News Category
From Date
To Date
Maximum Number of Result

අවලෝකිතේශ්වර නාමයෙන් පෙනීසිටි පුද්ගලයා ගැන මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමට නියෝග... විත්ති කූඩුවේදී සිනාසෙයි

Jan 17, 2024 at 06:30 AM
|

අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ විත්තිකූඩුවේ සිනාසෙමින් සිටි අවලෝකිතේෂ්වර නාමයෙන් පෙනී සිටී මහින්ද කොඩිතුවක්කු නැමැති පුද්ගලයා සම්බන්ධයෙන් අංගොඩ ජාතික මානසික වෛද්‍ය රෝහලෙන් මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ නියෝග කළේය.

එහිදී මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ සැකකරු විත්තිකූඩුවේ සිටි කාලය තුළ ඔහු මානසික ව්‍යාකූලතාවයකින් සිටින බවට අධිකරණය නිරීක්ෂණය කළ බවය.

ඒ අනුව සැකකරු ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් විසින් පන්නිපිටිය වීරමාවත ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගත් අවලෝකිතේෂ්වර නමින් පෙනීසිටින මහින්ද කොඩිතුවක්කු අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි. 

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනීසිටි රජයේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා සැකකරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේය.

" ස්වාමීනි, මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ) සහ (ආ) වගන්ති, පරිගණක අපරාධ පනත සහ මුදල් විශුද්ධිකරණ පනතේ විදි විධාන ප්‍රකාරව. 2012දී ඊජිප්තුවට ගිය මේ තැනැත්තා රැකියාව ලෙස කරලා තියෙන්නේ අමෙරිකානු කඳවුරක සුනඛයන් බලාගැනීම. පසුව වීසා කල්ඉකුත්වී වසර 04ක් රැඳී සිටි මොහු එරටින් පිටුවහල් කර තිබෙනවා. බිරිඳ සහ මොහුගේ නිවුන් දරුවන් ඒ රටේ ඉද්දී මොහු ලංකාවට ඇවිල්ලා තියෙන්නේ ඩොලර් 450ක දඩයකුත් ගෙවලා. ඊයේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මොහු රැඳී සිටි පන්නිපිටියේ කුලී නිවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයෙකුගේ බිරිඳකට අයත් නිවසක්. "

සැකකරු සිදුකරන දේශන සහ ඔහුගේ අනුගාමිකයන් සම්බන්ධයෙන්ද ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී කරුණු දැක්වූවා.

" ස්වාමීනි මොහු කියන පරිදි මොහුට මේ විශේෂ විඥානය පහළවෙලා තියෙන්නේ 2016දී. පරිහානියට පත්වෙලා තියෙන ශ්‍රී ලංකාවේ වැසියන්ට නිවන අවබෝධ කරලා දෙන්න ඔහු වැඩම කළා කියලයි සැකකරු කියන්නේ. මොහුට රහතුන් වහන්සේ 41ක් ඉන්නවා කියලා ඔහු කියනවා. ඒ වගේම අනුගාමිකයන් ලක්ෂ 03ක් ඉන්නවාලු. ගුවන්තොටුපලේ සිට කැලණිය පුදබිමට එන්න ලිමෝසින් කාරය කුලී පදනමට ගන්න රුපියල් 25,000ක් වැයකරලා තියෙනවා. කැලණිය පුදබිමේ විකාරරූපි රංගනයක් කරලා තියෙන්නේ කිසිදු අවසරයක් නොමැතිව. අත්අඩංගුවට ගන්නා අවස්ථාව තෙක් මොහු කළ සමස්ත රංගන ව්‍යාපෘතියටම රුපියල් ලක්ෂ 15ක් පමණ වැයකර තිබෙනවා. මොහු කියන අගසව්වරු අතර ඉන්නවා බඩල්කුඹුර පොලිසියේ පුන්‍යසිරි කියන සැරයන්වරයා, වෛද්‍යවරු දෙදෙනෙක් සහ ඔස්ටේලියාවේ පදිංචිකාරියක්"

අනතුරුව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සැකකරුට ඇප ලබාදීමට එරෙහිව සිය විරෝධය මෙලෙස ප්‍රකාශ කළේය.

