News Category
From Date
To Date
Maximum Number of Result

මහනුවර ශ්‍රී දළදා මාලිගාවට ජවිපෙ පහර දුන්නේ දළදා වහන්සේ පැහැර ගන්නද?

Oct 14, 2026 at 10:10 AM
|

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ප්‍රහාරය සිදුවූයේ දළදා වහන්සේ පැහැර ගැනීමට නොව පොලිස් මුරපොලවල් 5කට ප්‍රහාරයක් එල්ලකර ආයුධ පැහැර ගැනීමටය. මේ පිළිබඳ සොයා බැලීමට මම මෙයට වසර 20කට පමණ පෙර දළදා මාලිගා ප්‍රහාරයට සම්බන්ධවීමේදී එම ස්ථානයේදී අත්අඩංගුවට ගෙන ප‍්‍රහාරය සම්බන්ධයෙන් නඩු පැවරූ තිදෙනාම නුවරට ගොස් හමුවිය. එමෙන්ම නඩුව විභාගකළ නුවර මහාධිකරණ විනිසුරු විනිසුරු නිශ්ශංක උදලාගම (එවකට විශ්‍රාමික) සහ ආරක්ෂක අංශයේ පාර්ශ්වයන්ද ප්‍රහාරයට එක්වී එයට හසුනොවූ කැරලිකරුවන් කීපදෙනෙක් සමගද සාකච්ඡා කළෙමි. මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ පොලිස් මුරපොලවල් 5කට ප්‍රහාරයක් එල්ලවූයේ 1989 පෙබරවාරි 8දාය.

ජවිපෙ 2වැනි කැරැල්ලේදී මහනුවර දිස්ත්‍රික්කයේ පොලිස් කොට්ඨාශ ජවිපෙ මගින් කලාප 8කට බෙදා තිබිණි. ඒ වත්තේගම(පාතදුම්බර, වත්තේගම, පන්විල සහ අලවතුගොඩ), උඩුදුම්බර(රංගල, උඩුදුම්බර, තෙල්දෙණිය, මාඩුගොඩ සහ හසලක), කුණ්ඩසාලේ (මැණික්හින්න සහ කුණ්ඩසාලේ/පල්ලකැලේ), මහනුවර (කටුගස්තොට සහ නුවර), හාරිස්පත්තුව (හාරිස්පත්තුව, අංකුඹුර සහ ගලගෙදර), නාවලපිටිය(ගම්පොල, නාවලපිටිය සහ පුස්සැල්ලෑව), යටිනුවර (පේරාදෙණිය, දවුලගල, කඩුගන්නාව) හේවාහැට (තලාතුඔය සහ හඟුරන්කෙත කොටසක්) වශයෙනි. 

මින් කැරැල්ල සඳහා වැඩිම පූර්ණකාලීනයින් පිරිසක් බිහිවූයේ කුණ්ඩසාල කලාපයෙනි. 1989 අගෝස්තු වන විට නුවර දිස්ත්‍රික්කයේ පමණක් පූර්ණකාලීනයින් 425ක් සිටි අතර ඉන් 62ක් කාන්තාවන්ය. ජවිපෙ ක්‍රියාත්මක වූ දිස්ත්‍රික්ක අතරින් වැඩිම තුවක්කු ප‍්‍රමාණයක් එකතුකර ගැනීමට හැකිවූයේද මහනුවර දිස්ත්‍රික්කයෙනි. ඉන් බොහෝමයක් තුවක්කු රටේ අනිකුත් ස්ථානවලට බෙදා හරින ලදී. ජවිපෙ සම්බන්ධීකරණ කාර්යාල ක්‍රියාත්මක වූයේ උඩපේරාදෙණියේ සහ ගම්පොල පාරේ අඟුනාවල කුලියට ගත් නිවාසයන්හිදීය.

