News Category
From Date
To Date
Maximum Number of Result

බුදුන්වහන්සේ ලංකාවෙ උපන් බවට ගෙනයන ව්‍යාජ මතයේ යටි අරමුණ ඔබ දන්නවා ද?

Jan 17, 2024 at 03:39 PM
|

බුදුන්වහන්සේ ලංකාවේ දී උපත ලැබූ කියන පුද්ගලයින් ගැන හෙළි කිරීම වැදගත්, එක අතකින් වැදගැන්මක් නැති ලඳබොළඳ කතා බහක් වුවත් ඔවුන්ගේ උත්සහය පරාජය කළ යුතුයි, එළවා එළවා පහර දිය යුත්තේ පුරාවිද්‍යාත්මක කරුණු වලින්,  මෝඩ  ශ්‍රධාවන්තයා මුළා කිරීමට වඩා බරපතල වන්නේ තරුණ ප්‍රජාව මුළා කිරීමයි. අනාගත සමජය මුළා කිරීමයි. එපමණක් නොව චීවරය දරාගත් පිරිසක්,  යොදා ගැනීමේ සැඟවුනු  රහස කුමක් ද? 

භික්ෂුව සතු සමාජ බලය හෑල්ලුවට පත් කිරීමයි. හාස්‍යයට පත්කිරීමයි. එයයි මෙහි යටි අරමුණ.

බුදුන්වහන්සේගෙ උපත ලංකවෙ ද?  ඉන්දියාවේ ද ? ( ලුම්බිණිය )

* අනාගමිකයින්ගෙ තවත් උත්සාහයක්, බුදු උපත පිළිබඳව බොදු ජනතාව අතර ඇතිකිරීමට දරණ විචිකිච්චාව. මේ සඳහා ගිහි කුලීකරුවන් පමණක් නොව මුදලට ලොල්වූ සිවුරු පොරවාගත් කුලීකරුවන් ද සිටින බව තහවුරු වී හමාරයි.

* අනාගමිකයින් ගෙ උත්සාහයන් හුදු අයාලේ යන බොළඳ කාරණයක් නොව ලෝක දේශපාලනය බැඳී පවතින්නක්, ගෝලීයකරණ දේශපාලනය හා බැඳී පවතිනක්, අප තේරුම්ගත යුත්තේ එයයි. ආගමික විශ්වාසයන් අකාමකා දමා ඕලාරික සමාජයක් බිහි කිරීම නව ලිබරල් වාදයේ  උවමනාවක් . එවැනි පිංපි සමාජයක් බිහි වූ පසු රට ග්‍රහනයට ගැනීම පහසු නිසයි.

* බුදු උපත ලුම්බිණියෙ සිදුවූ බවට පොත පතේ - වංශ කතාවල -  දේශාටන වාර්තාව - ශෙල්ලිපි මගින් -  පුරාවිද්‍යාත්මක කැණීම් වලින් -  රසායනික විද්‍යාත්මක පරීක්ෂණ වලින් තහවුරු වී ඇත.

* එම කරුණු කාරණා එකින් එක පෙළගස්වා බලමු  ->

1. සැදැහැවතුන් විසින් වන්දනාමාන කළයුතු ස්ථානයක් ලෙස බුදු උපත සිදුවූ ස්ථානය හඳුන්වා දී ඇත්තේ මහා පරිණිබ්බාන සූත්‍රයයි.

 ( දීඝනිකාය - සූත්‍ර පිටකය.)

2.  ක්‍රි.පු. 249 දී ධර්මාශෝක රජු ලුම්බිණියට පැමිණ පිහිටවූ  ශිලා ස්ථම්භය හා ශෙල් ලිපිය.

( උපගුප්ත මහ රහතන් වහන්සේ විසින් මෙම ස්ථානය බුදු උපත සිදු වූ ස්ථානය ලෙස රජුට පෙන්වා ඇත.)

3. ක්‍රි.ව. 300 දී සෙං සායි චීන භික්ෂුවගේ දේශාටක වාර්තාව .

4. ක්‍රි.ව. 406 දී පාහියං චීන භිෂුවගේ දේශාටක වාර්තාව .

5. ක්‍ර්‍රි.ව. 634 දී හියුං සාං චීන භික්ෂුවගේ දේශාටක වාර්තාව .

