News Category
From Date
To Date
Maximum Number of Result

බුදුන්වහන්සේ ලංකාවෙ උපන් බවට ගෙනයන ව්‍යාජ මතයේ යටි අරමුණ ඔබ දන්නවා ද?

Jan 17, 2024 at 03:39 PM
|

බුදුන්වහන්සේ ලංකාවේ දී උපත ලැබූ කියන පුද්ගලයින් ගැන හෙළි කිරීම වැදගත්, එක අතකින් වැදගැන්මක් නැති ලඳබොළඳ කතා බහක් වුවත් ඔවුන්ගේ උත්සහය පරාජය කළ යුතුයි, එළවා එළවා පහර දිය යුත්තේ පුරාවිද්‍යාත්මක කරුණු වලින්,  මෝඩ  ශ්‍රධාවන්තයා මුළා කිරීමට වඩා බරපතල වන්නේ තරුණ ප්‍රජාව මුළා කිරීමයි. අනාගත සමජය මුළා කිරීමයි. එපමණක් නොව චීවරය දරාගත් පිරිසක්,  යොදා ගැනීමේ සැඟවුනු  රහස කුමක් ද? 

භික්ෂුව සතු සමාජ බලය හෑල්ලුවට පත් කිරීමයි. හාස්‍යයට පත්කිරීමයි. එයයි මෙහි යටි අරමුණ.

බුදුන්වහන්සේගෙ උපත ලංකවෙ ද?  ඉන්දියාවේ ද ? ( ලුම්බිණිය )

* අනාගමිකයින්ගෙ තවත් උත්සාහයක්, බුදු උපත පිළිබඳව බොදු ජනතාව අතර ඇතිකිරීමට දරණ විචිකිච්චාව. මේ සඳහා ගිහි කුලීකරුවන් පමණක් නොව මුදලට ලොල්වූ සිවුරු පොරවාගත් කුලීකරුවන් ද සිටින බව තහවුරු වී හමාරයි.

* අනාගමිකයින් ගෙ උත්සාහයන් හුදු අයාලේ යන බොළඳ කාරණයක් නොව ලෝක දේශපාලනය බැඳී පවතින්නක්, ගෝලීයකරණ දේශපාලනය හා බැඳී පවතිනක්, අප තේරුම්ගත යුත්තේ එයයි. ආගමික විශ්වාසයන් අකාමකා දමා ඕලාරික සමාජයක් බිහි කිරීම නව ලිබරල් වාදයේ  උවමනාවක් . එවැනි පිංපි සමාජයක් බිහි වූ පසු රට ග්‍රහනයට ගැනීම පහසු නිසයි.

* බුදු උපත ලුම්බිණියෙ සිදුවූ බවට පොත පතේ - වංශ කතාවල -  දේශාටන වාර්තාව - ශෙල්ලිපි මගින් -  පුරාවිද්‍යාත්මක කැණීම් වලින් -  රසායනික විද්‍යාත්මක පරීක්ෂණ වලින් තහවුරු වී ඇත.

* එම කරුණු කාරණා එකින් එක පෙළගස්වා බලමු  ->

1. සැදැහැවතුන් විසින් වන්දනාමාන කළයුතු ස්ථානයක් ලෙස බුදු උපත සිදුවූ ස්ථානය හඳුන්වා දී ඇත්තේ මහා පරිණිබ්බාන සූත්‍රයයි.

 ( දීඝනිකාය - සූත්‍ර පිටකය.)

2.  ක්‍රි.පු. 249 දී ධර්මාශෝක රජු ලුම්බිණියට පැමිණ පිහිටවූ  ශිලා ස්ථම්භය හා ශෙල් ලිපිය.

( උපගුප්ත මහ රහතන් වහන්සේ විසින් මෙම ස්ථානය බුදු උපත සිදු වූ ස්ථානය ලෙස රජුට පෙන්වා ඇත.)

3. ක්‍රි.ව. 300 දී සෙං සායි චීන භික්ෂුවගේ දේශාටක වාර්තාව .

4. ක්‍රි.ව. 406 දී පාහියං චීන භිෂුවගේ දේශාටක වාර්තාව .