" ස්වාමිනි ත්‍රෛනිකායික මහානාහිමිවරු ඊයේ නිවේදනයක් නිකුත් කළා බුදු දහම සුරක්ෂිත කිරීම රාජ්‍ය සතු වගකීමක් වන බැවින් මෙවැනි පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. පසුගිය කාලය පුරාවටම දේවගැතිවරු, දිව්‍යපුත්‍රයෝ හතු පිපෙන්නා වගේ පහළ වුණා. දැන් මේ කියන බෝධිසත්වයා ප්‍රාතීර්භූතවුනාට පස්සේ කළුතරින් තවත් බෝධිසත්වයෙක් පහළවෙලා. මේ සියල්ල රංගන. පසුගියදා අධිකරණයට කරුණු දැක්වීමෙන් පස්සෙත් මොහු දේශන පවත්වලා කියලා තියෙනවා " මාව අත්අඩංගුවට ගත්තොත් රටටම හෙණ ගහනවා කියලා" ඒ වගේම මොහු සතු සර්වඥ ඥානයෙන් නඩු විසඳන්න පුළුවන් කියලාත් මොහු කියනවා. නමුත් ස්වාමිනි මීට කළින් දේවගැතිවරුන්ට වගේම ඔය කියන බෝධි සත්වයන්ටත් අන්තිමට ඉතුරුවෙන්නේ නීතිඥ සරණං ගච්ඡාමී තමයි. ස්වාමීනි මේ පුද්ගලයාගේ ක්‍රියාකලාපය පිළිබඳ විශාල මහජන කැලඹිමක් තියෙන නිසා ඇප දීමට නීතිපතිවරයා විරුද්ධයි. නමුත් ස්වාමිනි අපි මෙවැනි පුද්ගලයින්ට දඬුවමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ වගේ මානසික ලෙඩුන්ට අනුකම්පා කරලා බෙහෙත් දෙන්න ඕනේ. ඒ නිසා ස්වාමිනි මම අධිකරණයෙන් ඉල්ලා සිටිනවා මොහුගේ මානසික තත්ත්වය පිළිබඳ වාර්තාවක් කැඳවන්න කියලා. "

අනතුරුව සැකකාර අවලෝකිතේෂ්වර නාමයෙන් පෙනී සිටි තැනැත්තා වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංඝ ඉන්දතිස්ස මහතා ඇප අයැදුමක් ඉදිරිපත් කළා.

" ස්වාමිනි මෙම තැනැත්තා කිසිදු ආගමක්, ශාස්තෘවරයෙක් විවේචනය කරලා නැහැ. අනික ස්වාමීනි මොහු දැනට පහළවෙලා ඉන්න බුදුන් වහන්සේට නිගරු කරලා නැහැනේ. මොහු කියන්නේ බුදුවෙන්න ඉන්න බෝධිසත්වයෙක් ගැන. පහළවෙන්න ඉන්න බුදුවරු ගැන අපිට කියන්න බැහැනේ ස්වාමිනි. මෙතුමා බුදුවෙයිද, මම බුදුවෙයිද කියන්න බැහැ. හෙට උදේ නැගිටිද්දී මට වුනත් බුදුවීම ගැන සිතුවිල්ලක් එන්න පුළුවන්. මොකද දුටුගැමුණු යළි ඉපදුනා කියපු රටක්නේ මේක. මම ඉල්ලා සිටින්නේ මේ තැනැත්තාගේ ඇප ප්‍රතික්ෂේප කිරීමට තරම් වරදක් සිදුව නැති නිසා ඕනෑම කොන්දේසියක් යටතේ තම සේවාදායකයාට ඇප දෙන්න කියලා. "

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සැකකරු ඇපමත මුදාහැරීම ප්‍රතික්ෂේප කළේය.