( මෙම හැම දේශාටක වාර්තාවකින්ම -  අශෝක ස්ථම්භය - ශෙල් ලිපිය - මායාදේවී විහාරය ඇතුළු විහාර සංකීර්ණය -  පොකුණු හා වටපිටාව ගැන පරස්පරයකින් තොරව එකසේ විස්තර සපයා ඇත. එය අතිශයින්ම වැදගත් කාරණයකි, තමන් ඇසින් දුටු දේ පමණක් නොව ප්‍රජව මුණ ගැසී ඔවුන්ගෙන් ද තොරතුරු රැස්කර ඇත,  

6. ක්‍රි.ව. 1312 දී ලුම්බිණිය වැඳ පුදා ගැනීමට පැමිණි  නේපාල රිපූ රජු විසින් ද අශෝක සෙල් ලිපියේම  තැබූ සටහන.  

" ඕම්මනි පද්මේ හූම් රිපු මල්ල චිරං ජයතු

7. 1896 දී එවක ඉන්දීය ආණ්ඩුකාර  ජෙනරාල් බඩ්ඩා ෂම්මර් හා බ්‍රිතාන්‍ය පුරාවිද්‍යා මහාචාර්ය ඇලෝසියස් ෆයිසර් දෙදෙනා විසින් එවක කැළෑවෙන් වැසීගිය  මෙම ස්ථානය පරීක්ෂාකර සංරක්ෂණය කිරීමේ නූතන යුගය ආරම්භ කළේ.

8. ක්‍රි.ව. 1896 දී  කැණීම් ආරම්භ කළ පසු , ජර්මන් ජාතික පුරාවිද්‍යා මහාචාර්ය ඇන්ටන් ජුසේ විසින්  අශෝක ස්ථම්භය සොයාගනු ලැබුවා. 

9. ක්‍රි.ව. 1899 දී  පී. සී. මුජිබර් , 1903 දී ජෙනරාල් කේෂර් සම්සර් සහ 1956 දී නේපාල මහේද්‍ර රජු, ලුම්බිණියට පැමිණ සංරක්ෂණ කටයුතුවලට මැදිහත් වූවන් .

10.  ක්‍රි.ව. 1967 අප්‍රේල් මාසයේදී  එක්සත් ජාතීන්ගෙ මහ ලේකම් යූ තාන්ට් ලුම්බිණියට පැමිණ , ජාත්‍යන්තර සහාය ලබාදීමට කටයුතු කළා.  එහි ප්‍රතිඵලයක් ලෙසයි,  යුනෙස්කෝව මැදිහත් වී ලුම්බිණිය ලෝක උරුමයක් බවට පිළිගන්නේ 

11. ක්‍රි.ව. 1970  කැණීම්වලින් අශෝක ටැම් ලිපිය සොයා ගනු ලැබුවා . මෙම සෙල් ලිපිය මගින් ලුම්බිණිය පිළිබඳව එතෙක් පැවැති අදහස් - මතිමතාන්තර වඩාත් තහවුරු කළා. 

" හිද බුද ජාතෝ .............."

12 . සෙල් ලිපියේ සිංහල පරිවර්තනය  ->

     "  දෙවනපියදසී රජුගේ රාජ්‍යත්වයෙන් අවුරුදු 20 ක් ගිය කළ, මෙහි සාක්‍යමුණි උපන්නේ යයි  සළකා තමාම  පැමිණ  ගෞරව කළේය . භාග්‍යවතුන් වහන්සේ මෙහි උපන්නේ යයි අසා දැඩි ඇල්මෙන් යුක්තව ශිලා ටැඹක් පිහිටුවීය.  ලුම්බිණී ග්‍රාමය බද්දෙන් නිදහස්කොට අර්ථලාභ ඇතිකළේය. "

   පරිවර්තනය -  මහාචාර්ය අභය ආරියවංශ .

13.  ක්‍රි.ව.  2011 දී  එංගලන්තයේ  ඔරිහෑම් විශ්වවිද්‍යාලයේ  පුරාවිද්‍යා  මහාචාර්ය රොබින් කණින්හැම් මහතා විසින් නේපාල, ඉන්දියානු හා ජපන් පුරාවිද්‍යයින් වන ඩෙවලා ,  මිත්‍රබාබු, ක්‍රිෂ්ණ , රිජාල්  සමග සිදුකළ කැණීම්වලින්  " මයාදේවි "  විහාරය සොයාගනු ලැබුවා . 

14 . මෙහිදී  සොයාගත් කැටයම් සහිත ගසක පොත්තක් ඇමෙරිකාවේ දී කාබන් 14 රසායනික  පරීක්ෂණයට ලක් කිරීමෙන් පසු හෙළි වූ කරුණු අතිශයින් වැදගත්. එමගින්  ලුම්බිණියේ ඉදිකිරීම් ක්‍රි.පූ. 6 වන සියවසට අයත් බව විද්‍යාත්මකව තහවුරු කළා.