5. ක්‍ර්‍රි.ව. 634 දී හියුං සාං චීන භික්ෂුවගේ දේශාටක වාර්තාව .

( මෙම හැම දේශාටක වාර්තාවකින්ම -  අශෝක ස්ථම්භය - ශෙල් ලිපිය - මායාදේවී විහාරය ඇතුළු විහාර සංකීර්ණය -  පොකුණු හා වටපිටාව ගැන පරස්පරයකින් තොරව එකසේ විස්තර සපයා ඇත. එය අතිශයින්ම වැදගත් කාරණයකි, තමන් ඇසින් දුටු දේ පමණක් නොව ප්‍රජව මුණ ගැසී ඔවුන්ගෙන් ද තොරතුරු රැස්කර ඇත,  

6. ක්‍රි.ව. 1312 දී ලුම්බිණිය වැඳ පුදා ගැනීමට පැමිණි  නේපාල රිපූ රජු විසින් ද අශෝක සෙල් ලිපියේම  තැබූ සටහන.  

" ඕම්මනි පද්මේ හූම් රිපු මල්ල චිරං ජයතු

7. 1896 දී එවක ඉන්දීය ආණ්ඩුකාර  ජෙනරාල් බඩ්ඩා ෂම්මර් හා බ්‍රිතාන්‍ය පුරාවිද්‍යා මහාචාර්ය ඇලෝසියස් ෆයිසර් දෙදෙනා විසින් එවක කැළෑවෙන් වැසීගිය  මෙම ස්ථානය පරීක්ෂාකර සංරක්ෂණය කිරීමේ නූතන යුගය ආරම්භ කළේ.

8. ක්‍රි.ව. 1896 දී  කැණීම් ආරම්භ කළ පසු , ජර්මන් ජාතික පුරාවිද්‍යා මහාචාර්ය ඇන්ටන් ජුසේ විසින්  අශෝක ස්ථම්භය සොයාගනු ලැබුවා. 

9. ක්‍රි.ව. 1899 දී  පී. සී. මුජිබර් , 1903 දී ජෙනරාල් කේෂර් සම්සර් සහ 1956 දී නේපාල මහේද්‍ර රජු, ලුම්බිණියට පැමිණ සංරක්ෂණ කටයුතුවලට මැදිහත් වූවන් .

10.  ක්‍රි.ව. 1967 අප්‍රේල් මාසයේදී  එක්සත් ජාතීන්ගෙ මහ ලේකම් යූ තාන්ට් ලුම්බිණියට පැමිණ , ජාත්‍යන්තර සහාය ලබාදීමට කටයුතු කළා.  එහි ප්‍රතිඵලයක් ලෙසයි,  යුනෙස්කෝව මැදිහත් වී ලුම්බිණිය ලෝක උරුමයක් බවට පිළිගන්නේ 

11. ක්‍රි.ව. 1970  කැණීම්වලින් අශෝක ටැම් ලිපිය සොයා ගනු ලැබුවා . මෙම සෙල් ලිපිය මගින් ලුම්බිණිය පිළිබඳව එතෙක් පැවැති අදහස් - මතිමතාන්තර වඩාත් තහවුරු කළා. 

" හිද බුද ජාතෝ .............."

12 . සෙල් ලිපියේ සිංහල පරිවර්තනය  ->

     "  දෙවනපියදසී රජුගේ රාජ්‍යත්වයෙන් අවුරුදු 20 ක් ගිය කළ, මෙහි සාක්‍යමුණි උපන්නේ යයි  සළකා තමාම  පැමිණ  ගෞරව කළේය . භාග්‍යවතුන් වහන්සේ මෙහි උපන්නේ යයි අසා දැඩි ඇල්මෙන් යුක්තව ශිලා ටැඹක් පිහිටුවීය.  ලුම්බිණී ග්‍රාමය බද්දෙන් නිදහස්කොට අර්ථලාභ ඇතිකළේය. "

   පරිවර්තනය -  මහාචාර්ය අභය ආරියවංශ .