සම්බන්ධිත පුවත් | Related News

ගල් අඟුරු සහ ඩීසල් මාෆියාව තිබෙන්නේ වර්තමාන ආණ්ඩුවේ බවත්, වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව ප්‍රනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් තිබූ සියලු අයෝජන නතර කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ඇල්කඩුව වැවිලි සමාගමේ සභාපති ධුරයෙන් සිසිර විජේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.
විශ්‍රාම වැටුප් දෙපාර්තමේතුවේ දත්ත පද්ධතිය මාස කිහිපයක් තිස්සේ බිඳ වැටීම හේතුවෙක් විශ්‍රාම වැටුප් සඳහා අයැදුම්පත්‍ර යොමු කිරීම ඇතුළු සේවා ලබා ගැනීමේදී විශ්‍රාමිකයන්ට දුෂ්කරතා නිර්මාණය වී ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ ය.
මෙරට දෛනිකව සිදුවන මරණ අතුරින් 70%ක් අධි රුධිර පීඩනය හේතුවෙන් ඇතිවන රෝගී තත්ත්වයන්ට ගොදුරුවීමෙන් සිදුවන බවට අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය පවසයි.
ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට උත්සාහ කර ඇති ප්‍රමුඛ චීන ඛනිජ තෙල් සමාගමක් වන සිනොපෙක්, ක්‍රියාත්මක කිරීම ඉදිරියට ගෙන යාමේදී බාධකවලට මුහුණ දී සිටින බව දැනට ශ්‍රී ලංකාවේ සිටින ප්‍රමුඛ චීන විද්වතෙක් ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබේ.
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග හෙට (17) දිනයේ සාකච්ඡා කිරීමට විපක්ෂයේ පක්ෂ ලේකම්වරු එකඟ වී තිබේ.
තමන් මහජන ආරක්ෂක අමාත්‍ය ධුරය දරද්දී සංවිධාරාත්මක අපරාධ කල්ලි නායක සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක හෙවත් හරක් කටා රුපියල් මිලියන 700ක අල්ලස් මුදලක් ලබාදීමට උත්සාහ දරණ ලද බව හිටපු අමාත්‍ය ටිරාන් අලස් මහතා 2023 නොවැම්බර් 04 වැනි දින සදහන් කර ඇත.
නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් “හරක් කටා” විසින් කොළඹ මහාධිකරණ භූමියේදී සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
හිටපු අමාත්‍යවරයකු වන සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකාවේ සිනොපෙක් සමාගමට බාධා එල්ල වී ඇතැයි ඉහළම චීන විද්වතෙකුගෙන් මැසිවිලි

ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට උත්සාහ කර ඇති ප්‍රමුඛ චීන ඛනිජ තෙල් සමාගමක් වන සිනොපෙක්, ක්‍රියාත්මක කිරීම ඉදිරියට ගෙන යාමේදී බාධකවලට මුහුණ දී සිටින බව දැනට ශ්‍රී ලංකාවේ සිටින ප්‍රමුඛ චීන විද්වතෙක් ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබේ.

යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්

යුද ජයග්‍රහණය සමරන මාසයේම රණවිරුව්න් දඩයම් කිරීම සඳහා පනතක් ගෙන ඒමට ඉකුත් 07 වැනිදා කැබිනට් අනුමැතිය ලබාදීම කණගාටුවට කරුණක් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..

කැනඩාව තුළ දෙමළ ජන සංහාර ස්මාරකයක් නිර්මාණය කිරීම එරට බ්‍රැම්ප්ටන් හි නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ඇගයීමට ලක්ව තිබේ.

ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටි තොරතුරු ව්‍යවස්ථාපිත කාලරාමුව තුළ ලබා නොදීම හේතුවෙන්, 2025.05.28 දින තොරතුරු කොමිසමේ පෙනී සිටින ලෙස දක්වමින් තොරතුරු කොමිසම මගින් ජනාධිපති කාර්යාලය වෙත නොතීසි නිකුත් කර තිබේ.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අත්සන් කරන ලද ආරක්ෂක සහයෝගිතා ගිවිසුම බාහිර පාර්ශ්වයක් වෙත ලබාදීමට නොහැකි බව දන්වමින් තොරතුරු නිලධාරීවරයා විසින් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබේ.

ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක

ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය නීති සංශෝධනය කරන බවත්, ජනවරමට අනුව ජාතික ජන බලවේගයට (NPP) බහුතරයක් ලැබී ඇති පළාත් පාලන ආයතනවල සභා පිහිටුවීමට අයිතියක් ඇති බවත් ප්‍රකාශ කළේය. ජනතා විමුක්ති පෙරමුණේ 60 වන සංවත්සර සැමරුමේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ජනවරම අනුව ජාතික ජන බලවේගයට පළාත් පාලන ආයතන 152 ක සභා පිහිටුවීම සඳහා පැහැදිලි බහුතරයක් ඇති බවත්, සභා 115 ක සභා පළමු රැස්වීමේ දිනයේදී පිහිටුවන බවත්ය.

රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.

චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)

ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..

බෞද්ධයන් අත්‍යාගමීකරණයට ලක්කරන බවට චෝදනා එල්ලවී ඇති චාල්ස් තෝමස් නමැති පුද්ගලයා විසින් මල්වතු විහාර පාර්ශ්වයට අයත් පාදෙණිය රජ මහා විහාරයේ දී පැවැත්වීමට නියමිත වඩසටහනක් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ විරෝධය මේ වන විට එල්ලවී ඇති බව සඳහන් කරමින් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් පාදෙණිය රජ මහා විහාරධිපති හිමියන්ට යොමුකළ ලිපියක් අප වෙත ලැබී තිබේ.

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.