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ පොලිස් මුරපොලවල් 5කට 1989 පෙබරවාරි 8 ප‍්‍රහාරයක් එල්ලකළ ජවිපෙ 2වැනි කැරැල්ලේ කණ්ඩායම් 5කට අයත් කැරලිකරුවන් 43දෙනෙකු ඒවායේ තිබූ ටී. 81 රයිෆල් තුවක්කු 9ක් සහ ටී. 56 රයිෆල් තුවක්කු 2ක් ඇතුළු ගිනි අවි 17ක් පැහැරගනු ලැබීය. මෙම මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ පොලිස් මුරපොලවල් 5හේ ප‍්‍රහාරය පිළිබඳ සැලසුම සඳහා සාකච්ඡාව පැවතියේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු වූ දිගන කොලොන්ගහවත්තේ සිරිසේන ගේ නිවසේදීය. සැලසුමේ නායකයා වූ දිස්ත්‍රික් දේශපාලන ලේකම් උපාලි ජයවීර (මානෙල්, කිංස්ලි හෙවත් නුවන් ලෙසද හැඳින්විණි) සහ ප‍්‍රහාරයේ නායකයා වූ නිකවැරටියේ ප්‍රියන්ත ඇතුළු 7ක් එයට එක්ව සිටියහ. 

දෙදිනකට පසු දළදා මාලිගයේ පොලිස් මුරපොලවල් වලින් ආයුධ පැහැරගැනීම සිදුවූ අතර එයට එක්වූ 43න් 12ක් කාන්තාවන්ය. එම කාන්තාවන් අතර මාතලේ ගංගා, මංගලිකා, නදීකා, ලිලන්ති සහ වීරසිංහද විය. කැරලිකරුවන් තැබූ වෙඩි ප‍්‍රහාරවලින් හමුදා සෙබළ හේරත් මුදියන්සේලාගේ මුතු බංඩා, ඩිංගිත්තා හේනයලාගේ ගෙදර ප‍්‍රැන්සිස්ට තුවාල සිදුවිය. ටී. 81 රයිෆල් තුවක්කු 9ක් සහ ටී. 56 රයිෆල් තුවක්කු 2ක් ඇතුළු ගිනි අවි 17ක් පැහැරගනු ලැබීය. එහිදී පැහැරගත් ආයුධ රංගල මගුල්දෙණිය නිවසක සහ උපාලි නවරත්න ගේ නිවසේ සඟවා තැබිණි. 

එම අවි පැහැර ගැනීමේදී උඩුවෙල මොනරංල සුදලිකාරගේ පද්මා චාන්දනී හෙවත් තනූජා, ඌරාපොල දියතලේ ගෙදර හීන්කෙන්ද මිදියන්සේලාගේ නවරත්න බණ්ඩා සහ මැණික්හින්න කෙන්ගල්ලේ තිලක් බන්දුල විජේසිරි අත්අඩංගුවට පත්විය. පන්විල රාජසිංහ මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලත් බන්දුල විජේසිරි ජවිපෙට එක්වූයේ නුවර වරාපිටියේ පදිංචි කුණ්ඩසාලේ සෙනෙවිරත්න මගිනි. පසුව ඒ පිළිබඳව මහනුවර මහාධිකරණය ඉදිරියේ මහාධිකරණ විනිසුරු නිශ්ශංක උදලාගම හමුවේ පැවති නඩු විභාගය අවසානයේ බන්දුල විජේසිරි 1994 ඔක්තෝබර් 19 නිදොස් කොට නිදහස් කරන ලදී. එයට අදාළ මහාධිකරණ නඩු තුනේ නියෝගද ඔබගේ පරිශීලනය සඳහා මේ සමග යොමුකර ඇත. මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ප්‍රහාරය සිදුවූයේ දළදා වහන්සේ පැහැර ගැනීමට නොව පොලිස් මුරපොලවල් 5කට ප්‍රහාරයක් එල්ලකර ආයුධ පැහැර ගැනීමට බව මේ අනුව පැහැදිලිය.