13.  ක්‍රි.ව.  2011 දී  එංගලන්තයේ  ඔරිහෑම් විශ්වවිද්‍යාලයේ  පුරාවිද්‍යා  මහාචාර්ය රොබින් කණින්හැම් මහතා විසින් නේපාල, ඉන්දියානු හා ජපන් පුරාවිද්‍යයින් වන ඩෙවලා ,  මිත්‍රබාබු, ක්‍රිෂ්ණ , රිජාල්  සමග සිදුකළ කැණීම්වලින්  " මයාදේවි "  විහාරය සොයාගනු ලැබුවා . 

14 . මෙහිදී  සොයාගත් කැටයම් සහිත ගසක පොත්තක් ඇමෙරිකාවේ දී කාබන් 14 රසායනික  පරීක්ෂණයට ලක් කිරීමෙන් පසු හෙළි වූ කරුණු අතිශයින් වැදගත්. එමගින්  ලුම්බිණියේ ඉදිකිරීම් ක්‍රි.පූ. 6 වන සියවසට අයත් බව විද්‍යාත්මකව තහවුරු කළා.

(නෝර්වේ කුක්කන් ඒගැන නන්දොඩවනවා

15. ක්‍රි.පූර්ව 6 වන සියවස බුදුන්වහන්සේගෙ ජීවමාන කාලපරිච්චේදයයි .  බුද්ධ පරිනිර්වාණය සිදුවන්නේ ක්‍රි.පූර්ව 544 දී.

16. ලුම්බිණිය අශෝක රජුගෙ නිර්මණයක් මිස සැබෑ බුදු උපත සිදු වූ ස්ථානය නොවේ යයි  ගොඩනගා තිබූ  මතය ද, ලංකාවේ උපන්නේ යයි සංවිධානාත්මකව ගෙන යන බෞද්ධ විරෝධීන්ගෙ මතය ද,  සුනුවිසුනු විය. 

17. එපමණක් නොව නෝර්වේ කුක්කන්ගෙ තවත් තර්කයේ වන්නේ , බුදු උපත ඉන්දියාවේ සිදු වූ බව කියන්නේ සුද්දන් බවත් , එය සුද්දන්න්ගේ කූට ක්‍රියාවක් ලෙසයි.  සුද්දන්ගේ මුදලින් යැපෙන ඩොලර්වලට රට, ජාතිය , ආගම පාවා දෙන මොවුන් සැබැවින්ම සුද්දන්ට එරෙහිවීමක් නොව එය අප රැවටීමටයි එසේ කියන්නෙ.

සාමාන්‍ය ජනතාව තුළ පවතින සුද්දන්ට එරෙහි විරෝධයට, අවිශ්වාසයට මුවාවී,  ඔවුන්ගේ බොරුව විරෝධය සමග මුසුකිරීමට දරණ කුපාඩි උත්සායකි. 

18. බුදු උපත ලුම්බිනියේ යයි කීම සුද්දාගෙ බොරුවක් බව කියන නෝර්වේ කුක්කන් ක්‍රි.ව. 300 දී සෙං සායි , ක්‍රි.ව. 406 දී පාහියං ක්‍රිව 634 දී හියුං සාං චීන භික්ෂූන් ගේ වාර්තා ගැන කතා කරන්නෙ නැත, ලෝක ඉතිහාසයේ ඇති වැදගත්ම දේශාටන වාර්තා වන්නේ මෙම දේශාටන වාර්තායි ,  ලුම්බිණිය වැඳ පුදා ගැනීමට පැමිණි මෙම භික්ෂූන් වහන්සේලා ඒ බව සටහන් කළා පමණක් නොව ලුම්බිණියේ වටපිටව පමණක් නොව , වෙනත් බෞද්ධ පූජනීය ස්ථාන ගැනත් ,  ලුම්බිණිය වැඳ ගැනීමට වෙනත් රටවලින් භික්ෂූන්ගේ පැමිණීම ගැනත්,  තම ගමන් මාර්ගයේ තොරතුරු ගැනත් විස්තර සපයා ඇත.  පාහියං භික්ෂුව ලංකාවටත් පැමිණි අතර  මෙහි පුද බිම් ගැනද විස්තර සපයා ඇත. තමන් විසින්ම  නිරීක්ෂණය කර, විවිධ පුද්ගලයන්ගෙන් තොරතුරු රැස්කර ඇති

