින්  රෝගීන් ප්‍රාණ ඇපයට තබමින් ක්‍රියාකරමින් සිටින්නේ එදාට නොදෙවෙනි වූ කරුණක් වෙනුවෙන් බව රටේ මහජනතාව පමණක් නොව අදාළ වෘත්තීය සමිතිවල සාමාජිකයන්ද දැනගත යුතුව ඇත. 

එසේම මේ රටේ සෞඛ්‍යයට ආදරය කරන බහුතරයක් ජනතාවට  අතීතය අමතකව ගොස් නැති බව අදාළ පාර්ශ්ව දැනගත යුතුව ඇත. 

වෛද්‍යවරුන්ට DAT දීමනාව කොටසක් වැඩි කිරීමෙන් පමණක් බුද්ධිගලනය නැවැත්විය නොහැක. 

එසේම වෛද්‍යවරුන්ට හා සියලු සෞඛ්‍ය සේවකයන්ට ආර්ථික යුක්තිය ඉටු කළ යුතු බව අප තරයේ විශ්වාස කරමු.  

- මහජන යුතුකම් කේන්ද්‍රය -

සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.