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ පොලිස් මුරපොලවල් 5කට පහරදීමේ සැලසුමේද නායකයා වූ දිස්ත්‍රික් දේශපාලන ලේකම් උපාලි ජයවීර ඇතුළු ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට තොරතුරක් සපයන අයෙකුට තෑගි පිරිනමන බව විජේවීර ඝාතනයෙන් පසු පොලිස් මූලස්ථානය 1989 නොවැම්බර් 28 නිවේදනය කර තිබිණි. නුවරඑළියේ හාවාඑළියේ නිවාස සංකිර්ණයකදී 1990 ජනවාරි 2 අලූයම 1.45ට උපාලි අත්අඩංගුවට ගැනුණේ නුවර හතරලියද්දේ ජවිපෙ නායකයෙකු සමඟිනි.අත්අඩංගුවට ගත් උපාලි කොළඹ මත්තේගොඩ ආරක්ෂක හමුදා කඳවුරට ගෙන ආවේය. 

වසර 1990 ජනවාරි 6 දක්වා මත්තේගොඩ කඳවුරේ තබාගෙන සිටි උපාලි එදින සිට මසක් දක්වා රඳවාගෙන සිටියේ මහනුවර උඩවත්ත කැලය ආසන්නයේ පිහිටි හමුදා සැපයුම් බලකා කඳවුරේය. එම කාලය තුළ “හමුදාවට සමාන ඇඳුමක්” උපාලිට අන්දවා නුවර දිස්ත‍්‍රික්කයේ ජවිපෙ කැරැල්ලට අදාළව ක‍්‍රියාකාරකම් සිදුකළ ස්ථාන රැසකට ඔහු ගෙනයන ලදී. එම කඳවුරේ තවත් ජවිපෙ කැරලිකරුවන් 21 රඳවා සිටි අතර ඔවුහු මාංචු දමා ඇඳවල්වල ගැටගසා තිබිණි. කඳවුර භාරව සිටි අයෙකු වූයේ කපිතාන් කරුණාරත්නය. 

පසුව 1990 පෙබරවාරි 09 උපාලි ඇතුළු කැරලිකරුවන් කිහිපදෙනෙක් පල්ලෙකැලේ ගම්උදාව භූමියේ පිහිටා තිබූ හමුදා කඳවුරට ගෙනයන ලදී. කඳවුර භාරව සිටි අයෙකු වූයේ කපිතාන් රත්නායකය. එහි සිටි බුද්ධි අංශයට අයත් ආරක්ෂක අංශ සාමාජිකයින් අතර ලූතිනන් නලීන් කරුණාරත්න, බුලත්සිංහල මහින්ද, නුවර සපුකොටන, හෝමාගම සේනාරත්න, මාතර ජී. පී. ඞී. ඒ. ගුණසේකර ඇතුළු 12 දෙනෙකු විය. මත්තේගොඩ කඳවුරටද දෙවරක් ගෙන ගියේය. උපාලි වධබන්ධන වලටද ලක්විය. යළිත් පල්ලෙකැලේ කඳවුරට ගෙන එන ලදී. උපාලි ඝාතනයට ලක්වුයේ 1990 මාර්තු 6 රාත‍්‍රී 11.30ට පමණය. සුදු වෑන් රියක පටවාගත් ඔහුගේ සිරැර මාදුගොඩ දුල්වත්ත පාරේ ඉලූක් පඳුරු අතර අතහැර විනාශකර දමන ලදී.

උපාලි ජයවීර ගේ බිරිඳ වූයේ දඹගල්ල පියරත්න පාසැලේ සිට පෙම්වතිය බවට පත්වූ සහකාර වෛද්‍ය නිලධාරි(AMP පසුව RMO) රත්නායක මුදියන්සේලාගේ හේමාවතිය. උපාලි ජයවීර 1989 මාර්තු 12 නුවරදී හේමාවතී සමඟ නුවන් ජයවීර නමින් අවාහ විය. මංගල ඡායාරූපය ගනු ලැබුවේ පිලිමතලාවේ ‘සමන්’ ස්ටුඩියෝ හිදීය. එම අවස්ථාවට සොහොයුරිය සුසිලා ඇතුළු පවුලේ අය සහභාගි වූහ. උපාලි මියයන විට බිරිය ගැබිණි මවක් වූ අතර දරුවා චතුර විමුක්ති 1990 ජූනි 22 උපත ලැබීය. උපාලිගේ වැන්දඹු බිරිය පසුව විවාහ වූයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති සමගය. 