මෙහි සුවිශේෂත්වය වන්නේ දේශාටන විස්තර  වාර්තා සමාන වීමයි,  අවුරුදු 100 - 200 -300 පරාසයක් තුළ ලියා ඇතත් පරස්පර නොවීමයි. ඒ නිසා එම වාර්තාවලින් හෙළි කරුණු අතිශයින් ප්‍රබලයි.  නෝර්වේ කුක්කන් ඒ ගැන හා හූවක් නැත.  බුදු උපත ලුම්බිණියේ සිදු වූ බවට වෙනත් මූලාශ්‍රයක් අවශ්‍ය නැත. 

19. ලුම්බිණිය පිළිබඳව තොරතුරු යුනෝස්කො වෙබ් පිටුවෙන් ද දැක ගත හැකිය, 

20. මේවන විට ලංකාවේ බුදු උපත සිදුවූ යයි කියන කණ්ඩායම් 4 කි. 

මීවන පළාතේ භික්ෂුව "හිරිවඩුන්න ", තවත් කණ්ඩායමක් මැදවචිය ඉසින් බැස්ස ලෙන, තවත්  කණ්ඩායමක් අනුරාධපුර අභය ගිරිය, තවත් පිරිසක් තෙල්දෙනියෙ බඹරගල .  -   මාර වැඩක් නෙ, මේ හාදයින්ට අනුව බුදුන්වහන්සේ ලංකාවෙම 4 පළක ඉපිදිලා.  -

21. මෙම කණ්ඩායම් වලින් මීවනපළතේ කණ්ඩාමට නොර්වේ මුදල් ලැබෙනවා.

FB එකේ කුලී හමුදාවක් ඉන්නවා මීට පක්ෂව ලියන්න. කවුරුන් හෝ අදහසක් පළ කළොත් බලු රෑනක් වගේ වටකර බොරු බේගල් ඇද බාන අතර මඤ්ඤං ප්‍රශ්න අසනවා.

22. මේ කිසිවෙක් ඉතිහාසඥයන් හෝ පුරාවිද්‍යාඥයින් නොවේ, ඔවුන් අතර උසාවියේ ගාස්තුවට පෙනී ඉන්න නීතිඥයින් කිහිප දෙනෙක් , රැවුල වවාගත්තු, කොණ්ඩේ වවාගත්තු , තට්ටෙ පෑදුනු කිහිප දෙනෙක් මේ මතය වෙනුවෙන් පෙනී ඉන්නවා. ඔවුන්ගේ සුදුසුකම් දිග රැවුල, දිග කොණ්ඩය හා තට්ටයයි.

23.  මේ තරම් සෙල්ලිපි තියෙන රටක , මහාවංශය ඇතුළු ඓතිහාසික පොත්පත් තියෙන රටක, බුදුරදුන් ලංකාවෙ උපන් බවට ඍජු සධකයක් නැහැ.  එහෙම   නැති වුනාට , සෙල්ලිපි වල, පොත්පත්වල වචන ඇහිඳ ගෙන , කෑලි ඇහිඳ ගෙන වැරදි අර්ථකථන දෙනවා සාමාන්‍ය අයව මුලා කරන්න. 

24. බොහෝ දෙනා මෙලෙස බටහිර මුදල්වලින් ගෙන යන මේ පාහර ක්‍රියාව ගනන් ගන්නෙ නැහැ. හාස්‍යයට ලක්කරනවා. මෝඩයො කියනවා,  

       සැබැවින්ම ඊට එහා දෙයක් මෙහි ගැබ් වෙනවා, මේ කුක්කන් සමග FB එකේ වාද කළා, ඔවුන් උත්සාහ ගන්නේ මාතෘකාව වෙනතකට යොමු කරන්නයි, ඍජුව මාතෘකාවට අනුව කතා කරන්නෙ නැහැ. 