(නෝර්වේ කුක්කන් ඒගැන නන්දොඩවනවා

15. ක්‍රි.පූර්ව 6 වන සියවස බුදුන්වහන්සේගෙ ජීවමාන කාලපරිච්චේදයයි .  බුද්ධ පරිනිර්වාණය සිදුවන්නේ ක්‍රි.පූර්ව 544 දී.

16. ලුම්බිණිය අශෝක රජුගෙ නිර්මණයක් මිස සැබෑ බුදු උපත සිදු වූ ස්ථානය නොවේ යයි  ගොඩනගා තිබූ  මතය ද, ලංකාවේ උපන්නේ යයි සංවිධානාත්මකව ගෙන යන බෞද්ධ විරෝධීන්ගෙ මතය ද,  සුනුවිසුනු විය. 

17. එපමණක් නොව නෝර්වේ කුක්කන්ගෙ තවත් තර්කයේ වන්නේ , බුදු උපත ඉන්දියාවේ සිදු වූ බව කියන්නේ සුද්දන් බවත් , එය සුද්දන්න්ගේ කූට ක්‍රියාවක් ලෙසයි.  සුද්දන්ගේ මුදලින් යැපෙන ඩොලර්වලට රට, ජාතිය , ආගම පාවා දෙන මොවුන් සැබැවින්ම සුද්දන්ට එරෙහිවීමක් නොව එය අප රැවටීමටයි එසේ කියන්නෙ.

සාමාන්‍ය ජනතාව තුළ පවතින සුද්දන්ට එරෙහි විරෝධයට, අවිශ්වාසයට මුවාවී,  ඔවුන්ගේ බොරුව විරෝධය සමග මුසුකිරීමට දරණ කුපාඩි උත්සායකි. 

18. බුදු උපත ලුම්බිනියේ යයි කීම සුද්දාගෙ බොරුවක් බව කියන නෝර්වේ කුක්කන් ක්‍රි.ව. 300 දී සෙං සායි , ක්‍රි.ව. 406 දී පාහියං ක්‍රිව 634 දී හියුං සාං චීන භික්ෂූන් ගේ වාර්තා ගැන කතා කරන්නෙ නැත, ලෝක ඉතිහාසයේ ඇති වැදගත්ම දේශාටන වාර්තා වන්නේ මෙම දේශාටන වාර්තායි ,  ලුම්බිණිය වැඳ පුදා ගැනීමට පැමිණි මෙම භික්ෂූන් වහන්සේලා ඒ බව සටහන් කළා පමණක් නොව ලුම්බිණියේ වටපිටව පමණක් නොව , වෙනත් බෞද්ධ පූජනීය ස්ථාන ගැනත් ,  ලුම්බිණිය වැඳ ගැනීමට වෙනත් රටවලින් භික්ෂූන්ගේ පැමිණීම ගැනත්,  තම ගමන් මාර්ගයේ තොරතුරු ගැනත් විස්තර සපයා ඇත.  පාහියං භික්ෂුව ලංකාවටත් පැමිණි අතර  මෙහි පුද බිම් ගැනද විස්තර සපයා ඇත. තමන් විසින්ම  නිරීක්ෂණය කර, විවිධ පුද්ගලයන්ගෙන් තොරතුරු රැස්කර ඇති

මෙහි සුවිශේෂත්වය වන්නේ දේශාටන විස්තර  වාර්තා සමාන වීමයි,  අවුරුදු 100 - 200 -300 පරාසයක් තුළ ලියා ඇතත් පරස්පර නොවීමයි. ඒ නිසා එම වාර්තාවලින් හෙළි කරුණු අතිශයින් ප්‍රබලයි.  නෝර්වේ කුක්කන් ඒ ගැන හා හූවක් නැත.  බුදු උපත ලුම්බිණියේ සිදු වූ බවට වෙනත් මූලාශ්‍රයක් අවශ්‍ය නැත. 

19. ලුම්බිණිය පිළිබඳව තොරතුරු යුනෝස්කො වෙබ් පිටුවෙන් ද දැක ගත හැකිය, 

20. මේවන විට ලංකාවේ බුදු උපත සිදුවූ යයි කියන කණ්ඩායම් 4 කි. 

මීවන පළාතේ භික්ෂුව "හිරිවඩුන්න ", තවත් කණ්ඩායමක් මැදවචිය ඉසින් බැස්ස ලෙන, තවත්  කණ්ඩායමක් අනුරාධපුර අභය ගිරිය, තවත් පිරිසක් තෙල්දෙනියෙ බඹරගල .  -   මාර වැඩක් නෙ, මේ හාදයින්ට අනුව බුදුන්වහන්සේ ලංකාවෙම 4 පළක ඉපිදිලා.  -

21. මෙම කණ්ඩායම් වලින් මීවනපළතේ කණ්ඩාමට නොර්වේ මුදල් ලැබෙනවා.