හේමලතා කලක් අම්පාර පදියතලාව රෝහල,දික්වැල්ල නාකුලුගමුව රෝහල සහ දෙහිඅත්තකණ්ඩිය මාවනාවෙල රෝහල ඇතුළු රෝහල් කිහිපයකම සේවය කළාය. සිය වෘත්තීය ජීවිතයේදී "ගිලනුන්ගේ ආදරය" දිනු වෛද්‍ය හේමලතාද 2020 ජනවාරි මස පිළිකා රෝගයට ගොදුරුව දිවියෙන් සමුගත්තාය.

(ධර්මන් වික්‍රමරත්න Dharman Wickremaretne ලියයි)

මුහුණු පොතින් උපුටා ගන්නා ලදී


සම්බන්ධිත පුවත් | Related News

අද ඥානසාර හාමුදුරුවන්ගේ පා ගමනට සිවුරක් අන්දලා ජෙප්පෙක් එවලා වැඩේ කඩාකප්පල් කරන්න.
දළදා මහ කරඬුවේ රන් ආලේප කිරිම ලැකර් ගෑමක් යැයි සමාජගත කිරිමට යන නිසා රන් ආලේප කිරිමේ පින්කම පිළිබඳව නිවැරදි විස්තරයක් සටහන් කිරිමට සිතුවෙමි.
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.

ප්‍රධාන පුවත්

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්.. - කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා නඩු විභාගය ලබන වසරේ මාර්තු 24 ට

ගෞරවනීය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සම් (writ application) විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් (division bench) පත් කිරීමටත්, පෙත්සම්වල ඇති ජාතික හා ආගමික වැදගත්කම (matter of national and religious interests) සලකා බලමින් ඒවා කඩිනමින් විභාග කිරීමටත් අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.

කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්‍යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..

සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා නොසිටියානම් අද ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සිංහල නොවන බවත්, ශ්‍රී ලංකාවේ භාෂාවද සිංහල නොවන බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

යුරෝපයේ මහා පරිමාණ සංක්‍රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..

වර්තමාන ජනගහන ප්‍රවණතා අඛණ්ඩව පැවතුනහොත් ඉදිරි දශක කිහිපය තුළ යුරෝපයේ රටවල් කිහිපයක දේශීය ජනගහනය සුළුතරයක් බවට පත්වීමේ අවදානමක් පවතින බව නවතම ජනගහන ආකෘති පෙන්වා දෙයි.

මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්‍ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..

මෑතකදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගිණුම් අත්හිටුවා ඇති (freezed) වගා සමාගම්වල හිමිකාරීත්වයන් විසින් මහ බැංකුවේ නියාමන කමිටුවල සාමාජිකයින් සම්බන්ධයෙන් මේ දිනවල බරපතළ චෝදනා එල්ල කරමින් සිටී.

කතානායක ජගත් වික්‍රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?

ජනාධිපති අනුර දිසානායකගේ දැඩි කෝපයට ලක්ව සිටින කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂ මන්ත්‍රීවරුන් 44 දෙනෙකුගේ අත්සනින් යුත් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණධීර වෙත භාර දී තිබේ.

ප්‍රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..

ප්‍රංශය මේ වන විට ගිනියම් කරමින් පවතින පාසල් සිසුන්ගේ සහ තරුණයන්ගේ වීදි සටන් පිටුපස ඇත්තේ හුදු අධ්‍යාපන ගැටලු පමණක් නොව, සමස්ත යුරෝපීය බිඳවැටීම සහ ගෝලීය බලය වෙනස් වීමේ ක්‍රියාවලියක් බව දෙවන පරපුර දේශපාලන පක්ෂයේ නායක උවිඳු විජේවීර පෙන්වා දෙයි.