 මෙය බරපතල කාරණයක්, නෝර්වේ රට ලංකාවෙ ඊළමක් හදන්න ක්‍රියාත්මක වූ රටක් බව බොහෝ දෙනාට දැන් අමතකයි, එදා ඊළමක් වෙනුවෙන් පෙනී සිටි නෝර්වේ විදේශ ඇමැති දැන් රනිල්ගෙ උප දේශකයෙක් .  

25.  මෙහි අරමුණ කුමක්ද ? 

මේ සඳහා යොදාගෙන ඇත්තේ චීවරධාරීන් පිරිසක්, කුමන්ත්‍රණකරුවන්ගේ  මුදලට ලොල් වී මේ ජඪ වැඩේ කරනවා, චීවරය දරාගෙන බුදුන්වහන්සේ උපන් ස්ථානය ගැන  මෙසේ වැරදි මත පළ කරන විට,  චීවරයට- භික්ෂුවට ඇති බෞද්ධ ජනයාගෙ  ගෞරවය නැති වෙනවා, ශ්‍රද්ධාවන්ත බෞද්ධයන්ගේ භික්ෂුවට ඇති ගෞරවය නැතිකරන්න යොදා ඇති හොඳම උපායක් - උගුලක් බවයි මගේ හැඟීම, සිංහල බෞද්ධ සමාජයේ එක් ආරක්ෂකයෙක් භික්ෂුව,එම ආරක්ෂකයා වනසා දැමීමේ උපායකි මෙය.

එසේ නම් ලුම්බිණිය බුද්ධ කාලීන නිර්මණයක් බව විද්‍යාත්මකවත් ඔප්පුවන යුගයක  බුදු උපත සිදුවූයේ කොහිදැයි ව්මසිය හැක්කේ අංගොඩ නේවාසිකව ප්‍රතිකාර ලබන මානසික ලෙඩුන්ට පමණි.

නමුත් මෙය මානසික ලෙඩුන්ගේ ක්‍රියාවක් නොව ,  සමස්ථ භික්ෂු සමාජයට බෞද්ධයන් ලවාම  අවමන් කිරීමට, හෑල්ලුවට පත්කිරීමට දරණ ගෝලීයකරණ  කුමන්ත්‍රණයකි.

(අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

ලෝක බලවතුන් අතර පවතින ආර්ථික හා භූ-දේශපාලනික තරගකාරීත්වය හමුවේ, ලෝකයේ ප්‍රමුඛතම ආර්ථික බලවතා කවුරුන්ද යන්න පිළිබඳව Next page අන්තර්ජාල නාලිකාව හරහා කරුණු රැසක් අනාවරණය කර තිබේ.
මහ බස් මාදිලියක (මබමාවක, Large Language Model, LLM) හැකියාව මෙන්න මේකයි කියලා නිශ්චිත කරලා කියන්න බෑ. මබමාවන්ගේ හැකියාව සන්දර්භය අනුව වෙනස්වෙනවා.
ප්‍රවෘත්ති බලද්දි දවසගානේ මේ වචන ඇහෙද්දි, මේ කියන්නේ ඇත්තටම මොකක් ගැනද කියලා ඔයා කවදාහරි හිතලා තියෙනවද? නම දන්නවා වුණාට, මේ ආයතන හැදුණේ කොහොමද, මේවායේ ඇතුළාන්තය මොකක්ද කියලා දන්නේ අපි අතරින් ඉතාම සුළු පිරිසක් විතරයි.
නවීන විද්‍යාත්මක දැනුම වනාහි හුදු එක් ශිෂ්ටාචාරයක නිර්මාණයක් නොවන බව නූතන ලෝකය සාමාන්‍යයෙන් පිළිගන්නා කාරණයකි. එසේ වුවද නවීන විද්‍යාව යනු හුදු බටහිර ලෝකයේ පමණක් උපත ලැබූ දැනුම් සමුදායක් බව ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා තවමත් විශ්වාස කරති. ඒ මතය අදටත් වඩා ලෝකය පුරා ජනප්‍රියව පැවති කාලයක ඒ මතයට ප්‍රබල අභියෝගයක් එල්ල කළ එක්තරා සුවිශේෂී විද්වතෙක් බටහිර ලෝකයෙන්ම බිහිවිය. ඒ අදින් අවුරුදු 126කට පෙර බි්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර උපත ලැබූ ජෝශප් නීඩ්හැම් (Joseph Needham) නමැති ජීව රසායන විද්‍යාඥයාය.
ශ්‍රී ලංකාවේ බිත්තර පරිභෝජනය අඩුවීම මන්දපෝෂණයට හේතු වී ඇත.
සංචාරක නියෝජ්‍ය ඇමති 'මහාචාර්ය' රුවන් රණසිංහ දෙවෙනි වතාවටත් ආතල් එකක් දුන්නා.
“හරක් කටා” නැමැත්තාගේ රැඳවුම් නියෝග ඉවත්කර සහන සැලසීම සඳහා රුපියල් ලක්ෂ 1200 ක (කෝටි 12 ක) අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව මත රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින නීතීඥ රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ සහ අරුණ ශ්‍රී චතුරංග යන තිදෙනා ඊයේ (17) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.
වත්මන් ආණ්ඩුව විසින් පසුගිය කාලයේ දී විවෘත කළ අලවල සංචාරක මධ්‍යස්ථානය මේ වන විට වල් බිහිවී ඇති ආකාරය දැක්වෙන ඡායාරූප රැසක් පසුගිය කාලයේ සමාජ මාධ්‍ය හරහා සංසරණය විය.
පසුගිය 14 වෙනිදා සුරේෂ් සලේ තමන් PTA යටතේ රදවා ගෙන සිටීමට එරෙහිව අධිකරණයට ඉදිරිපති කරන ලද රීට් පෙත්සමට අදාලව කරුණු දැක්වීම කරනු ලැබුවා.