FB එකේ කුලී හමුදාවක් ඉන්නවා මීට පක්ෂව ලියන්න. කවුරුන් හෝ අදහසක් පළ කළොත් බලු රෑනක් වගේ වටකර බොරු බේගල් ඇද බාන අතර මඤ්ඤං ප්‍රශ්න අසනවා.

22. මේ කිසිවෙක් ඉතිහාසඥයන් හෝ පුරාවිද්‍යාඥයින් නොවේ, ඔවුන් අතර උසාවියේ ගාස්තුවට පෙනී ඉන්න නීතිඥයින් කිහිප දෙනෙක් , රැවුල වවාගත්තු, කොණ්ඩේ වවාගත්තු , තට්ටෙ පෑදුනු කිහිප දෙනෙක් මේ මතය වෙනුවෙන් පෙනී ඉන්නවා. ඔවුන්ගේ සුදුසුකම් දිග රැවුල, දිග කොණ්ඩය හා තට්ටයයි.

23.  මේ තරම් සෙල්ලිපි තියෙන රටක , මහාවංශය ඇතුළු ඓතිහාසික පොත්පත් තියෙන රටක, බුදුරදුන් ලංකාවෙ උපන් බවට ඍජු සධකයක් නැහැ.  එහෙම   නැති වුනාට , සෙල්ලිපි වල, පොත්පත්වල වචන ඇහිඳ ගෙන , කෑලි ඇහිඳ ගෙන වැරදි අර්ථකථන දෙනවා සාමාන්‍ය අයව මුලා කරන්න. 

24. බොහෝ දෙනා මෙලෙස බටහිර මුදල්වලින් ගෙන යන මේ පාහර ක්‍රියාව ගනන් ගන්නෙ නැහැ. හාස්‍යයට ලක්කරනවා. මෝඩයො කියනවා,  

       සැබැවින්ම ඊට එහා දෙයක් මෙහි ගැබ් වෙනවා, මේ කුක්කන් සමග FB එකේ වාද කළා, ඔවුන් උත්සාහ ගන්නේ මාතෘකාව වෙනතකට යොමු කරන්නයි, ඍජුව මාතෘකාවට අනුව කතා කරන්නෙ නැහැ. 

 මෙය බරපතල කාරණයක්, නෝර්වේ රට ලංකාවෙ ඊළමක් හදන්න ක්‍රියාත්මක වූ රටක් බව බොහෝ දෙනාට දැන් අමතකයි, එදා ඊළමක් වෙනුවෙන් පෙනී සිටි නෝර්වේ විදේශ ඇමැති දැන් රනිල්ගෙ උප දේශකයෙක් .  

25.  මෙහි අරමුණ කුමක්ද ? 

මේ සඳහා යොදාගෙන ඇත්තේ චීවරධාරීන් පිරිසක්, කුමන්ත්‍රණකරුවන්ගේ  මුදලට ලොල් වී මේ ජඪ වැඩේ කරනවා, චීවරය දරාගෙන බුදුන්වහන්සේ උපන් ස්ථානය ගැන  මෙසේ වැරදි මත පළ කරන විට,  චීවරයට- භික්ෂුවට ඇති බෞද්ධ ජනයාගෙ  ගෞරවය නැති වෙනවා, ශ්‍රද්ධාවන්ත බෞද්ධයන්ගේ භික්ෂුවට ඇති ගෞරවය නැතිකරන්න යොදා ඇති හොඳම උපායක් - උගුලක් බවයි මගේ හැඟීම, සිංහල බෞද්ධ සමාජයේ එක් ආරක්ෂකයෙක් භික්ෂුව,එම ආරක්ෂකයා වනසා දැමීමේ උපායකි මෙය.

එසේ නම් ලුම්බිණිය බුද්ධ කාලීන නිර්මණයක් බව විද්‍යාත්මකවත් ඔප්පුවන යුගයක  බුදු උපත සිදුවූයේ කොහිදැයි ව්මසිය හැක්කේ අංගොඩ නේවාසිකව ප්‍රතිකාර ලබන මානසික ලෙඩුන්ට පමණි.

නමුත් මෙය මානසික ලෙඩුන්ගේ ක්‍රියාවක් නොව ,  සමස්ථ භික්ෂු සමාජයට බෞද්ධයන් ලවාම  අවමන් කිරීමට, හෑල්ලුවට පත්කිරීමට දරණ ගෝලීයකරණ  කුමන්ත්‍රණයකි.

(අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.