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..

ගෞරවනීය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාර නිලධාරීන් ඉවත් කිරීමට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් සහ කුරුන්දි ඇතුළු පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධව ඉදිරිපත් කර ඇති පෙත්සම් අද දින අභියාචනාධිකරණයේ දී කරුණු තහවුරු කිරීමට නියමිතය.

කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..

කළු ජූලිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෑතකදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ කනගාටුව සහ සමාව අයැදීම සාදරයෙන් පිළිගන්නා බව පවසමින්, එවකට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ සහ මහාචාර්ය අතුල සුමතිපාල යන මහත්වරුන් විසින් විපක්ෂ නායකවරයා වෙත විවෘත ලිපියක් යොමු කර තිබේ.

අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය මඟින් ශ්‍රී ලංකා ජනරජය තුළ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති අතර, බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සහ සුරක්ෂිත කිරීම රජයේ වගකීමක් බව පැහැදිලිව සඳහන් කර ඇති බවත්, එබැවින් බෞද්ධ ආගමික සංකේතයක් වන චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය පියවර ගැනීමේදී මීට වඩා ඉතා සැලකිලිමත්ව කටයුතු කළ යුතු වුවද, එවැන්නක් සිදුවී නොමැති බවත් ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා පවසයි.

2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, 2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළ ගොස් තිබේ.

ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ

බද්දේගම නගර ශාලාවේදී ඊයේ (11) පැවැති දේශපාලන සම්මන්ත්‍රණයක අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වත්මන් ආණ්ඩුවේ දෙවසරක පාලනය දැඩි ලෙස විවේචනය කරමින්, ආර්ථික කළමනාකරණය, විදේශ සබඳතා, බුද්ධ ශාසනය, රණවිරුවන් සම්බන්ධ නඩු කටයුතු සහ රටේ භෞමික අඛණ්ඩතාව සම්බන්ධයෙන් බරපතළ විවේචන රැසක් මතු කළේය.

ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..

රුසියානු ඩීසල් සැපයුම් සම්බන්ධයෙන් පනවා තිබූ සම්බාධක තාවකාලිකව අත්හිටුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය හදිසියේ ගත් තීරණයත් සමඟ ජාත්‍යන්තර දේශපාලන කරළිය දැඩි උණුසුම් වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡෙදය රට බවත්, දෙවන පරිච්චේඡද ආගම නොව බුද්ධාගම බවත්, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවති.

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කිරීමට නොයන ලෙසත්, ජනාධිපතිවරයා උතුරට ගොස් 'කිසිම ජාතිවාදයකට නැගිටින්න දෙන්නේ නෑ' යැයි පවසන බවත්, එසේ නම් උතුරේ නැගිටින දෙමළ ජාතිවාදය ද නතර කළ යුතු බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..

මෙරට පෞද්ගලික ඉන්ධන සමාගම් සතුව දැනට මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් ක්ෂණික ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවත්, එහෙත්, දිගින් දිගටම පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීමට සිදුවීම හේතුවෙන් ඉදිරි මාසවලදී අඛණ්ඩ ඉන්ධන සැපයුම පවත්වාගෙන යෑම සඳහා රජය පැහැදිලි උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත් ඉන්ධන ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ දැනට ක්‍රියාත්මක වන වැඩසටහන මඟින් සාර්ථකව අත්පත් කරගත් ආර්ථික ස්ථායීතාව අඛණ්ඩව ආරක්ෂා කරගනිමින්, රටේ ඉදිරි ආර්ථික වර්ධනය තවදුරටත් වේගවත් කිරීම උදෙසා ඉදිරියේදී තවත් නව එකඟතාවකට එළඹීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.