ප්‍රධාන පුවත්

ආණ්ඩුව මෙරට අධිකරණය සිරගතකර තමන් භාරයට අරගෙන.. - විමල්ගෙන් චෝදනා..

ආණ්ඩුව මෙරට අධිකරණය සිරගතකර තමන් භාරයට ගෙන ඇති බවත්, අධිකරණ පද්ධතිය ආණ්ඩුවෙන් නිදහස් කරගැනීම සියළු මත දරන සියල්ලන්ගේ පොදු වුවමනාවක් බවට පත්ව ඇති බවත් ජානිපෙ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගෝඨාභයට එරෙහිව කිසිඳු සාක්ෂියක් ඉදිරිපත් වී නැහැ.. - ගෝඨාභයගේ රිට් පෙත්සමේ සවිස්තරාත්මක වාර්තාව..

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ රිට් පෙත්සම අද (23) අභියාචනාධිකරණය හමුවේ යළි සලකා බැලූණි.

භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක වංචාව: මුදල් අමාත්‍යංශය කියන්නේ බොරු.. - මහ බැංකුවෙන් ආන්දෝලනාත්මක නිවේදනයක්

ඕස්ට්‍රේලියානු 'Export Finance Australia' ආයතනය වෙත ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 කට ආසන්න (USD 2,489,441) විදේශ ණය වාරිකය වංචනික ගිණුමකට බැරවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය ඉදිරිපත් කළ වාර්තාවේ කරුණු අසත්‍ය සහ අසම්පූර්ණ බව පවසමින් ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (COPF) වෙත විශේෂ වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

වලිකාමම් හමුදා රෝහල කඩා ඉවත් කිරීමේ සුමන්තිරන්ගේ යෝජනාව ගැන ශමීන්ද්‍රගෙන් අනාවරණයක්..

වලිකාමම් ප්‍රදේශයේ පිහිටි හමුදා රෝහල කඩා ඉවත් කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් ප්‍රකාශ කර තිබේ.

පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව අමාරුවේ දැමීම සඳහා විජේවීර පවුලට අවමන් කිරීම දුෂ්ඨ ක්‍රියාවක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

රෝහණ විජේවීර මහතාගේ භාර්යාව වූ ශ්‍රීමතී ච්ත්‍රාංගනී විජේවීර මහත්මිය සහ දරුවන් නාවික හමුදා භාරයේ තබාගැනීම සඳහා වියදම් කළ මුදල පිළිබඳව විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීම පිළිබඳව සදාචාරමය ගැටලුවක් මතුවන බව ලංකා ලීඩර් පාඨකයෝ පවසති.

චීන මහජන විමුක්ති හමුදාවේ 99 වැනි සංවත්සරය කොළඹදී සමරයි - ශ්‍රී ලංකාව සමඟ හමුදාමය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවන බවට සහතිකයක්

චීන මහජන විමුක්ති හමුදාවේ (PLA) 99 වැනි සංවත්සරය සැමරීමේ විශේෂ පිළිගැනීමේ උත්සවයක් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං (H.E. Qi Zhenhong) මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි.

ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ.. - ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්..

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වුවහොත්, ඔහුව අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියි.

පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙනරත් වික්‍රමසිංහ කාර්ය මණ්ඩලයට තර්ජනය කරයි..

පුරාවිද්‍ය දෙපාර්තමෙිින්තුවෙහි වසර 20 පුරාවට පැවති සහකාර අධ්‍යක්ෂක තනතුරු පුරප්පාඩු කඩිමුඩියේ අසාධාරණ ලෙස පිරවිම දරණ උත්සාහය සමාජයට හෙලිදරව් වීම සහ චානක්‍ය .. සුමන්තිරන්ගෙ රහසිගත හමුව හෙලිදරවිි වීම සෙනරත් වික්‍රමසිංහගේ වියරුවට හේතු වි ඇති බව lankaleader වෙත වාර්තා වේ.

ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ

ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ

කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

යුක්‍රේනයේ පවතින වත්මන් දේශපාලන සහ සූක්ෂම හමුදාමය වෙනස්කම් හා ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..

2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුට සැගව සිටීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධියක සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් වූ හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)

වත්මන් ආණ්ඩුව යොදාගනිමින් යම් යම් පාවාදීම් ඉටුකර ගැනීමටත්, ඉන් අනතුරුව එම ආණ්ඩුවම බලයෙන් පලවා හැරීමටත් පසුබිම සකස් වෙමින් පවතින බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..

ඉස්ලාමීය අන්තවාදය සහ ISIS මතවාදය මෙරට දරුණු ලෙස ක්‍රියාත්මක වෙමින් පැවති ආකාරයත් එය මැඩපවත්වන අයුරු පිළිබඳත් සුරේෂ් සලේ මහතා 2016 වසරේදී ආරක්ෂක මණ්ඩලයට දීර්ඝ ලෙස කරුණු දැක්වීම් සිදුකළත් එම කරුණු දැක්වීම්වලට ආරක්ෂක මණ්ඩලයේ සිටි ඉහළ පෙළේ අයෙකු අකමැත්ත පළකර ඇති බව අභියාචනාධිකරණයේදී ඊයේ (21) සඳහන් කෙරුණි.

"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස

කැරපොත්තන්ගේ ජනතා පක්ෂය ( Cockroach Janta Party-CJP) ලෙස තමන්ව හඳුන්වා ගන්න දේශපාලන කණ්ඩායම විසින් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී වෛද්‍ය විද්‍යාලවලට සිසුන් බඳවා ගන්නා විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවූයේ යැයි පවසමින් ගෙන යන විරෝධතා ව්‍යාපාරයේ දෙවන දිනයේදී ඊට සහභාගි වූ ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔහු නිදහස් කරනු ලැබීය.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) කුවේට්හි පිහිටි එක්සත් ජනපද හමුදා ස්ථානවල රේඩාර් පද්ධති, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගන (Hangars) ඇතුළු ප්‍රධාන හමුදා යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කළ බව වාර්තා වී තිබේ.

ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..

වත්මන් ආණ්ඩුව විසින් පාසල් පද්ධතිය තුළට නොගැලපෙන සංකල්ප සහ අදහස් රිංගවීම සඳහා උත්සාහයක නිරත වන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.